Anonymous Reporter

ආණ්ඩුවේ ඇමතිධූරවලින් ශී‍්‍ර.ල.නි.ප. ඇමතිවරු වහා ඉවත් වනු

සැප්තැම්බර් 04 වෙනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සංවත්සරය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුඵ ඒකාබද්ධ විපක්‍ෂයේ සියඵ මන්තී‍්‍රවරු වර්ජනය කල යුතු යැයි අද (27) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මිනුවන්ගොඩ ශ‍්‍රී.ල.නි.ප. ආසන බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත විය. එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වහාම ඉවත් විය යුතු බවට වන යෝජනාවක්ද මෙහිදි සම්මත විය.

අද උදෑසන මෙම බලමණ්ඩලය කදවා තිබූ අතර මිනුවන්ගොඩ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා තරුණ කාන්තා සංවිධාන නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. මෙම මිනුවන්ගොඩ එකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩලය ලෙසද නම් කර තිබුනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති, සුජීව සම්පත්, මිනුවන්ගොඩ හිටපු නාගරික මන්තී‍්‍ර නීල් ජයසේකර, නාගරික මන්ත‍්‍රී අතුල සේනානායක, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී නෙවිල් ආනන්ද යන මහත්වරු මෙම යෝජනා ගෙන ආ අතර, රැස්ව සිටි පිරිස දෙඅත් ඔසවා ඊට අනුමැතිය පල කලහ. මෙම යෝජනා සදහා ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාද අත් ඔසවා අනුමැතිය දුන්නේය.

මෙහිදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙසේයි.

01. ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව පක්‍ෂ නායකයාගේ අවශතාවය මත පමණක් එලඹුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ, එක්සත් ජාතික පක්‍ෂ, ජාතික ආණ්ඩු ගිවිසුම, වසර 05ක් දීර්ඝ කිරීමට විරෝධය පල කරන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වහාම ද්‍රෝහී ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත් විය යුතුය.

02. පාක්‍ෂිකයන් රැුක ගැනීම සහ ගමට වැඩ කිරීම සදහා යැයි කියමින් වර්ථමාන ආණ්ඩුවට එක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ගෙන් රටටවත්, පාක්‍ෂිකයාටවත්, කිසිදු සෙතක් අත් නොවූ බැවින් ඔවුන් වහා ආණ්ඩුවේ සිය`ඵ වරදාන, වරප‍්‍රසාද අතහැර තනතුරු වලින් ඉවත් විය යුතුය.

03. බටහිර රටවල් වල හා දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවය ඉටු කරමින් දිනෙන් දින රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලන විවිධ අන පනත් වලට මුවාවී ජනතාව පීඩාවට පත් කරන වත්මන් දේශද්‍රෝහී ආණ්ඩුව පෙරලා දැමීම ජාතික යුතුකමක් සහ වගකීමක් වන බැවින් සිය`ඵ බලවේග ඒකරාශී කර ගනිමින් ආණ්ඩුව පෙරලා දැමීමේ සටනට නායකත්වය දීම සදහා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවට එරෙහි පු`ඵල් ජනතා බලවේගයක් වහා ගොඩ නැගිය යුතුය.

04. පක්‍ෂය වෙනුවෙන් කැපවූ සහ ජනතා ප‍්‍රසාදය දිනූ ආසන සංවිධායකවරුන් ඉවත් කරමින් ඇතැමුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය කටයුතු කරමින් සිටින්නේ අපගේ පක්‍ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තෑගි ඔප්පුවකින් එක්සත් ජාතික පක්‍ෂයට ප‍්‍රධානය කිරීමට බැවින් ඊට විරෝධය පල කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ප‍්‍රසන්න රණතුංග මැතිතුමා, ඇතු`ඵ ඒකාබද්ධ විපක්‍ෂයේ සිය`ඵ මන්තී‍්‍රවරු සැප්තැම්බර් මස 04 වෙනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සංවත්සරය වර්ජනය කල යුතුය.

යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ බල මණ්ඩලයේ තීරණයට අනුව තමන් කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලයට සහභාගී නොවන බවයි.

හෘද සාක්ෂියට එකග දේශපාලනඥයෙකු ලෙස තමන් හැමදාමත් කටයුතු කල බවත්, තමන්ට වටින්නේ රට හා පාක්‍ෂිකයන් බවත්, කිසි දිනක වරදාන,වරප‍්‍රසාද වෙනුවෙන් තමන් රට හා පාක්‍ෂිකයන් පාවා නොදෙන බවත්, රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කලේය.ආණ්ඩුවක් නැවත පත් කරන තුරු මේ ගමනේ ආපසු හැරීමක් නැතැයි අවධාරණය කළ ප‍්‍රසන්න රණතුංග මහතා කුමන අභියෝග කළද මේ ආණ්ඩුව ගෙදර යවා මිස පස්ස නොබලන බවද පෙන්වා දුන්නේය. නව ජාතික බලවේගයක් ගොඩනැගීම ගැන මෛත‍්‍රීපාල සිරිසේන මහතා බිය පත් වී ඇති බවත් බූමිතෙල් ගෑවුනු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේ ය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

මම ජනවාරි 08 වෙනිදා මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ තොරාගත්තේ ජනතාවගේ පැත්තයි. මගේම පවුලේ උදවිය රෙදි නැතිව ආණ්ඩුවට කඬේ යද්දි තාත්තා එක්ක දේශපාලනය කරපු මම තාත්තා ආදරය කරපු පාක්‍ෂිකයන්ගේ පැත්ත ගත්තා මම එදා හිට ගත්තේ නිවැරදි පැත්තේ කියලා මට ලොකු සතුටක් තිබෙනවා.

