Featured

ඇමති ජොන්ගේ බලපෑම් මත සිංහලේ ජාතික බලමුලුවේ මහා ලේකම් අත් අඩංගුවට ගැනිමේ සුදානමක්

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ චක් ගොලයෙකු ලවා අසත්‍ය චොදනා එල්ල කරමින් සිංහලේ ජාතික බලමුලුවේ මහා ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු පිරිසක් අත් ඩංගුවට ගැනිමේ මෙහෙයුමක් මේ වනවිට  ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අමාත්‍යංශයට අයත් Wp CAK 0009 දරණ වාහනයෙන් අද සවස කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණ ඇති රෝෂාන් ප්‍රනන්දු නැමති ජෝන්ගේ පල් හොර ගොලයෙකු සහ ජොන්ගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස හදුන්වාදුන් අයෙකු විසින් කොල්ලුපිටිය පොලිස් මුලස්ථානාධිපතිවරයාට බලපෑම් කරමින් කප්පම් ඉල්ලා සිටි බවට චොදනා එල්ල කරමින් සිංහලේ ජාතික බලමුලුවේ මහා ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු පිරිසක් පොලිස් මුලස්ථානය වෙත කැදවා ඇති අතර පැමිණිල්ල මත පමණක් කටයුතු කරමින් අදාල පිරිස අත් අඩංගුවට ගැනිමට උත්සහ දරමින් සිටින බව වාර්තා වේ.

මේ මොහෝත වනවිටත් සිංහලේ ජාතික බලමුලුවේ මහා ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු පිරිස කොල්ලුපිටියේ පොලිස් ස්ථානයේ රදවා ගනිමින් විවිධ චොදනා එල්ල කරමින් ඊට අදාළ ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

අදාළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ චක් ගොලයා සහ ලේකම්වරයා ලෙස පෙනිසිටි පුද්ගලයන් පොලිස් ස්ථානයෙන් පිටව යැමටද පොලිස් ස්ථානාධිපතිවරයා අවසර ලබාදි ඇති අතර මේ වනවිටත් ස්ථානාධිපතිවරයාට දුරකථනය හරහා විව්ධ කණ්ඩායම් උපදෙස් ලබාදෙමින් සිටිමින් බවද වාර්තා වේ.

Top