Breaking
24 Feb 2025, Mon

“ඇයි.. ඇයි.. මොනවද රෙකෝඩ් කරන්නේ.. මොකද්ද ප්‍රශ්නේ.. තමුසෙ කවුද..”…ගුවන් හමුදාවට පාරේ වෙනම නීතියක්ද?

නීතිය අතට ගෙන මහපාර පුරා ජනතාවගේ වරප්‍රසාදයන් පවා උල්ලංඝනය කරමින් පාරේ ගමන් කරන මැති -ඇමති ආරක්ෂකයන්ට අමතරව යුහ,නාහ,සහ වෙනත් අමාත්‍යාංශ වල බොඩ් ගසා ගත් අමනයන් ගමන් කරනවාට අමතරව නීතියට කොකා පෙන්වා ගිය අවස්ථාද එමටය.

මාර්ග සංඥා නොතකා ධාවනය වු ගුවන් හමුදාවට අයත් මොටර් රථයක් නතර කිරිමට කටයුතු කල පොලිස් නිළධාරියෙකුට සිවිල් ඇදුමින් සිටි උසස් නිළධාරියෙකු යැයි කියා ගත් අයෙකු වාහනයෙන් බැස විත් පොලිස් නිළධාරියාට පරුෂ වචනයෙන් බැනවදිමින් පහරදිමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදීනියක විසින් එම අවස්ථාව විඩියෝ කිරිමට උත්සහයත් සමග එම නිළධාරියා ඇයටද බැන වදිමින් පහරදිමට උත්සහ කර තිබේ.

මාර්ග සංඥා රතු වැටි තිබියදි ගමන් කිරිම හේතුවෙන් පොලිස් නිළධාරියා විසින් අදාළ මොටර් රථය නතර කර තිබේන අතර පොලිස් නිළධාරියා වරදපැවසිමටත් පෙර එම මොටර් රථයෙන් බැසගත් නිළධාරියා තමන්ගේ තරම පෙන්වා තිබේ.

පසුගිය 17 වැනිදා රාත්‍රී 7.00ට පමණ සෙන්සාල් අවන්හල පසුකර එතන ඇති රථවාහන සංඥා තිබෙන ස්ථානයේ එම පොලිස් නිළධාරියා සේවය කරමින් සිටි ගුවන් 6680 යනුවෙන් සටහන් කරනලද අංක තහඩුවක් සහිත සුදු පැහැති මෝටර් රථයකින් සිවිල් ඇදුමෙන් සැරසුණු පුද්ගලයකු ඉදිරිපස අසුනේ සිට මහ හඩින් එම රථය නවතා ගත් පොලිසියේ එම අවස්ථාවේ රාජකාරි කල පොලිස් මහතාට බැන වදිමින් ඔහු අසලට පැමිණ ඔහුට පහර දෙන්නට සුදානම් වි තිබේ.

එම අවස්ථාවේ එම ගුවන් යැයි සඳහන් මෝටර් රථයේ නිල ඇදුමෙන් සැරසුනු රියදුරෙකු වහා පැමිණ “සර් යන්න.. සර් යන්න..” යනුවෙන් ඔහුව මෙල්ල කර තිබේ.

එම සිදුවීම මාර්ගයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදීනීය විසින් ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට සූදානම් වනවාත් සමගම එය දුටු අදාල සිවිල් ඇදුමෙන් සිටි ඉහල නිලධාරීයා මෝටර් රථයේ ඉදිරිපස අසුනින් බැස මා වෙතට එමින්.. “ ඇයි.. ඇයි.. මොනවද රෙකෝඩ් කරන්නේ.. මොකද්ද ප්‍රශ්නේ.. තමුසෙ කවුද..’’ අසමින් අත දිගුකර පහරක් ගැසීමට සූදානම් වනවාත් සමගම ඇය පැත්තකට පැන තිබේ.

සිද්ධියෙන් කම්පනයට පත්ව සිටි නීතිගරුක පොලිස් නිලධාරීයා සමඟ වචන කිහිපයක් කතා කර එයද මගේ ජංගම දුරකථනයේ රෙකෝඩ් කර ෆේස් බුක් එකට දැමීමි. අවට මෙම පහත් සිදුවීම බලාසිටි තරුණයින් මා සමඟ පැවසුවේ “වැඩක් නෑ මිස්… ඒ පොලිස්කාරයට විරුද්ධ කමප්ලේන් කරනවා කියල ඌ කිව්වේ. වැරැද්ද කරල තව අහිංසක මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරනවා. කොයි ආණ්ඩුව ආවත් ඕක තමයි. පහත් තැනින් ගලා යයි කියනවනේ..” යනුවෙනි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.