Breaking
24 Feb 2025, Mon

අවුරුදු නැකත අව නැකතක් වේ…රටටත් ජනපතිටත් මාරක අපලයක්…

මෙවර අවුරුදු නැකත් සීට්ටුවේ ඇතිවූ තදබල දෝෂ හේතුවෙන් රටටත් රාජ්‍ය නායකයාටත් තදබල අපල කාලයක් උදාවනු ඇතැයි ජෝතිර්වේදීහු අනාවැකි පල කරති. මෙවර රජයේ නැකත් මඩුල්ල 2017 අවුරුදු නැකත් සාදා ඇත්තේ තත්කාල කේන්ද්‍රයේ සදු නීචව 8 වැනි රාශියේ සිටින අයුරින්ය. ඒ වගේ නැකතක් හදන්නේ අවුරුදු නැකතට නොව මෘත දේහයක් තම්පත්කල පෙට්ටිය නිවසින් එලියට ගැනීමටය.

එසේ නැත්නම් මිනිය ඉස්සීමටය. ආණ්ඩුවේ නැකත් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇත්තේ ඉදිරි වර්ෂය අපවත් කරන නැකතක නොව අවමංගල උත්සවයකට සුදුසුම නැකතකි. දැන් මේ නැකත් සියල්ල සිදුකොට හමාරය. විශේෂයෙන්ම රටේ රාජ්‍ය නායකයා මේ නැකත් ඉටු කිරීමට මුල් වුවහොත් ලිප ගිනි මොලවා කිරිබත් පිස අනුභව කිරීම හා ගනු දෙනු කිරීම සිදුකළහොත් නියත වශයෙන්ම මුළු රටම හිගමනට පත්වේ. ජනතාව පරිහානියේ පහලටම යන බව නියතයැයි ජෝතිර්වෙදීන් සහතික කොට ප්‍රකාශ කරති.

රටම මළගෙයක් වී ලේ වැගිරීම් කල කෝලහාල හා ගැලවිය නොහැකි ස්වාභාවික විපත්වලටද මුහුණ දීමට සිදුවනු ඇත. රටේ කේන්ද්‍රයද හරි හැටියට නොසලකා රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රයද නිවැරදිව නොගලපා සිදු කල නැකත් නිසා රාජ්‍ය නායකයා දැඩි අසීරුතාවලට මුහුණ දෙනු ඇත. ඔහු සමග සිටින අයටද දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇත.

ඔහු සමග එක්වන අයටද දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජෝතිර්වේදයට අනුව සනිටුහන් වී තිබේ. ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා දරුණු ප්‍රතිවිපාක වලට රටටත් ජනතාවටත් මුහුණදීමට සිදුවනූ ඇත. ආන්දුපක්ෂයේම පිරිස් අතර ඉදිරි දින කිහිපයේදීම දරුණු මත ගැටුම් හා ආණ්ඩුවෙන් ඉවත්වීම්ද සිදුවනු ඇත. රට අස්ථාවර තත්වයකට ඇද වැටෙන අතර දැඩි විදෙස් බලපෑම්ද අතපෙවීම්ද සිදුවනු ඇත.

විශේෂයෙන්ම හිසතෙල් ගෑමේ උත්සවයේදී නිල පැහැති වස්ත්රාභාරණය වෙනුවට සුදු පැලදීමත් 11.04 ට තිබු හිසතෙල් ගෑම 11.03 තත්පර 45 ට ජනාධිපතිවරයා හිසතෙල් ගෑම සිදුකිරීමත් රටට ඉතාමත් අහිතකර තත්වයක් බවටද ජෝතිවෙදීහු අනතුරු අගවති…..

අදාළ විඩියෝව පහතින් නරඹන්න

NAKATHA

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.