All

ආරක්ෂක ලේකම්ගේ මජර වැඩ මෙන්න! රනිල්, සාගල නිහඩ ඇයි!

ආරක්ෂක ලේකම්තුමනි ඔබට කතා කලයුතු භාෂාව මෙය නොවනමුත් පාඨක රසාස්වාදය උදෙසා වචන භාවිතයේදී අප දෙපාරක් සිතන්නෙමු. ඔබ විසින් සිදුකර ඇති සිදුකරමින් පවතින තුට්ටු දෙකේ  පජාත වැඩ හිරිකිතයකින් තොරව ලිවීමට අපහසු මුත්  ඔක්කාරයට එන තරම් පිලිකුල් සහගත ඔබගේ ක්‍රියාවන්  ඇඟේ මාළු නටන කකියන ලේ අමාරුවෙන් සන්සුන් කරගෙන හික්මීමෙන් වචන හසුරුවනුයේ අමාරුවෙන් එල්ලාගෙන සිටින ඔහේගේ ආරක්ෂක ලේකම් පට්ටමට බයෙන් නොවන බව  සිහියේ තබා ගනු ඇතැයි අප විශ්වාස  කරනෙමු.

පුරවැසියන් ලෙස ආරක්ෂක ලේකම් සමග අපට විසඳාගැනීමට  ප්‍රශ්න  පත්තරයක්ම ඇතිමුත් ඒ අතුරින්  ඉක්මනට විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් පමණක් මෙම ලිපියෙන් යොමු කරන්නෙමු.

යළි නොදකිමු දිඝවාපිය

මේජර් නදිරා විජේසිංහ හට රුපියල් කෝටි ගණනින්  සංසරණය වන දිගවාපි ගිණුම භාර දෙනු ලැබුවේද ? එසේ දෙනු ලැබුවේ නම් ඇය   ගණකාධිකාරීවරියක් ද? එසේත් නොමැති නම්  කෝටි ගණනක මුදලක වගකීම ඇයට දීමට තරම් ඇය ඔබේ කවුරුන්ද ?

සිරි ලංකාවේ විධායකය නිකුත් කර ඇති  මූල්‍ය අණපනත් නීතිරීති පීච්චියකට මායිම්  නොකර කෝටි ගණනින් රාජ්‍ය මුදල් සහ දේශීයව  මෙන්ම විදේශීයව දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණයට ලැබෙන පරිත්‍යාග මුදල් රිසිසේ හිතූ පැතූ විදිහට වියදම් කරමින් යටි මඩි ගසා ගැනීමට ඉඩ දීම සබැඳිව පුරවැසියන් ලෙස සාධාරණ සැකයක් අපට ඇත.බුදු දහම වෙනුවෙන් මරාගෙන  මැරෙන්නකුසේ ගිරිය කඩාගෙන අඩි පොළොවේ ගසමින් දබරැගිල්ල  දික් කරමින් වචන රචනා කරන ගුණරත්නට දබරැඟිල්ල සමග අනිකුත් ඇඟිලි හතරම  අධෝමුකයේ ගසාගෙන කටින් මලපහ කිරීමට අපගේ අනාවරණය  ප්‍රමාණවත්යැයි සිතනෙමු.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කොතෙකුත්  වරලත්  ගණකාධිකාරිවරුන් සිටියද ගිණුම්කරණය පිළිබඳ අබ මල් රේණුවක තරම්වත් දැනුමක් නොමැති මේජර් නදීරා විජේසිංහ දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ ගිණුම බාර නිළධාරිනි ලෙස පත්කළ  එක ගලෙන්  කිරිල්ලිටයි ගිණුමටයි දෙකටම ගසා ඇති බව දන්නෝ දනිති.

සෙමෙන්  සෙමෙන් ප්‍රතිසංස්කරණය වන දිඝවාපිය සහ දවසට දෙකට  මහරගම ඉදිවන ගුණරත්නගේ  මාලිගාව මෙන්ම  අවිවාහක මේජර් නොදිරා විජේසිංහගේ  නවතම මෝටර් රථය ඇඩ්රස් නැති තැනටම දෙකටම ගහපු ගැහිල්ල ඔප්පු කර හමාරය.මිලදී ගැනීමේ රාජ්‍ය පටිපාටි ටෙන්ඩර් අමු අමුවේ බ්ලෙන්ඩර් කර කොමිස් කුට්ටි වලට තුට්ටු දෙකේ බඩු ගන්නා ගුණරත්නගේ බඩුව කියන ඕනෑම තුප්පහි දෙකයි පනහේ වැඩක් කිරීමට ගුණරත්න දෙපාරක් නොහිතන්නේ දෙකේම රස දන්නා බැවිනි.

