Breaking
25 Feb 2025, Tue

අවජාතක සුනඛයන් “සිංහලේ”ට එරෙහිව මඩ ව්‍යාපාරයක

රට ජාතිය ශාසනය මේ සියල්ලම අන්තයටම පරිහාණිය කරා ලංව ඇති මේ මොහොතේදී සිය බලලෝභිත්වය උදෙසා බිරිඳ දුව මෑණියන් හෝ දෙස් විදෙස් කාමතුරයන්ට වෛශ්‍යාකමේ හෝ යෙදවීමට සූදානම් අශික්ඛිත නිර්ලජ්ජිත අරාජික වූ පාලකයන්ගෙන් කවර නම් සුගතියක් මේ මොහොතේදී අප බලාපොරොත්තු වන්නද ?

mdසියලුම ජාතිමාමක බලවේග හා චරිත ඉතා සියුම් අන්දමින් පවා විනාශකොට නිහඩ කිරීමේ ප්‍රයත්නය උදෙසා සියලු බල මුළු හා කල්ලි කණ්ඩායම් සීරුවෙන් තබා ඇති මේ මොහොතේදී සිය අරාජිකත්වයන් නිසි ලෙස වටහාගෙන ඇති ඔවුන් ජාති මාමක බලවේගයන් හා චරිත අකා මකා දැමීම සඳහා ජාතිවාදී ආගම්වාදී ලේබලය එක අතකින්ද අනෙක් අතින් දේශපාලනීකරණය කළ ලේබල් ඇලවීම අනෙක් අතින්ද දරා ගනිමින් සහජීවන ප්‍රොඩාවත් සංහිඳියා මායාවත් මොනවට උලුප්පා පෙන්වන්නේ නොවේද?

සිංහලේ නිමිත්තක්ව සිය දහස් ගණනින් පිරිස් ඒ වටා රොද බඳින මොහොතේදී එවන් භීකිකාවක් ඇති වූ ජාතියක් ජම්මයක් නැති මේ අමනොඥ රැල සියලු කල්ලි කණ්ඩායම් භාවිතාකොට විශාල පරිශ්‍රමයක් දරා ජාතිවාදී ආගම්වාදි ලේබලයක් ගසා සිංහලේ විනාශකිරීමට නොදරපු ප්‍රයත්නයක් නොමැති තරම්ය ජාතියේ වාසනාවට. එයින් ඔනුන් සිතූ තරම් ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වූ තැන පුද්ගල චරිත වටකොට පහර දීමේ මෙහෙයුම යළි අරඹා ඇත. එනිසා සිංහලේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඉලක්කකොට අන්තර්ජාලය මූලික කරගෙන මෙන්ම ඉන් පරිභාහිරවද මඩ ගැසීමේ ව්‍යාපෘතියක් අරඹා ඇත.

ඒ අනුව උන්වහන්සේ පැවසූවේ යැයි නොයේක් ප්‍රකාශ උන්වහන්සේගේ ඡායාරුව සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත. අනතුරුව එම ප්‍රකාශ උපුටා ගනිමින් අන්තවාදී අවස්ථාවාදින් විසින් නිකරුනේ පදනම් විරහිතව නානාවිද මඩ ගැසීම් සිදුකරමින් පවතී.

එම ප්‍රකාශයන් මිනිසුන්ගේ සියුම් මනෝභාවයන්ට රිදවීම් දෙන අන්දමින් සිදුකිරීමට තරම් ඔවුන් දක්‍ෂ වී ඇත. ඒ අනුව කතෝලික ක්‍රිස්තියානි සිංහල ජනතාව සිංහලේ වටා එක් වීම වලක්වාලමින් ඔවුන්ගේ සිත කළකිරවන් අන්දමේ මෙන්ම මස්ලිම් හා දෙමළ ජනතාවගේ සිත් රිදවීම් ඇතිවන අන්දමේ ප්‍රකාශයන්ද අන්තර්ගත කිරීමට ඔවුන් අමතක කොට නැත. ක්‍රිකට් ක්‍රීඩාවට නිසිදු බේදයකින් තොරව සියලු දෙනාම ප්‍රිය කරති. අප දන්නා තරමට ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් සමල උන්වහන්සේ ඉතා සමීප සම්බන්ධතාවයන් පවත්වති. එවන් තත්වයක් මත ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව ආගමික වාදයක් ඇතිවන අන්දමේ පහත් ප්‍රකාශ නිර්මාණය කොට පවා මඩ ප්‍රහාරයන් දියත්කරමින් පවති. සහජීවනයේ සංහිදියාවේ යහපාලනවේ අමු නිරුවත මෙය නම් ස්වභාව ධර්මයේ විනිශ්චයට හෝ හසු වී ඔවුන් වැනසී යනු නියතිය.

14256467_1847234398840133_312762863_n (1)

14199345_1173398639400191_8916581532819543996_n

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.