Breaking
24 Feb 2025, Mon

ඉන්දියානු ජඩවාදයේ යස්මින් සුකාගෙන් පච වාර්තාවක්

ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානයේ සභාපතිනි යස්මින් සුකා නැමති බොරු වාර්තා නිර්මාණකාරිණිය ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව තමන් සතුව ඇති සාක්‍ෂි හුවමාරු කරගැනීමට සූදානම් බව වාර්තා වේ.කොටි සංවිධානයේ සහ කොළඹ කෙන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය නොවන් සංවිධාන කිහිපයක් නියෝජනය කරන 155 දෙනෙකු විසින් ලබාදුන් බොරු සාක්ෂි මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබේ.

සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන හරහා රාජ්‍ය බලාධිකාරයන් විසින් දෙමළ ප‍්‍රජාවට එරෙහිව ගෙනයන ක‍්‍රමානුකූල පීඩා පැමිණවීම් පිළිබඳව අනාවරණය කර තිබේ.

සාවධාන පර්යේෂණ ඔස්සේ සපයා ගත් වින්දිතයන්ගේ සාක්‍ෂි ප‍්‍රකාශයන් මගින් සුවිශද භයංකාරත්වය ජීවමාන කෙරෙන ‘‘තවමත් නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධ හිංසාවන් සහ ලිංගික සැහැසියාවෙන් නොනැසුනවුන් 2009 – 2015’’ මැයෙන් වන වාර්තාව මගින් පෙන්නුම් කරනුයේ, වධ බන්ධන සහ ලිංගික හිංසනයන් වනාහී ශ‍්‍රී ලංකාවේ රජයේ සහ එහි ආරක්‍ෂක හමුදාවන්ගේ ඉහළම තලයන්හිදී සැළසුම් කොට මැනවින් සම්බන්ධීකරණය කරන ලද ප‍්‍රතිපත්තියක අවියෝජනීය කොටසක් බවයි.

මෙම වාර්තාව මගින් වධකයන් සහ ලිංගික දුෂකයන් හඳුනාගෙන නම් කිරීමද සිදු කරයි. එමෙන්ම, යුද්ධයෙන් පසුකාලීනව තමන් ප‍්‍රචණ්ඩ අපහරණයට පාත‍්‍ර කළ ස්ථාන ලෙස වින්දිතයන් විසින් නම් කරන ලද රහසිගත කඳවුරු ඇතුළු රැුඳවුම් ස්ථාන 41ක් මෙකී වාර්තාව මගින් නිශ්චිතව නම් කොට අනාවරණය කරයි. 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්ඩු වෙනසින් පසුව පවා, ආරක්‍ෂක හමුදාවන් විසින් පැහැරගැනීම්, වධ බන්ධන පැමිණවීම් හා ලිංගික හිංසනයන් අඛණ්ඩව සිදුකරන ආකාරය ද මෙමගින් හෙළිරදව් කර තිබේ.

“මෙවැනි පසුබිමකදී, තම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති වරදවල් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මෙන් යස්මින් සුකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධ වී කටයුතු කිරීමට සූදානමින් සිටියි” යනුවෙන් කොළඹ ඉංග්‍රීසි මාධ්‍යයකට විද්‍යුත් පණිවිඩයක් මගින් ඇය යවන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇත.

ඉහත දැක්වෙන්නේ යස්මින් සූකා නැමති දකුනු අප්‍රිකාවේ ඉන්දියානු පරපෝසිතයෙකුගේ වැඩක්ය. මේ පිලිබඳව ඉන්දියානු පරපෝසිතයකු ගේ සන්ඩේ ලීඩර් නැමති පත්තරයේ කයිවාරු ඇත. මැය ඉන්දියානු ජඩවාදයේ කොටසකි. සින්හලයිනි අවදිවන්න, එක්වන්න ඉන්දියනු ජඩවාදයට එරෙහිව නැගී සිටින්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.