අටමස්ථානය  කුපිත කළ සඳහිරුසෑයේ ගැහිල්ල.

සඳහිරු සෑය ගෝඨාභය රාජපක්ෂ විසින්  මීට වසර එකහමාරකට පෙර විවෘත කර සාසනයට පූජා කළ මුත්  අටමස්ථාන භූමියේ ඉදිවූ එම චෛත්‍යය අටමස්ථානයට බාර දුන්නේද ? භාර නොදුන්නේ නම් ආරක්ෂක ලේකම් ලෙස බලය අයුතු ලෙස භාවිතා කරමින් සඟසතු පූජා භූමියක් ඔබ යටතේ  තබාගැනීමට අවසර දුන්නේ කවුරුන් විසින්ද? සඳහිරු සෑයට දේශීයව සහ විදේශීයව ලැබෙන ආධාර මුදල් ආරක්ෂක  ආරක්ෂක අමාත්‍යාංශයේ ඔබ යටතේ තබා ගන්නේකුමන චක්‍රලේඛයක් අනුවද?

සඳහිරුසෑයේ සියලු වැඩ නිම කර තිබියදීත් මහා  විහාරයේ භූමිභාගයක ඉදිවුණු මෙම චෛත්‍යය  ශාසනයට පූජා නොකර  ගුණරත්නගේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම අටමස්ථානාධිපති ඇතුළු මහා සංඝරත්නයේ දෝෂදර්ශනයට ලක් වී හමාරය. රණවිරුවන්ගෙන්ම ගොඩ ගිය ගුණරත්න කවදත් රණවිරුවන්ටම කෙලින්න ජාතකවු පජාත තිරිසනෙකි.  රට වෙනුවෙන් දිවිපිදූ  උදාර රණවිරුවන්ට පින් පිණිස ඉදිවූ සඳහිරුසෑයේන් ගහපු සහ ගහන ගැහිලි සාක්ෂි ඇතිවම ඔප්පුවී හමාරය. සිද්ධස්ථානයක් වන සඳහිරු සෑය සාසනයට  පූජා නොකර තමා භාරයේ තබා ගනිමින් ලැජ්ජාවකින් හිරිකිතකින් තොරව දිගින් දිගටම වවාගෙන  සොරා කන අධෝමුඛයෙන් ජාතකවූ  පාපතරයා එම භූමියේම  බහිරවයෙකු වී උපදින බව  අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලා එළිපිට පවසයි.

ළමා අපචාර සිදු කළ අසහනකාරයා

ගුණරත්න ඔබ ළමා අපචාර  කළ බව පිළිගන්නවාද ? පිළි නොගනී නම් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙ WCIB11  96/80   යටතේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  බී වාර්තා අංක B3219/18 යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ  ළමා අපචාර සම්බන්ධව ඔබට විරුද්ධව පවරා තිබූ නඩුව කුමක්ද ?

මූල්‍ය ආයතන  සීසර් ජොබ්  එකට දෙවෙනි නොවන රෝයල්  ඉන්ස්ටටියුට් ජාත්‍යන්තර පාසලේ  පාසැල් ගාස්තු ප්‍රමාද සිසුන්ගෙන් එම ගාස්තු මුදල් නිවෙස් වලට ගොස් සද්දයක් දමා බලහත්කාරයෙන්හෝ එකතු කිරීම ජීවන වෘත්තිය කරගත් මොළේ කළඳක් නැති සද්දන්ත මිනිසා ආරක්ෂක ලේකම් කිරීම  තමන්ට සිදුවූ ලොකුම අත්වැරැද්ද ලෙස  පසුතැවෙන ගෝඨාභය  අදටත් තමා හමුවට පැමිණෙන සියලු දෙනාටම පවසන පොදු කරුණකි.

මන්ද මානසිකත්වයෙන් පෙලෙන මෙම උමතු රෝගියා විසින්  සිදුකරන ලද ළමා අපචාර සම්බන්ධව  එම ජාත්‍යන්තර පාසලේ දෙමාපියන් විසින් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙ WCIB11  96/80   යටතේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  බී වාර්තා අංක B3219/18 යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු  දැක්වීමෙන් අනතුරුව එම පරීක්ෂණ යට ගැසීමට  මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ගුණරත්නගේ සහෝදරයා වන පොලිස් අධිකාරි අමිත් ගුණරත්න සමත් විය. 

