Featured

ආණ්ඩුවට එරෙහි වු රුවන්, සුභාෂ් සත්හඩ පුවත් පතෙන් දොට්ට….

රාජපක්ෂලා ඉලක්ක කර මඩ ගසමින් යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිපයේ ඩිල් ගොඩ දමාගැනිම සදහා ශ්‍රී නිදහස් පක්ෂ පැරෂුට් මහා ලේකම් දුමින්ද සිල්වා වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්‍රකට පච නිර්මාණකරු රුවන් ෆර්නැන්ඩස් බිල්ලට දෙමින් පටන් ගත් සත්හඩ පුවත්තේ කතෘ මණ්ඩල උපදේශ තනතුරින් සහ සම්පුර්ණ පුවත් පතෙන්ම රුවන් ෆර්නැන්ඩස් වහාම ඉවත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.

මිට අමතරව සත්හඩ පුවත් පත ආරම්භයේම සිට රාජපක්ෂලාට එරෙහිව අතේ පැලවෙන් බොරු ලියමින් පුවත් පතේ මුල්පිටුව අරක්ගත් ප්‍රදිනැන්දිස්ගේ ගොලයා වන සුභාෂ් ජයවර්ධනද වහාම ඉවත්කිරිමට සත්හඩ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

රුවන් ප්‍රදිනැන්දිස් සහ සුභාෂ් ජයවර්ධන දොට්ට දැමිම සදහා හේතු රැසක් මුලික වි ඇති අතර හදිසියේම එලවා දැමිම සදහා මුලිකවම බලපෑ හේතු මේ වනවිට අනාවරණය වි තිබේ.

ddddddපසුගියදා නුවර ගැටබේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය සහ රැස්විම ඉල්ලක්ක කර පැරෂුට් මහා ලේකම් දුමින්ද පුවත් පත් ගණනාවකම විශාල වෙළඳ දැන්විම් පලකර අතර තමන්ගේ පාලනයේ පවතින සත්හඩ පුවත්පතේ මුල් පිටුව සම්පූර්ණයෙන් අදාළ වෙළද දැන්විම පලකරන ලෙසට නියෝගකර තිබේ.නමුත් එම් දැන්විම පුවත් පතේ මුල්පිටුවේ පලකිරිම හරහා පුවත්පත අපකීර්තියට පත්වන බවත් එය දේශපාලනිකරණය වි ඇති බව පාඨ්කයන්ට වැටහෙන බවත් පවසමින් කතෘ මණ්ඩල උපදේශක වු රුවන් ප්‍රදිනැන්දිස් දැඩි ලෙස විරුද්ධ වි තිබේ.

නමුත් එම විරෝධතාවම නොසලකාම සත්හඩ පාලනාධිකාරිය 2017-04-30 පුවත් පතේ මුල් පිටුව සම්පුර්ණයෙන් සිරිසේන ජනපතිගේ පච ඇඩ් එකකින් සැරසු අතර පුවත් පතේ පුවත් සැකැස්මද සම්පූර්ණයෙන් වෙනස් කිරිමටද කටයුතු කර තිබේ.පසුව් මැයි 3 වැනිදා රැස්වු සත්හඩ පාලනාධිකාරිය රුවන් ප්‍රදිනැන්දිස් පුවත්පතේ දැරු තනතුරු සියල්ලේන්ම ඉවත් කර ඇති අතර ඊට අමතරව ප්‍රාදේශිය වාර්තාකරුවන්ට මුදල් ගෙවිමේදි මුල්‍ය වංචාවක් කල බව පවසමින් ප්‍රදිනැන්දිස්ගේ ගොලයා වන සුභාෂ් ජයවර්ධනද වහාම ඉවත්කිරිමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේවිදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මගින් ගල් අඟුරු මිලදී ගැනිමේ දී සිදුව ඇති දූෂිත ගනුදෙනුව පිළිබද දිගින් දිගටම සත්හඩ පුවත් පත හරහා රුවන්ගේ අනුදැනුම මත සුභාෂ් අනාවරණයන් රැසක් කල අතර ඒ සම්බන්ධයෙන් සුභාෂ් ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කරනු ලැබුවා.තත්ත්වය එසේ තිබියදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දුමින්ද දිසානායක හරහා ඩිල් එකක දමාගත් අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් සියඹලාපිටිය දුමින්දට ලබාදි තිබේ.

එම ඩිල් එකේ ප්‍රතිපලයක් ලෙස සුභාෂ් ජයවර්ධන පුවත්පතෙන් දොට්ට දැමිමට කටයුතු කර ඇති අතර එම මෙහෙයුම පසුපස සිටි රුවන් ප්‍රදිනැන්දිස්ද ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

Top