Breaking
25 Feb 2025, Tue

ආරක්ෂාව ගැන නොදත් හාල්පරුවන්ට මහින්දගෙන් උත්තරයක්-අපි ගහන කොට උන් හැදුවා. උන් ගහන කොට අපි හැදුවා

යුද්ධයේදී හදිසි තත්ත්වයක්‌ ඇතිවුවහොත් ආරක්‍ෂක මණ්‌ඩලය වහා රැස්‌වී ඊට මුහුණදී ඉදිරි මෙහෙයම් කටයුතු කිරීම සඳහා ජනාධිපති මන්දිරයේ බංකරයක්‌ ඉදිකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

විශේෂයෙන් කොටි ගුවනින් පැමිණ කොළඹට ප්‍රහාර එල්ල කරන්න ගත් විට ඊට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කිරීම සඳහා ආරක්‍ෂක අංශවල උපදෙස්‌ අනුව හා ආරක්‍ෂක මණ්‌ඩලයේ අවශ්‍යතාව මත මෙය ඉදිකළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (25) පැවැති රැස්‌වීමට රාජපක්‍ෂ මහතා පැමිණි අවස්‌ථාවේදී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාවක්‌ ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා,

ඇත්ත වශයෙන්ම මේක මන්දිරයක්‌ නොවෙයි. බංකරයක්‌. ආරක්‍ෂක අංශවලින් ලැබුණු උපදෙස්‌ අනුව මෙය ඉදිකාළා. මේක මට විතරක්‌ හදා ගත් එකක්‌ නොවෙයි. ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම් පැවැත්වුණෙත් ජනාධිපති මන්දිරයේ. ඒ නිසා හදිසි තත්ත්වයක්‌ ඇති වුවහොත් ආරක්‍ෂක මණ්‌ඩලය වහාම බංකරය තුළ ඉඳගෙන ඉදිරි මෙහෙයුම් ඉටු කිරීමට හැකි ආකාරයටයි මෙය ඉදිකළේ.

මෙය බැලූ බැල්මට නිවසක්‌ විදියටයි පිටට පෙනෙන්නේ. සාමාන්‍යයෙන් බංකර් හදන්නේ එහෙමනේ. මේක හදලා හුඟක්‌ කල්. යුද්ධය අවදියේ කොටි ගුවනින් ඇවිත් කොළඹට ගහන කාලේ හැදුවේ. ප්ලේන්වලින් අහසින් ඇවිත් ගහන කොට ඊට මුහුණ දීමට බංකර් හදාගෙන අපිත් සූදානම් වුණා. ඉතිං එහි වරදක්‌ තියෙනවාද? කොටින්ට ප්ලේන්, නැව් තියෙනවා කිව්වම අපිත් ඒවට සූදානම් වුණා.

ප්‍රභාකරන් බංකර් හදාගෙන හිටියා. ඒවා හොඳයි. ඒ ගැන කවුරුත් කතාවක්‌ නෑ.

මේවා අද තරුණයන්ට අමතක වෙලා. බංකරයක්‌ ඉදිකිරීමට අවශ්‍ය යෑයි ආරක්‍ෂක අංශ විසින් කිව්වම අවශ්‍ය දේ කරන්න කිව්වා. මුදල් වැයවීම ගැන සෙව්වේ නෑ. මෙපමණ කලක්‌ යුද්ද කළා නම් කොච්චර මුදලක්‌ වැයවෙයිද?

මං හිටියේ මන්දිරයේ. මේ සාකච්ඡා පැවැත්වුණේ මන්දිරයේ. මේ මන්දිරයේ විතරක්‌ නොවෙයි අරලියගහ මන්දිරයේත් බංකරයක්‌ තියෙනවා. මේවා රහසක්‌ ලෙසයි තියාගෙන හිටියේ. ඒක තියෙන්නේ අහවල් තැන කියලා කිය කියා ඇවිදිනවද?

අපේ හමුදාව ගහන නිසා කොටි බංකර් හැදුවා. උන් ගහන කොට අපි බංකර් හැදුවා. මොකක්‌ද වැරැද්ද යෑයිද රාජපක්‍ෂ මහතා කීවේය.

අනුර බාලසූරිය -දිවයින

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.