මහරගම සුවිසල් මන්දිරය

ගුණරත්න ඔබ මහරගම ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක් ඉදි කරනවාද?එම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ යුද හමුදා සාමාජිකයන් විසින්ද ?මන්දිරය ඉදිකිරීමට අනවසරෙන් කම්කරු සේවයේ යෙදවූ යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෙබලෙකු  වහලෙන් වැටී මියගියේද ?
ආරක්ෂක ලේකම් වීමට මත්තෙන්  යාමට ඒමටවත් හරිහමන් වාහනයක් නොතිබූ  ගුණරත්න අටවාගත්  මෝටර් රථයක ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සඳහා  විශ්‍රාමික රණවිරුවන් සංවිධානය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරක්ගැසූ අතර එම වාහනයට තෙල් ගසා ගැනීමටවත්  වත්කමක්  නොතිබුණු  උන්නැහේ  අනුරාධපුර නගරයේ රෙදි කඩ මුදලාලි කෙනෙකු වන ගලෙන්බිඳුනුවැව පදිංචි තරිඳු නම් ව්‍යාපාරිකයකුගෙන්  ඉන්ධන සඳහා ණයට මුදල් ගෙන මේ වන තෙක්ම එම මුදල් ගෙවීම පැහැරහැර ඇත.එවන් අතීතයකට හිමිකම් කියන්නෙකු කෝටි ගණනක මුදල් වැය කරමින් සුවිසල් මන්දිරයක්  මහරගම ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් සිදුකළ යුතුය.අපි වෙනුවෙන් අපි, දීඝවාපි, සඳහිරු සෑය  අර මුදල් ආධාර වලට සියුම්ව  විදපු බවක්ආරක්ෂක අමාත්‍යාංශය  තුළින් ඇසෙන කසුකුසු අතර වීම අපගේ සැකය තවත්  තවත් තීර්ව  වීමට බලපෑවේය.

කිසිම අවසරයකින් හිරිකිතකින් තොරව නිලයේ බලය අවභාවිතා කරමින් ඉංජිනේරු සේවා  රෙජිමේන්තුවේ සෙබළුන් වහල් සේවයේ  යොදවමින්  ඔහුන්ගේ ලේ දහඩිය මතින් පමණක් නොව එක් සෙබලකුගේ සැක සහිත මරණයක් මතින් ඉදිවෙන මෙම මන්දිරය පිළිබඳව කෙදිනක හෝ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ  අයුක්තිය  අසාධාරණය  මෙන්ම රාජ්‍ය මැර බලයේ  බිත්තර කට්ටෙන් ගුණරත්නට සුවිසල් මන්දිරය වසා සැඟවිය නොහැකි නිසාය

මෙම ඉදිකිරීම  අතරතුර මිය ගිය සෙබලා යුධ හමුදා රෝහලට රැගෙන නොගොස් ඉඳුරාම ජාතික රෝහලට රැගෙන යමින් වසන් කල අබිරහස  කුමක්ද ?මෙම අහිංසක සෙබලාගෙ යැපෙන්නන් හට කිසිදු වන්දි මුදලක් අද වෙනතුරුත්  නොලැබී  ඔවුන් අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ මෙම මරණය හමුදා සේවයට අදාල නොවූ මරණයක් වන බැවින් අතර ගුණරත්න නිසි අවසරයකින් තොරව මියගිය සොල්දාදුවා වහල් සේවයේ යොදවා තිබීම ඊට හේතුවයි.

පරීක්ෂණ කණපිට ගහන්න හමුදා උසාවියට බලපෑම්

ඔබ ඇසුරු කරන මේජර් නොදිරා  විජේසිංහගේ කීම මත සෙබළුන්ගේ ආහාර සොරකම් කර දින 14ක් චෝදනා ඔප්පුවී සිර අඩස්සියේ සිට පැමිණි දූෂිතයකු නැවත එම තනතුරට පත්කලේද ? එම දූෂිතට විරුද්ධව ක්‍රියාත්මක වන හමුදා උසාවියට බලපෑම එල්ල කර දූෂිත අණදෙන නිලධාරිවරයා නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේද?

