ලෝකයා

ඉලංගකෝන් හට කෙලින්න හදන හිරූ රුදාව

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හට කෙලින්න හදන අලුත් පොලිස් කෝලම මේ දිනවල රඟ දක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන බව පවසන ඒත් පච කියන නාලිකාවෙන්ය.සෑම දිනම ප්‍රවෘත්ති විකාශය තුළදී නළු බට්ටන් කිහිප දෙනෙකු යොදවා මයික්‍රෆෝන් ලබාදී තාජුඩීන් ඝාතනයට හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත යුතු බවට පුන පුනා ප්‍රකාශ කරන්නේ ජාතික නාළිකාවක් සතු වගකීම මැනවින් ඉටුකරණ බවට රටේ මහජනතාවට පෙන්වමිනි.ඒත් එම නාළිකාව පමණක් මේ වගකීම ඉටු කරන්නේ මන්ද?මෙතරම් රජයට අනුබද්ද රූපවාහිණී නාළිකා පමණක් තිබියදී එම නාළිකාවට පමණක් තාජුඩීන් සම්බන්ධයෙන් කිරි එරෙන්නේ ඇයි දැයි ඒකේ අයියලාට නොතේරුණාට අපිට නම් හොඳට තේරෙන බව මුලින්ම කිව යුතුය.

මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රදානම හේතුව වී ඇත්තේ භාරත ලක්ෂ්න් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව මේ මොහොත වන විට අවසානය තෙක් පැමිණ තිබීම නිසාය.මේ හේතුවෙන් එම නාළිකාවේ අයිතිකරුවන්ටත්,ලොකු ලොක්කන්ටත් ගොක්කල පේන්නට පටන් ගෙන ඇත.ඒ නියත වශයෙන් එම නඩුවෙන් වැඩ වරදින බව දන්නා නිසාය.මෙවැනි තත්වයක් එම නාළිකාවේ අයිතිකරුවන්ටත්,ලොක්කන්ටත් ඇති කරන්නට පාර කැපුවේ කවුද?ඒ වෙන කවුරුත් නොව එන්.කේ ඉලංගකෝන් ය.ඒ නිසා ඉලංගකෝන් සමඟ ලොකූ ඇරියස් එකක් එයාලට ඇත.

දෙවැනි කාරණය වන්නේ හිරුණිකාය.එනම් හිරුණිකා ඩිෆෙන්ඩර් රථයකින් කොල්ලෙක් පැහැර ගත් අවස්ථාවේ අත් අඩංගුවට ගැනීමට ප්‍රමාද වුණේය.මෙය ප්‍රමාද කළේ ඉලංගකෝන් බව එවකට කවුරුත් සිතුවේය.නමුත් ප්‍රමාද කළේ ඉලංගකෝන් නොව වර්ථමානයේ මහපුටු වල ඉන්නා ලොකු ලොක්කන්ය.ඉලංගකෝන් කිහිප වතාවක් ඇයව අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි දැයි විමසුවත් එයට පිළිතුරු ලෙස ලැබුණේ තවමත් පරීක්ෂණ සිදුකරණ බව කියාය.ඒත් පරීක්ෂණ කෙසේ වෙතත් එම පරීක්ෂණ සිදුකළ ලොක්කන් හිරුගේ බයිසිකල් රේස් එකේ කොඩි වැනුවේය.(කලිසම තිබුණාද කියා නිච්චියක් මට නැත)මේ හේතුවෙන් ලොකු ලොක්කන්ම ඉලංගකෝන් මේ පරීක්ෂණ යට ගැසූ බවට කතා පැතුරුවේය.

ඉහත කී නාළිකාවට එය ඇතිය.හිරුණිකා සමඟ පට්ට ඇරියස් එකක් ඇත.එහෙත් එදා ගහන්න බැරිය.එදා ඔහු පොලිස්පතිය.නමුත් දැන් ගහන්නට පුළුවන්‍ ය.දැන් ඔහු හිටපු පොලිස්පතිය.ඒ නිසා දැන් ගසන්නේ තාජුඩීන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නට නොවේය.දැන් ගහන්නේ ඇරියස් කවර කරගන්නටය.කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලට අදාලව ගෞරවය යායුත්තේ ඉලංගකෝන්ටය.එනම් කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මෙම මරණය සැක සහිත බවට කිවූ සැණින් පරීක්ෂණ සී.අයි.ඩී යට බාර කළේ ඉලංගකෝන්‍ ය.ඒ ආණ්ඩුවේ නියෝග එන්නටත් පෙරය.ඉලංගකෝන් මෙයට සම්බන්දනම් කිසි දිනෙක මෙය සී.අයි.ඩී යන්නේ නැත.

ඒ නිසා මේ නළු බට්ටන් කොච්චර කෑ ගැහුවත් ඉලංගකෝන්ට ගැසීමෙන් තේරුමක් නැත.නීතිමය වශයෙන්ද ඔහුට විරුද්දව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.ඒ බව රහස් පොලීසියද තහවුරු කරන්නේය.ඒ නිසා මේ නළු බට්ටන් කරන්නේ නාළිකාවේ ඇරියස් එකට කඩේ යාම පමණක් බව ඔවුන්ට නොතේරුනාට අපට පෙනෙන දෙයකි.ඒ නිසා ඔය නළුවන් එකතු වී කළ යුත්තේ ඔය නාළිකාව තුළින්ම භාරතට සාදාරණයත්,කොලොන්නාවෙන් කුඩුත් පාතාලයත් ඉවත් කරණ ලෙසට කෑ ගැසීමත් ය.එසේ නොමැතිව රූකඩ නැටීමෙන් රටට සෙතක් වන්නේ නැත.ඒ වගේම තව දෙයක්ද කිව යුතුය. නාළිකාවට ඔය නළුබට්ටන් හට ජංගි ඇන්දුවත් රටේ උන්ට ජංගි අන්දන්න ටිකක් ආමාරු බව තේරුම් ගත්තෝතින් හොඳ යැයි ඉලන්නේය.

Top