අපේ පක්‍ෂිකයෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති වරයා විදිහට මෛත‍්‍රී සිරිසේන මහතා පිලිගන්නේ නැහැ ඔහු නිල සභාපති වුනාට අපේ පක්‍ෂයේ ඇත්ුත සභාපති මහින්ද මහත්තයයි. ඒ නිසයි අපි ඔහු සමග කටයුතු කරන්නේ හරියට රටේ නිල වශයෙන් මෛත‍්‍රී මහත්තයා ජනාධිපති වුනාට ජනතාවගේ ජනාධිපති මහින්ද මහත්තයා වගේ.
රනිල් වික‍්‍රමසිංහගේ මේ යහපාලන ආණ්ඩුව අද හොරකමේ උපරිමයට ගිහිල්ලා නයට සල්ලි ගන්නේ මේ හොරකම් වලින් වන පාඩුව නැති කර ගන්නයි. දෙමල ඩයස් පොරාවේ අවශ්‍යතාවය තමයි මේ ආණ්ඩුව ඉටු කරමින් තිබෙන්නේ ආන්ඩුව අද රූකඩයක්.

එකාබද්ද විපක්‍ෂයේ ඉන්න මන්ත‍්‍රීවරුන්ව හිරේ දාන්න ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදනවා හැබැයි අපිත් එක එක වෙට්ටු දාදා එවයින් තෙරෙනවා අපි වැරදි කරලා නැති නිසා අපි මේ තර්ජන වලට බය නැහැ යකාට බය නං සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. ඒ නිසා තර්ජනය කරලා බය කරලා හිරේ දාලා මේ ආණ්ඩුවට විරුද්ධව අපි ගෙනයන සටන නතර කරන්න බැහැ. නතර කරන්න බැහැ නතර කරන්නෙත් නැහැ.

අද ඇමතිවරුන්ට අමු කැවිලා කරන තරමක් කරන්නේ පිස්සු වැඩ යහා පාලනය කිය කියා රටම විනාශ කරනවා මේ ආන්ඩුවට තව දුරටත් බලයේ ඉන්න දුන්නොත් ඒක අපි කරන බරපතල වරදක් රෙදි නැතිව ආන්ඩුවට කඬේ යන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිල් අලි පැටව් අපිට විරුද්ධව මඩ අවලාද නගනවා. රටේ ජනතාව දන්නවා ඇත්ත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තියෙන්නේ මෛත‍්‍රී පාලන මහත්තයාගාව නැත්නම් මහින්ද මහත්තයා ගාවද කියලා.

අද අපේ තාත්තාට ලොකුම අපහාසහ කරන්නේ අර්ජුන අයියා තාත්තා මැරුනේ මහින්ද මහත්තයා නිසායැයි ඔහු බොරු කියනවා අර්ජුන අයියා කවදාවත් තාත්තා එක්ක දේශපාලනය කෙරුවේ නැහැ. ඒ නිසා ඔහු ඇත්ත දන්නේ නැහැ. තාත්තා පක්‍ෂය වෙනුවෙන් තනතුරු පුජා කරපු කෙනෙක් මහින්ද මහත්තයා නියෝජ්‍ය කථානායක කම ගන්න කිව්වත් තාත්තා ඒකට කැමති වුනේ නැහැ. මොකද අර්ජුන අයියා ඒ දවස්වල රටේ මතයක් හැදුවා ඇමති කම් වැඩියි කියලා අයියා මෙහෙම තාත්තට අපහාස කරන එක මම කනගාටු වෙනවා.

අර්ජුන අයියා කියලා තියෙනවා. මගේ දේශපාලනය ගැන දන්නේ නැහැ කියලා මගේ දේශපාලනය තාත්තාගේ දේශපාලනයයි. තාත්තා මේ රටට පක්‍ෂයට ආදරය කළා. එකපාරක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අනිත් පාර සරත් ෆොන්සෝකාගෙන් ඊලග පාර යූ.එන් පී එකෙන් ඡුන්දේ ඉල්ලපු අර්ජුන අයියාගේ දෙශපාලනටයි ප‍්‍රතිපත්තියක් නැත්තේ වරායේ වෘත්තිය සමිති අර්ජුන අයියාගේ යහාපාලනය ගැන පහුගිය කාලේ හරි අපූරුවට කියලා තිබුනා අපේ අම්මාමුත්තගෙත් පළු අරිනවා අද මේ අයියා කරන වැඩ නිසා.මහින්ද මහත්තයාට හොරා හොරා කිව්වට අද ජාත්‍යන්තර හොරු කව්දැයි මුළු රටම දන්නවා. ඒ හින්දා මේ බොරු කාර ආන්ඩුව වහාම ගෙදර යවමු.

ප‍්‍රදීප් අනුර කුමාර.

Top