සෙබළ සෙබළියන්ට මාධ්‍ය තහංචි දමා  පැය 24ක් යාමටත් මත්තෙන් මහජනතාවගේ බදු මුදල්වලින් ඔහුනට ලබාදෙන තුන්වේල එක වේලකට කටට දෙකට ගිල  දමා  දවස් දාහතරක් කූරු ගණන්කර හිරිකිතකින් තොරව  කිරෙන් නාවලා ගෙට ගත්ත මේජර් ප්‍රසන්න වන්නිආරච්චි  හමුදා නීතිය උඩුයටිකුරු කරමින්  නැවතත් අණදෙන නිලධාරි  අනතුරේ හිද වූයේ හමුදාව පජාත කර දැමූ මොලේ  කලඳක් නොමැති සද්දන්ත මී හරකා විසින් බව උදේ හවස ගුණරත්නගේ මවට පින්දෙන සෙබළු සෙබල සෙබලියන් පවසති.

මෙම දූෂිත  අණදෙන නිලධාරිවරයා මෙන්ම ආහාර මංකොල්ලයට සහ සම්බන්ධවූ මේජර් ජෙනරාල් මෙත්තානන්ද යුධ අධිකරණයකට පමුණුවා හමුදාවෙන් නෙරපා  දැමීමට ක්‍රියා කිරීම වෙනුවට  දූෂිතයන් ගොඩදැමීමට  ගුණරත්නගේ මෙහෙයවීමෙන්  මූලික  පරීක්ෂණයක් ආරම්භ කර ඇත.යුද හමුදා සේවා බලකායේ මේජර් ජෙනරාල් වරයකු බ්‍රිගේඩියර්වරු දෙදෙනෙකු සහ කර්නල්වරුන් හතර දෙනෙකුගෙන් සමන්විත දූෂිතයන් ගොඩදැමීමේ  මෙම මණ්ඩලය ඉදිරියේ මේ වන විට වැරදිකරුවන්වී ඇත්තේ  තමාගේම බත් පත මංකොල්ලකෑමට ලක්වුණු  අහිංසක සොල්දාදු උන්නැහැලා වීම හාස්‍යයට කරුණකි.

නදීරා විජේසිංහ ඉදිරියේ දණින් වැටෙන තුට්ටු දෙකේ ආරක්ෂක ලේකම් මූලික පරීක්ෂණ උසාවියට බලපෑම් කරිමෙන් අණ කර ඇත්තේ සාක්ෂි උඩු යටිකුරු කරමින්  වෙනත් නිලධාරියකු පිට වරද පටවා දූෂිත අණදෙන නිලධාරිවරයා හොරා කන විට අණදෙන නිලධාරී තනතුරට පත්වී සති දෙකක්  පමණක් බවට පුහු තර්කයක් ගොඩනඟා ඔහුව නිදොස් කොට නිදහස් කරන ලෙසටය.

දුෂිත අණදෙන නිලධාරිවරයා සියලු චෝදනා වලින් නිදහස් කර ගැනීමට තම යට සායේ යට සිටින ලේකම්ගේ සහය ලබාගත් බවට පම්පෝරි ගසන මේජර්  නදීරා විජේසිංහ ලීක් කරගත් හඬ පටද නොබෝ දිනයකින් එළි දකිනු ඇත.

යුධ හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මන්ඩලයේ අධ්‍යක්ෂවරයාට අනුව මෙම ආහාර මංකොල්ල හේතුවෙන්  සෙබල සෙබලියන් විශාල ප්‍රමාණයකට දින කිහිපයක්  කුසගින්නේ සිටීමට සිදුවී ඇති අතර ඒ අතුරින්  උසස් පෙළද සමත්ව සාමාන්‍ය සෙබළුන් ලෙස යුද හමුදාවට බැඳුණු  ද සිල්වා VSDD / හේරත් USD /  දසනායක SGG /  දිනෙක HNP /  හසන්ත RR /  මධුසංඛ KMA / ද සිල්වා KDL / සමරකෝන් SMD /  සමන්මලී KAS / නොදිරා CM /  ඉසුරු කුමාර MP /  ජයසිංහ JPPI /  ඇන්තනී SC /  චරිත් SHAM /  රණතුංග DBB / ප්‍රදීප් KAA  ඇතුළුකොට 100 ක පමණ සෙබල සෙබලියන් පිරිසක් සිටි බව වැඩිදුරටත් සඳහන් කළේය.

