Breaking
5 Feb 2025, Wed

ඇඳිරිනීතිය අස්සේ දේශපාලන රැස්විම් කල ඩලස්,කාංචන වහාම අත් අඩංගුවට ගනු! ඇඳිරිනීතිය කඩකරමින් වගකීම් විරහිතව කටයුතු කලාට නීතිය ක්‍රියාත්මක නෑ….

Published on: Mar 31, 2020 – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන්ඉල්ලිමක් කර තිබේ.

2020. 03. 30

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ඇඳිරිනීතිය කඩකරමින් වගකීම් විරහිතව කටයුතු කළ අධ්‍යාපන ඇමැතිවරයාට හා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිය ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධවයි.

ලොව පුරා සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමේ අරමුණින් පසුගිය මාර්තු 21 වෙනිදා සිට දිවයින පුරා පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්තු 27 වෙනි දින අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

02. රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පළමුව නතරකළ පුද්ගලයා තමන් බව මාධ්‍ය ඔස්සේ පැවසූ අයුරු අපට මතකය. එලෙසම මෙම දේශපාලන ප‍්‍රචාරක රැස්වීමද අවලංගු කර තම පාක්ෂිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර නීතියට අවනත ව යහපත් ආදර්ශයක් සැපයිය යුතුව තිබූ බවත් පොලිසිය විසින් මෙම නීති විරෝධී රැස්වීම පැවැත්වීම වැලැක්විය යුතුව තිබූ බවත් විශේෂයෙන් මෙහිදී පෙන්වා දිය යුතුව ඇත.

03. එමෙන්ම මෙම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන කාලසීමාව තුළ දේශපාලන, ආගමික ඇතුළු නීති විරෝධී රැස්වීම් මෙන්ම කුඩා ඒකරාශිවීම සිදුකළ සියලූ පුද්ගලයින්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව නීතිය තදින් ක‍්‍රියාත්මක කරමින් මෙම ව්‍යසනයෙන් රටේ ජනතාව මුදා ගැනීම සඳහා දරන වෙහෙස හා කැපවීම සම්බන්ධව පොදුවේ සමාජයේ ඇත්තේ ඉහළ ඇගයීමකි.

04. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා හා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එක්ව මැතිවරණ කොමිසම දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දමා ඇති මොහොතක ඒ කිසිත් නොසලකා වගකීම් විරහිතව පවත්වන ලද මෙම රැස්වීමට පමණක් පොලිසිය මෙතෙක් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන අප සංගමය වහාම මොවුන් අත්අඩංගුවට ගෙන සැමට සාධාරණව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස නැවතත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය

පිටපත් – පොලිස්පතිතුමා – පොලිස් මුලස්ථානය

Ceylon Teachers Service Union.


Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.