Featured

ආරක්ෂක අමාත්‍යාංශය බලය රනිල් ගත යුතුයි

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පැවතියද එහි තින්දු තිරණ ගැනිමේ හැකියාව බලවත් ලෙස ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තබාගත යුතු බව පසුගියදා ලංකාවේ සංචාරයක යෙදුනු ඇමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තමන්ට පැවසු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසා තිබේ.

ජාත්‍යන්තර විශ්වාසය ඇත්තේ තමන් සම්බන්ධව පමණක් බවත් ජාතික ආණ්ඩු ඇතිවුවද ඒ හරහා රටට හොද කාර්යභාරයක් සිදු වේ යැයි තමන් විශ්වාස නොකරන බවද නීෂා බිස්වාල් පැවසු බව මංගල සමරවීර සදහන් කර තිබේ.

මීට පෙර ඇමරිකාව දේශිය පරීක්ෂණයකට විරුද්ධත්වය පල කල අතරම නව රජයේ පත්වීමත් සමගින් ඇමරිකාව දේශිය පරීක්ෂණයකට සහයෝගය දැක්වීම සුවිශේෂ බවත් එ හරහා සැබෑම යුධ අපරාධකරුවන් හදුනා ගැනිම පහසු වනු ඇති බවද ඇය සදහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවැති සැසියට ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර යුද්ධය පැවැති අවසන් සමයේදී සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුය යන්න එහි අවසාන යෝජනාව විය.

Top