ගුණරත්න ගේ බලපෑමට නතුවූ හමුදා උසාවියේ කැකිල්ලේ නඩු තීන්දුව අනුව නම්  කී නොකී මේ සෙබළ සෙබළියන්ගේ බත් පිඟානෙ බහිරවයා දැමුවා විය හැක. එසේ අප අනුමාන කර පරිප්පුයි බතුයි  පමණක් ඇති බත් පිඟාන ජනාධිපතිතුමාට පේන්න ශෙයා කරන්න කියලා සංවේදීව ජනතාවගෙන් ඉල්ලා සිටී මුත් ජනාධිපතිගෙන් හෝ බලධාරීන් කිසිවෙකුගෙන් කිසි දිනෙක සාධාරණයක් ඉටු නොවන අහිංසක දෙමාපියන්ගේ දූ පුතුන්  වන සෙබළ සෙබළියන්ට වතුර බී බඩ පුරවා ගන්නා ලෙස  කණගාටුවෙන් වුවද ප්‍රකාශ කර සිටියෙමු.


ආරක්ෂක ලේකම් නිල නිවසේ අයිස් 

නිල  නිවසට ගෙනවිත් ඔබගේ  සහායකයෙකු විසින් අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේද? කළේ නම්  එහි වගකීම ඔබ භාර ගන්නේද ?නොඑසේ නම් තම නිල නිවසේ ආරක්ෂාව සපයාගත නොහැකි ආරක්ෂක ලේකම්වරයෙක්  ජාතික ආරක්ෂාව සලසන්නේ කෙසේද?

රටේම මත්ද්‍රව්‍ය එක රැයෙන්  දුරු කිරිමට කටමැත දොඩවන ගුණරත්නගේ මොළේ කළඳක් නැති සද්දන්ත ශරීරය සම්බාහනය කරන බඩියා වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් මධුශංක තමාගේ  රෙද්ද  අස්සෙම අයිස් ගෙනවිත්  ගහන බවට දැනගැනීමට අවුරුදු දෙකක්  ගත උනානං ජාතික ආරක්ෂාව පිළිබඳ කුමන කතාද?

යුධ හමුදා තූර්ය වාදක අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාට විනයානුකූලව ක්‍රියාකරමින් දඩුවම් ලබාදීමට කටයුතු කළ එම අධ්‍යක්ෂ  මන්ඩලයේ අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර්  රොහාන් බෙන්ජමින්  පැය 24ක් යාමටත් මත්තෙන් අසාධාරණ ලෙස ඉවත්කළ  ගුණරත්න තමාගේ බඩියා  තම නිල  නිවසටම අයිස් ගෙන්වා  ගසන පසුබිමක කෝට් බෑයක් දමා  ලේකම්  පුටුව තවදුරටත්  රත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැත.


ගුණරත්නගේ හමුදා පාතාලය  

ඔබ යටතේ සිටින කර්නල්වරයෙකු ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ගිනි අවි සමග වසරකවත් සේවා කාලයක්  පළපුරුද්දක් නොමැති හමුදා සාමාජිකයන් සිවිල් ඇඳුමෙන් මිනිසුන් බහුලව ගැවසෙන බොරැල්ල ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබේද ?පසුගිය දිනක එවැනි පළපුරුද්දකින් තොර  හමුදාවේ සාමාන්‍ය සෙබළුන්ට දෙනෙකු හට  පිස්තෝල ලබාදී ඔබගේ අවශ්‍යතාවයක් ඉටුකරන ලෙස අණ දුන්නේද?එම සෙබලුන් හට වෙඩි තැබීමට  නියෝග ලබා දුන්නේ කවුරුද ?පළපුරුද්දක් නොමැති සාමාන්‍ය සෙබළුන්  දෙදෙනා ගේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ දෙදරු මවගේ මරණය වගකීමක් ඔබ භාර ගන්නේද?

අරගල සාමාජිකයන් මර්දනය කිරීමට දේශපාලන පළිගැනීම් සිදු කිරීමට මෙන්ම ගුණරත්නගේ තුට්ටු දෙකේ ආසාවන් සංසිඳවන ගණිකාවන්ගේ අවශ්‍යතාවයන් මත නොයෙකුත් පුද්ගලයන් මට්ටු කිරීමට ජාතික ආරක්ෂාවේ ලේබලය අලවා ත්‍රස්තවාදය වළක්වා ගැනීමේ බැටලු පොරවා අනීතිකව බලය පාවිච්චි කරමින්  බොරැල්ල ප්‍රදේශයේ  ගිනි අවිද සමග  සිවිල් ඇඳුමෙන් වෙස්වලාගත් හමුදා සාමාජිකයන් ස්ථානගත කර ඇත ගුණරත්නගේ  කොටි වලිගය බැටලු හම අස්සෙන් පෙනුණේ  දෙදරු මවකගේ ම්ලේච්ඡ  ඝාතනයෙන්  පසුවය.

