Featured

ඇවන්ගාඩ් වලින් සල්ලි ගත් වෙබ් අතර ජවිපෙ ලංකා ටෘත් සහ ලංකා පුවත් පතත්!

Published on: Dec 11, 2015- ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ලබාගත් වෙබ් අධවි අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියද තිබේන බව  අනාවරණය වි තිබේ. අවස්ථා දෙකකදි බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියේ සර්වේ  පහසුකම් සපයා ගැනිම වෙනුවෙන් සහ වෙබ් අඩවියේ ස්වේච්ඡාවෙන් සේවය කරන මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා සපුරා ගැනිම සදහා සහ ජනතා විමුක්ති  පෙරමුණේ නිල පුවත් පත ලංකා පුවත්පතේ ණය පියවා ගැනිම සදහා චෙක්පත් දෙකක් අවස්ථා දෙකකදි ලබාගෙන තිබේ.

එක් අවස්ථාවක රුපියල් ලක්ෂ 4ක් සහ තවත් අවස්ථාවක ලක්ෂ 10ක මුදලක් මේ අකාරයට ලබාගෙන තිබේන බවයි අප විශේෂ වාර්තාකරු  අනාවරණය කළේ.ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ් යන නාමයට මෙම චෙක්පත් ඇවන්ගාඩ් සමාගම නිකුත් කර ඇති අතර ජවිපෙ කුමාර  පාර්ශ්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර පාර්ශ්වය අතර් ඇතිවු ගැටුමෙන් පසුව මෙම මුදල් ලබාගෙන තිබේ.

මේ අතර මෙම අර්බුදය හේතුවෙන් ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ලබාගත් වෙබ් අඩවි සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් හෙලිකරන බවට රතු අලි පැටියා හේවත් අනුර කුමාර දිසානායක මහතා මහා හයියෙන් කෑ ගැසුවද මෙම අර්බුදය හේතුවෙන් එම විස්තර අනාවරණය කිරිමට කල්මරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

රතු අලී පැටියාගේ පොර ටොක්

“ඇවන්ගාඩ් ආයතනයෙන් මාධ්‍යවේදීන් මුදල් ලබාගත් බවට ආන්දෝළනයක් රට තුළ තිබෙනවා. අපේ රටේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඉතා  ප‍්‍රශස්ත මට්ටමින් සිය පෑන හසුරුවන අතර සුළු පිරිසක් තමන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් පෑන හසුරුවනවා. එවැනි මාධ්‍යවේදීන් පුවත්පත්වලත් වෙබ් අඩවිවලත් කටයුතු කරනවා. ඔවුන් පිළිබඳ විස්තර අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ පිළිබඳ ඉඟියක් මට ලබාදෙන්න පුළුවන්.  පසුගියදා වංචා-දූෂණ සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේදී විවාදයකට සහභාගි වුණා. පුවත්පත් දෙකක් හැර අනෙකුත් සියලු පුවත්පත් පසුවදා  වාර්තාකර තිබුණේ ඇවන්ගාඩ් ගනුදෙනුව නීත්‍යානුකූලයි කියලා. සමහර මාධ්‍ය ආයතන ඇවන්ගාඩ් වර්ණනා කරමින් ලිපි පළකළා. එවැනි ලිපි  පළකරන්නේ කොහොමද? සමහර වෙබ් අඩවි වංචා-දූෂණ ගැන කෑ ගසමින් ඇවන්ගාඩ් රකිනවා. ඇවන්ගාඩ් ගනුදෙනුව දූෂණයක් පමණක්නොව ඒ තුළ  දේශපාලනයකුත් තිබෙනවා. හෙට දින ඇවන්ගාඩ් මගින් අපේ රටේ මාධ්‍ය හසුරුවනවා නම් දේශපාලනය තීරණය කරනවා නම් එම සංස්කෘතියට අපි  විරුද්ධයි. ඒ නිසා ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ගත්තේ මාධ්‍යවේදීන් දේශපාලනඥයින් මේ රටේ ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කළ යුතුයි.  ජනතා විමුක්ති පෙරමුණේ මේ ප‍්‍රවේශය මාධ්‍යයට එරෙහි ප‍්‍රවේශයක් නොවෙයි. අපි ඉතා වගකීමෙන් කියනවා, මාධ්‍ය මර්දනය සිදුකරන වෙලාවේ  මාධ්‍යයට හඬක් නැති වෙලාවේ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා.”

Top