ලෝකයා

ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාම ගිවිසුමකට එළඹෙන බව Hamas සංවිධානය ප්‍රකාශ කරයි

ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන බව Hamas සංවිධානය ප්‍රකාශ කරයි.

Hamas සංවිධානය අද(22) නිවේදනය කළේ, කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ මැදිහත්වීම් යටතේ ඊශ්‍රායලය සමග දින 4ක් පුරා මානුෂීය තාවකාලික සටන් විරාමයකට එළඹ ඇති බවයි. මේ අනුව, Hamas සංවිධානය සිය භාරයේ සිටින ඊශ්‍රායල කාන්තාවන් හා ළමුන් 50දෙනෙකු නිදහස් කරනු ඇත. ඊට ප්‍රතිචාර ලෙස තමන් යටතේ රඳවා ගෙන සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය පියවර ගනු ඇත.

Top