යුධ හමුදා නීතියට  මෙන්ම හමුදා බුද්ධි අංශ නීතියට අනුව ගිනි අවියක් රැගෙන යන විට නිලධාරියකු හෝ  කොමිෂන් නොලත් නිලධාරීවරයෙකු එම අවිය සමග අනිවාරයෙන්ම සිටිය යුතුය. හමුදාවේ ජෙනරාල්වරයකු වන ගුණරත්න මේ පිළිබඳව නොදන්නවාද නොවේ. වසරක සේවා කාලයක් සපිරි හයක් හතරක් නොදන්නා වගකීම් විරහිත සෙබළුන් දෙදෙනකු හට ගිණි අවි ලබා දීම තුලින් සිදු වූ මෙම කෲර ඝාතනයට ගුණරත්න වගකිව යුතුය.  පුරවැසියන් ලෙස අපට ඇසිය යුතු  ප්‍රශ්නයක් නම්  තිවිද හමුදාවේ පොලිසියෙ නැතහොත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හට ගිනි අවියකින් වෙඩි තබනවා නම් ඒ සඳහා නියෝග දිය යුත්තේ එම  හමුදාවන්හි ප්‍රධානීන් විසින් වන අතර  හමුදා ප්‍රධානීන්ට ඒ සඳහා නියෝග ලැබෙන්නේ ආරක්ෂක ලේකම් මගිනි එසේනම් සෘජුව  මෙන්න වක්‍රව මෙම ඝාතනය වගකීමක් ගත යුත්තේ  මොළේ කළඳක් නොමැති සද්දන්ත මිනිසා නොවේද ?

රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක නිහඩ ඇයි.


ජාත්‍යන්තර පාසලක  ප්‍රමාද පාසල් ගාස්තු  බලහත්කාරයෙන්  එකතු කරපු දඩබ්බර , හිතුවක්කාර  අයුරින්ම ත්‍රිවිධ  හමුදාපතිවරුන් විශේෂයෙන් යුධ හමුදාපති හට බලපෑම් එල්ල කරමින් දෙනු ලබන ගොන් ආතල් ජනාධිපතිගේ මැදිහත් වීමෙන් හෝ දැන්වත් නතර කළ යුත්තේ දූෂණය තම භූමිකාව කරගත්  මෙවැනි උන්මත්තකයකු හට ත්‍රිවිධ හමුදා  අභිමානයේ  කන්‍යාවිය තවත් එක් ගැහැනියක් පමණක් බැවිනි.

රනිල් වික්‍රමසිංහ සේනාධිනායකයා ලෙස දැන්වත් කඩුව අතට  ගෙන මොහුගේ ලේකම් පට්ටම ගලවා එකී නොකී දූෂණ සියල්ල නවතා දමා  එකිනෙක දූෂණය සැබැදිව  ස්වාධීන පරීක්ෂණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය අල්ලස් හෝ දූෂණ කොමිසම  විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ සිදුකර  නන්දිකඩාල් බොරුවෙන් හෙළුව වසා ගත් ගුණරත්නගේ සැබෑ නිරුවත  සැමට හෙළි කිරීමය.නදීරා විජේසිංහට සහ ගුණරත්නට  වස්සානයේ දීඝවාපිය සිහිනය දැකීමට ඉඩ නොහැර දීඝවාපිය යථාර්තයක් කිරීමට කටයුතු කළ යුතු  රනිල් වික්‍රමසිංහ  ආරක්ෂක ලේකම්ගෙන් ත්‍රිවිධ හමුදාවම ගලවා ගැනීමට නොපමාව ක්‍රියා කළ යුතුය.

වික්‍රමසිංහ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායකට කිරිමට දෙයක් ඉතුරු වී නැති තැනට පත්කළේ ගෝඨාභයට පස්ස දොරෙන් පැනලා දුවන තත්ත්වයට පත්කළ මුන්දැම බව  අමතක කළහොත් අසාධාරණයෙන් මිරිකෙන අකීකරු සොල්දාදුවෙකුගේ  ගිණි බටේ පත්තුවීමට වැඩි කලක් ගත නොවනු ඇත.

Top