Breaking
27 Mar 2026, Fri

ඇමරිකාව දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට මැදිහත් නොවිය යුතු බව චීනය කියයි

 

දකුණු චීන මුහුදු අර්බුදයට සම්බන්ධ පාර්ශ්වයක් නොවන ඇමරිකාව, චීනය හා පිලිපීනය අතර පවතින එම ප්‍රශ්නයට මැදිහත් නොවිය යුතු බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. ඒ, දකුණු චීන මුහුදේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පිලිපීනයට සහාය දෙන බවට ඇමරිකානු ජාතික ආරක්ෂක ඇමතිවරයා පසුගිය දා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඇමරිකානු-පිලිපීන ආරක්ෂක ගිවිසුමෙන් චීනයේ ස්වාධිපත්‍යය සහ සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානයට බාධා එල්ල නොවන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.