Breaking
23 Feb 2025, Sun

ඉල්ලන් කෑ විදේශ අමාත්‍යාංශය

විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්ථනයේ ලොකු වැරදි දෙකක් තිබේ. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ ඉතාම වැදගත් ජේදයක් වන අන්තර් ජාතික විනිසුරන් ශ්‍රී ලංකාවේ වගවීමේ යාන්ත්‍රණයට සම්බන්ද කර ගැනීම පිලිබඳ ජේදයේ ය. මෙම වැරදි පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් සේ දක්වා දැනටමත් වෙබ් අඩවි ලිපි ගණනාවක්ම පළ වී තිබේ.

මෙම වරද හිතා මතාම කරනල ද එකක්ද නැත්නම් අත් වැරදීමක් ද යන්න දැන ගැනීමට නැති නමුත් එම ජේදය ආන්ඩුවේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම දැන් පටන් ගෙන තිබේ.

පරිවර්ථනයේ වරද බලන්න:

6වන ජේදයේ එන Special Counsel යන්න දෙතැනකදී පරිවර්ථනය ක තිබෙන්නේ දෙවිදියකට ය. පළමුවෙන් එය විශේෂ කවුන්සිලයක් ලෙස ද දෙවනුව විශේෂ උපදේශක කාර්යාලයක් ලෙස ද දක්වා තිබේ. දෙවැනිව එය එළෙස දක්වා ඇත්තේ විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, අභිචෝදකයන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක සහභාගීත්වය ක් බව කියා පෑමට ය. එය ආණ්ඩුව විසින් පිහිටුවන කාර්යාලයක් මිස විදේශිය විනිසුරන්ගේ විශේෂ උපදේශක කාර්යාලයක් නොවේ. එය පැහැදිලිවම සිංහල පාඨකයා මුලා කිරීමකි.
දෙවැනිව එම ජේදයේ ම එන participation in a Sri Lankan judicial mechanism, යන්න පරිවර්ථනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ අවශ්‍ය බව යනුවෙනි. මෙම බලය යටතේ යන සිංහල පරිවර්ථනයට අලුතෙන් එක් කර ඇති වචන දෙක පදනම් කරගෙන වෙබ් අඩවි ලිපි පළ වී තිබෙන්නේ වගවීමේ යාන්ත්‍රණයක අනත්ර් ජාතික සහභාගිත්වය අවම බවත් එය ද්විතීයක බවත් පෙන්වීමට ය. එවැනි අදහසක් මුල් ඉංග්‍රිසි කෙටුම්පතින් අදහස් වන්නේ නැත‍.

6වන ජේදය විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉංග්‍රිසියෙන් සහ සිංහලයෙන් පළ වන්නේ මෙසේ ය.

6. Welcomes the government’s recognition that accountability is essential to uphold the rule of law and build confidence in the people of all communities of Sri Lanka in the justice system, takes note with appreciation of the Government of Sri Lanka’s proposal to establish a Judicial Mechanism with a Special Counsel to investigate allegations of violations and abuses of human rights and violations of international humanitarian law, as applicable; and affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for integrity and impartiality; and further affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel’s office, of Commonwealth and other foreign judges, defence lawyers, and authorized prosecutors and investigators;

6. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩ නැංවීම සඳහා “වගවීම” අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන තිබීම පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ කවුන්සිලයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කරමු. එමෙන්ම විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් සඳහා අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීම අවශ] බවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, අභිචෝදකයන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක සහභාගීත්වය ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු.

සුනන්ද දේශප්‍රිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.