Breaking
24 Feb 2025, Mon

“ආනන්ද සර්පයා දුටුවේද?” රාජිතගේ ප්‍රකාශයෙන් මව්බිම සුරකීමේ ජාතික සංවිධානය මහින්දට දෙහි කපයි…

Published on: Nov 29, 2017 – පසුගියදා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දුන් ලණුවක් කෑ නාරාහේන්පිට අභයාරාමාධිපති මව්බිම සුරකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතව මැතිවරණයට ඉදිරිපත් විමට දරණ උත්සහයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

හෙද හෙදියන් 1629 ක්, හෙද උපාධිධාරීන් 76 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 168 ක්, ඇතුලු තවත් ක්ෂේත්‍ර සඳහා 2145 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්ව සිටි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතර ශ්‍රිලනිප මෛත්‍රී පිළ සහ මහින්ද පිළ අතර සංහිදියාව පිළිබඳව විමසා ඇති අතර එහිදි අමාත්‍යවරයා ආනන්ද හිමිට පවසා ඇත්තේ…..

“අන්තිමට ඒ අය එකට එකතු වෙයි… හාමුදුරුවන්ට යන එන මං නැති වෙයි…..මට අහන්න තියේන්නේ හාමුදුරුවනේ…. ආනන්ද සර්පයා දුටුවේද? කියලා විතරයි හාමුදුරුවනේ …..” යනුවෙන් රාජිත පවසා තිබේ.

පසුව ආනන්ද හිමියන් මෛත්‍රී පිළ සහ මහින්ද පිළ අතර සංහිදියාව පිළි ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු සමග සාකච්ඡාකර ඇති අතර පසුව ඔහුන් සමග මෛත්‍රී පිළ සහ මහින්ද පිළ අතර එකතුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබේ.

 

තනතුරු රැකගැනීමට බලා සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ශ්‍රීලනිප ඇමතිවරුන් හා එක්විය යුතු බව පැවසුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිප හා එක්වුව හොත් රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශීර්වාදය සහ සහාය නොලැබෙනු ඇති බවටයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ තර්ජනය කර ඇත්තේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.