Featured

ඇවන්ගාර්ඩ් තුන් ඇවරයි -කිලි,අර්ජුන,තිළින ඇතුලු සමාගම් 5කට

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ අවසන් අදියර ලෙස එම ව්‍යාපාරය වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් බවට පත්කර පසුව එය සිරස මුදලාලිට හිමිකර දිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප පසුගිය නොවැම්බර් 11 වැනිදා අනාවරණය කළා.

කියවන්න –ඇවන්ගාර්ඩ් සිරස මුදලාලි කිලී මහරාජා යටතට! 

ඇවන්ගාඩ් ව්‍යාපාරය සතුව තිබු පාවෙන අවිගබඩා හා එම ව්‍යාපාරය නාවික හමුදාවට ලබා ගැනීමේන් පසුව දෛනිකව ලැබේන ආදායම් සිඝ්‍ර ලෙස පහත වට්ටවා ඇති අතර එය දඩමිමා කරගනිමින් වහාම ක්‍රියාත්මක අන පරිදි ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය සිරස මුදලාලි කිලී මහරාජා සහ අර්ජුන රණතුංග ඇතුලු සමාගම පහකට ලබාදිමට ආරක්ෂක අමාත්‍යංශය හරහා මේ වනවිට කටයුතු සුදානම් කර තිබේ.

එම සමාගම් 5 අතර ආරක්ෂක අමාත්‍යංශයේ මෛත්‍රීගේ කප්පම්කරුවා ලෙස කටයුතු කරන් ඇවන්ගාඩ් සමාගමෙන් නැව් පිටින් ගිල්ල මෛත්‍රී බෑණා පොඩ්ඩ වන තිලිණ සුරංජිත්ට අයත් ලගදි සාදන ලද සමාගමක්ද තිබේ.

කියවන්න –නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා 

ඇවන්ගාඩ් ව්‍යාපාරය සතුව තිබු පාවෙන අවිගබඩා හා එම ව්‍යාපාරය නාවික හමුදාවට ලබා ගැනීමේන් පසුව එම ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බවත් දිනකට කෝටි 2ක ආදායමක් ලබන බවටත් ආරක්ෂක ලේකම්වරයා හා ඇතැම් ඇමැතිවරුන් බොරු ප්‍රචාරය කරමින් සිටින අතර රාජ්‍යයක නිල නාවික හමුදාවකට සෘජුව වෙනත් රාජ්‍යයක පෞද්ගලික සමාගමක් හා ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැති බව පවසමින් ඇවන් ගාඩ් සමග ගනුදෙනු කරන රටවල් එම ගණුදෙනු වලින් ඉවත් වෙමින් සිටි.

ඒ අනුව දිනකට කොටි 2 ක ආදායමක් ලබමින් තිබු ඇවන්ගාඩ් සමාගම මේ වනවිට දිනක ආදායම ලක්ෂ 70 ක් ලබන සමාගමක් බවට පත්ව තිබේ.

Top