Breaking
24 Jan 2025, Fri

ඇවන්ගාඩ් සමග මෛත්‍රී කුක්කන් ගැසු ගිවිසුම – අහෝසි කලොත් ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවන්න වෙයි

ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ.

නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.

Annex-C-1 Annex-C-2 Annex-C-3 Annex-C-4

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.