Breaking
23 Feb 2025, Sun

ආශු මාරසිංහ,ලසන්ත අලගියවන්න වහාම අල්ලනු…උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ

ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් අත්අඩංගුවට ගන්නට FCID යට බල කරමින් පැවැති උද්ඝෝෂණයේ නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ලිඛිත සාක්ෂි තිබිය දී මේ දෙන්නා අත්අඩංගුවට නොගෙන විමල් විරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත්තේ කුමණ පදනමකින්ද කියලා.

පොලිසිය කිව්වේ අපේ විමර්ශණ තාම ඉවර නෑ. ඉදිරියේ දී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ක්‍රියා කරනවා කියලයි. මහෙස්ත්‍රත්තුමිය නියෝග කරා අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නියෝගය දීලා අදට දින 8ක් වෙනවා ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් නිදහසේ එළියේ සැරිසරමින්, ඔව් අපි වාහන භාවිතා කරා කියනවා. මේ පොලිසියට ඒ අය තාම අත්අඩංගුවට ගත්තේ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද ඒ අය කොළ පාටයි. ඒ අය ආණ්ඩුවේ නිසා.

ඉස්සර කිව්වේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. දැන් ඒක වෙනස් කරන්න වෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ කියලා. ඒනිසා ආණ්ඩුවට එකතු වුණොත් වැරදිකරුත් නිවැරදිකරු වෙනවා ආණ්ඩුවට එරෙහි වුණොත් නිවැරදිකරුත් වැරදිකරුවෙනවා.

මේක දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්න හදපු හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය වගේ තමයි FCID කියන්නේ. ඒනිසා මොවුන් දේශපාලන විරුද්දවාදීන් නැති චෝදනා හදලා අත්අඩංගුවට ගද්දි චෝදනා වලට පැහැදිලි ලිඛිත සාක්ෂි තිබෙන ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්න වැනි ආණ්ඩුවේ ඉන්න අය නිදහසේ නිදැල්ලේ ඉන්න ඉඩදීලා තියෙනවා. අද අපි FCID එක ඉදිරිපිටට ආවේ ඒ මහේස්ත්‍රාත්තුමිය දුන්න නියෝගය ඉටු කරන්න තාමත් තමුන්ට බැරි වුණා නේද? ලැජ්ජයිනේද මහත්තයෝ කියලා FCID එකෙන් අහලා යන්න.

මීලග උද්ඝෝෂණය FCID මහත්වරුන්ගේ ගෙවල් ඉදිරිපිටයි

නමුත් අපි එනවා කියලා ආරංචි වෙලා. අපිට ලැබුණු තොරතුරු අනුව අද උදේම FCID මහත්වරුන් අධිකරණ නියෝගයක් ගන්න ගිහින් තියෙනවා මේ උද්ඝෝෂණය තහනම් කරන්න කියලා. වාසනාවකට අධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එන පාරවල් වහලා බාදක දාලා කුළු පොලු හමුදාව ගෙනල්ලා ජල ප්‍රහාරක ගෙනැල්ලා අපි එන එක නතර කරන්න ගන්න පුළුවන් සියළුම උත්සහයාන් දරලා තියෙනවා. අපි අහන්නේ මේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනයක් ඉදිරියට ගිහිල්ලා සමකාමීව උද්ඝෝෂණය කරන්න බැරිද? මේකද ප්‍රජත්‍රන්තවාදය මේකද යහපාලනය. හැබැයි මහත්තයෝ ජලප්‍රහාරක යාත්‍රවලට නම් බයවෙන්නේ නෑ. අපි ආවේ සාමකාමිව විරෝධය පලකරන්න අපි ඒක මෙතන කරලා යනවා. හැබැයි ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගත්තේ නැත්නම් මෙතෙන්ට එන්නත් එපා කියනවා නම් අපි ඊළගට උද්ඝෝෂණය කරන්නේ FCID එකේ ලොකු මහත්වරුන්ගේ ගෙවල් ඉස්සරහ කියන එක අපි FCID නිළධාරින්ට මතක් කරනවා.

නීතිය නවන වැල්ඩින් බාස් පොලිස්පතිතුමාටත් අපි කියන්න කැමතියි නීතිය නැමුවට කමක් නෑ ඔබතුමා වැඩිය නැවෙන්න එපා යටට ඇදලා තියෙන කොළපාට ඇඳුම් පෙනේවී මොකද අද FCID එකේ ඉන්නේ කොළපාට ඇඳුම් ඇදලා ඊට උඩින් කාකිසුට් ඇදගත්ත නිලධාරින්. මේක කෙලින්ම එජාප පොලිසියක් මිසක් ජනතාවට යුක්තිය ඉටුකරන පොලිසියක් නෙවෙයි. ඒ නිසා ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගන්න තුරු අපේ මේ උද්ඝෝෂණ නතර කරන්නේ නෑ.

මහත්මාගාන්ධිතුමා තමන්ගේ අවිහිංසාවාදි සටනේ දී නිරන්තරයෙන් සිරගත වුණා. එතුමා හැමදාව කිව්වේ මරණයටත් වේදනාවටත් හිරගෙදරටත් බය නැති කෙනෙක් විදිහට මාව නතර කරන්න ඉංග්‍රිසි අධිරාජ්‍යට බෑ කියලා. අපි හිරගෙවල් වලට, මරණයට බය නෑ. ජනවාරී 07වෙනිදත් අපි පොලිසියෙන් හොදට කැවා. ඒ වෙදනාවන්ට අපි බය නෑ. ඒ නිසා මහත්තයෝ කාකිසූට් පෙන්නලා අපිව බය කරන්න බෑ. රනිල් මහත්තයෝ අලුත් ක්‍රමයක් හොයා ගන්න පුජිත බිල්ලට අපි බය නෑ. කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.