Featured

ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාධ්‍යට දුන්නේ මංගල -රනිල්ට වාර්තාවක්!

හිටපු ජනාධිපතිවරයකුගේ දේශපාලන පුත‍්‍රයකු විසින් ඩුබායිහි බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබිය දී එකී පරීක්ෂණ අවසන් කිරීමට මත්තෙන් පරීක්ෂණයට අදාළ තොරතුරු සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලබා දී ඇත්තේ මංගල සමරවිර ඇමතිවරයා විසින් බවට කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම විසින් අගමැතිවරයාට දැනිම් දි තිබේන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

Crucial court verdict today on West Asian secret account of VVIP’s son/ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? කෝටි 14000 ක් රට බැංකුවක දාලා? යනුවෙන් අදාළ පුවත සන්ඬේ ටයිම්ස් පුවත්පත් වාර්තාකර තිබු අතර එහි සිංහල පරිවර්තනය ලංකාදිප පුවත් පතේ පලකර තිබුනා.මෙම ගිණුම් පිළිබඳව වන පරීක්ෂණය අවසන් වනතුරු මාධ්‍යවලට ලබා නොදිය යුතු බවට එකඟත්වය පලකර තිබු අතර කිසිවෙකු විසින් අදාල තොරතුරු මාධ්‍යයට ලබාදි තිබේ.පසුව එම තොරතුරු ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලන්නයි අග්‍රාමාත්‍යවරයා ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම්දී තිබුනා.

ඒ අනුව අදාළ් තොරතුරු මංගල සමරවිර අමාත්‍යවරයා විසින් තමන්ගේ සමිපම වෙබ් ගොලයාට ලබා නොදී සන්ඬේ ටයිම්ස් කතෘට ලබාදිමට කටයුතු කර තිබේන බව අනාවරණය වි ඇති අතර එම මන්ත්‍රිවරුන් ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි තිබේ.

රනිල්-මංගල අතර පවතින ගැටුමේ ප්‍රථිපලයක් ලෙස මෙම තොරතුරු මංගල සමරවිර විසින් මාධ්‍යයට ලබාදිමට කටයුතු කර එති බවයි දැනට අනාවරණය වි ඇත්තේ.

ප‍්‍රභූ දේශපාලකයන්ට අයත් බැංකු ගිණුම් අටක් ඩුබායිහි බැංකුවල තිබෙන බවත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඩොලර් බිලියන 1.086ක් ඩොලර් බිලියන 1.8ක් සහ ඩොලර් මිලියන 500ක් වශයෙන් මෙම ගිණුම් තුනක තිබෙන බවත් ඉකුත් ඔක්තෝබර් 15 වන දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න කළා.

රනිල්-මංගල ගැටුම

අගමැති රනිල් වික්‍රමසිංහ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දියාව දකුණු ආසියානු කලාපයේ ප්‍රබලයා නිසාය. ඔහු සිය දෙවැනි නිල සංචාරය ලෙස තෝරා ගත්තේ ජපානයයි. රනිල් සිය ඉන්දීය සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධීකරණය කරගනු ලැබුවේ අගමැති කාර්යාලය හරහාය. විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහු සිය සංචාරයේ කටයුතු සඳහා සම්බන්ධ කරගත්තේ නැත.ජපාන නිල සංචාරයේදීද ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශය නොතකා හරිමින් කටයුතු කළේය. රනිල් දැන් ගනුදෙනු කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර සමග පමණි. අනෙක් කිසිදු නිලධාරියෙක් සමග ඔහු ගනුදෙනු කරන්නේ නැත.

රනිල් ජපානයට ගිය විටත් මේ ආරවුල විසඳී තිබුණේ නැත. ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ හැසිරීම ගැන රනිල් සමග ජපානයට ගිය මාධ්‍යවේදීන් පිරිසක් පැමිණිලි කර තිබුණේය.ඔය අය හැදිලා තියෙන්නේ ප්‍ලේන් පුරවලා ආවම ආවඩන්න මිස රාජ්‍ය තාන්ත්‍රික කටයුතු  කරන්න නමෛයි. තානාපති කාර්යාලයේ ඉන්න අය, විදේශ අමාත්‍යාංශයේ ඉන්න අය මට වැඩක් නෑ. අගමැති කාර්යාලයේ අය තමයි මේ සේරම  සංවිධානය කළේ රනිල් කීවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් නොතකා හරිමිනි.
රනිල් මේ ආකාරයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් නොතකාහරිමින් කටයුතු කරන්නේ ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග හිතවත් බවට චෝදනා එල්ලකරමිනි.

ඇතැම් නිලධාරීන් මහින්ද පි‍ලේ මැති ඇමැතිවරුන් සමග රහස් සාකච්ඡා කරන බවටද ඔහු චෝදනා කර තිබුණේය.විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් නොතකා හරිමින් කටයුතු කිරීම ගැන විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සිටින්නේ එතරම් ඇයි හොඳයියක නොවේ. ඔහු මේ ගැන  අවස්ථා කිහිපයකදීම රනිල් සමග සාකච්ඡා කර තිබුණේය. එහෙත් එයට රනිල්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබි තිබුණේ නැත. ඒ ගැන මංගල සිටින්නේද එතරම් හිත හොඳකින් නොවේ.රනිල් ජපානයේ සිටින අතරවාරයේදී වැඩ බලන විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය හර්ෂද  සිල්වාය. රනිල් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඇතිවී තිබෙන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ඔහුද උත්සාහ ගත්තේය. එහෙත්  එයටද රනිල්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තිබුණේ නැත.

Top