Breaking
23 Feb 2025, Sun

ඉන්දියාව ලක් දෙරණ යටකරන හැටි….ලක් පොලොවේ දේශප්‍රේමීන් සහ ජුදාස්ලා වෙත ලියුවගයි!

රජුන් තැනීමේ තීරක බලය ඉන්දියාව සතුවිම හරහා  ඉන්දියාවේ නියෝගයට විපක්‍ෂ නායකකම ආර්.සම්බන්ධන්ට ලබාදිමේ අවධානමක් ඇති බවත් එම මග ඔස්සේ යමින් ෆෙඩරල් පාලනයක් රටතුල ස්ථාපනය කිරිමට කටයුතු කරන බවටත් අප ජනතාව හමුවේ නිරන්තරයෙන් අවධාරණය කළා.අප විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක ලියු ලක් පොලොවේ දේශප්‍රේමීන් සහ ජුදාස්ලා වෙත ලිපිය හරහාද අද සිද්ද වන දේ පිළිබඳව පැහැදිලිව අනාවරණය කර තිබේ.

උපුටා ගැන්ම -ලක් පොලොවේ දේශප්‍රේමීන් සහ ජුදාස්ලා වෙත

ඉන් නොනැවතුනු රෝ සංවිධානය චීනය කෙරේ බලපවත්වන වෛරය පිරිමැසීමට පිටිය සැකසීය. චීනයෙන් පි‍ටුවහල් කොට ඉන්දියාවේ දේශපාලන ‍රැකවරන ලබන දලයි ලාමා නම් චීවර ධරියා ලංකාවට ගෙන ඒමට මාන බැලුවේය. ආර්ථික රාමුව තුල චීනය කොන් කලේය. විදේශ ප්‍රතිපත්තිය තුල චීනය කොන් කලේය. සිංහලයා සතු වූ දේශපාලන බලය බෙලහීන කලේය. රජුන් තැනීමේ තීරක බලය ශූක්ෂමව සුලුජාතීන් අතට පත් කලේය.ලොව භයානකම ත්‍රස්ත සංවිධානය පරාජය කරමින් දේශානුරාගයෙන් නැගී සිටි ජාතිය ඉන්දියානුවන්ගේ දෙපා ලෙව කන තත්වයට පත් කලේය.ශ්‍රි ලාංකිය දේශපාලනය ක්‍රියාවලිය මුලුමනින්ම ඉන්දියාවේ අනසකට යටව ගියේය.ජනධිපතිවරයා පමනක් නොව අගමැතිවරයා සහ විපක්ෂ නායකයා ‍තෝරා පත් කලේද ඉන්දියාව විසිනි. 

ඉන්දියාව ඉදිරියේ දනින් වැටෙන පාලනය

ඉන්දුත්වාදයෙන් වියරු වැ‍ටුනු මෝඩි ලංකාවට පැමිනියේ තම යටත් විජිතයකට පැමිනෙන අයුරිනි. සකල ලක් වාසීන්ගේ නියොජිතයන් ‍රැස් වන පාර්ලීමේන්තුවට ගිය මෝඩි බලය බෙදා උතුරු නැ. පලාත වහා වෙන් කල යුතු බවට තර්ජනය කලේය. ලක් පොලොවේ ජාතික ආරක්ෂාව මෙහෙයවීම ඉන්දියාව අතට පත්විය. ආර්ථික මූලෝපාය සහ ප්‍රතිපත්ති තිරනය කලේ ඉන්දියාව විසිනි.විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට මනාප අයුරින් සැකසිනි.දේශපාලනය ක්‍රියාවලිය මුලුමනින්ම ඉන්දියාවේ අනසකට යටව ගියේය.ජනධිපතිවරයා පමනක් නොව අගමැතිවරයා සහ විපක්ෂ නායකයා ‍තෝරා පත් කලේද ඉන්දියාව විසිනි.

උපුටා ගැන්ම අවසන් 

සම්පූර්ණ කතාව කියවන්න –ලක් පොලොවේ දේශප්‍රේමීන් සහ ජුදාස්ලා වෙත

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.