Breaking
24 Feb 2025, Mon

ඊළම වෙනුවෙන් ඉල්ලිම් 25ක්

උතුරු නැගෙනහිර පළාත් පරිපාලනික වශයෙන් ඒකාබද්ධ කල යුතු බවත් ජාත්‍යන්තර ක්‍රමවේදයක් අනුගමනය කර, දෙමළ ජනතාවගේ අයිතීන් රැකගෙනදිය යුතු බවත් පවසමින් ‘ප්‍රජාතන්ත්‍රවාදී මුසුව සොයන තරුණ සංගමය’ නමින් පිහිටුවා ගත් ඊළාම් තරුණ සංවිධානයක් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ට ලිපියක් ලබාදි තිබේ.

‘ප්‍රජාතන්ත්‍රවාදී මුසුව සොයන තරුණ සංගමය’ යන නමින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිට සහභාගි වූ දෙමළ කතා කරන තරුණයින් 3000කට වැඩි පිරිසක් තම සහයෝගය මහ ඇමතිවරයාට පලකර, 2015.08.12 වන දින මහ ඇමතිවරයාගේ කාර්යාලයේදී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එම ඉල්ලීම් :

01. උතුරු, නැගෙනහිර සහ වතුකරය යන ප්‍රදේශ බේදයකින් තොරව දෙමළ ජනතාව පිළිබඳ පොදු ඉල්ලීම් අපගේ නියෝජිතයින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය.

02. උතුරු නැගෙනහිර පළාත් පරිපාලනික වශයෙන් ඒකාබද්ධ කල යුතුය.

03. ජාත්‍යන්තර ක්‍රමවේදයක් අනුගමනය කර, දෙමළ ජනතාවගේ අයිතීන් රැගෙනදිය යුතුය.

04. විවිධ ජන වර්ගයන් ජීවත්වන රටකට අයත් ෆෙඩරල් පාලන ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුය.

05. අපගේ ප්‍රදේශයන් හි වැඩි වශයෙන් ස්ථානගතවී සිටින හමුදාව අඩු කල යුතුය.

06. අපගේ ප්‍රදේශයන් හි හමුදාව විසින් පවත්වාගෙන යන කෘෂිකර්මය සහ ගොවිපළවල් ප්‍රාදේශීය සභා වෙත භාරදිය යුතුය.

07. දෙමළ දේශපාලන රැඳවියන්ගේ නඩු විභාග ප්‍රමාදයකින් තොරව පැවැත්විය යුතු අතර, ඔවුන්ව නිදහස් කිරීම කඩිනම් කල යුතුය. ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කල යුතුය. ආක්‍රමණය කර ඇති අපගේ ඉඩම් කඩිනමින් නිදහස් කල යුතුය.

08. අපගේ පාරම්පරික ප්‍රදේශයන් හි සැළසුම් සහගතව සිදුකරන නීති විරෝධි ජනාවාස ඉදිකිරීම වැළැක්විය යුතුය.

09. අපගේ පාරම්පරික සංස්කෘතික කරුණු සහ ඓතිහාසික සංඛේතයන් ආරක්‍ෂා කල යුතුය.

10. අපගේ ප්‍රදේශයන් හි සිදුකල මිනිස් ඝාතන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව අවධාරණය කල යුතු අතර, එය කඩිනම් කල යුතුය.

11. යුද්ධය හේතුවෙන්, පීඩාවට පත්වූ, අබාධිත වූ සහ ගෘහ මූලිකත්වය දරන කාන්තාවන්ගේ පවුල් වලට ස්ථිර ජීවනෝපායන් සළසාදිය යුතුය.

12. අතුරුදහන් කල පුද්ගලයින් නැවත පැමිණෙන තුරු එම පවුල් වලට වන්දි මුදලක් ලබාදිය යුතුය.

13. යුද්ධයෙන් පසු, සිදුකරන සංවර්ධන කටයුතු වලදී මහ ජනතාවගේ දායකත්වය තහවුරු කල යුතුය.

14. අධ්‍යාපන සුදුසුකම් සහ පුද්ගලික දක්‍ෂතා යනාදිය පමණක් මූලික කරගෙන සාධාරණව රැකියා අවස්ථා ලබාදිය යුතුය.

15. වැවිලි කර්මාන්තය ප්‍රදේශීය සභා යටතට පවරාගත යුතුය. එමෙන්ම, වතුකරයේ ජනතාව සඳහා වන ඉඩම් අයිතිය සහ නිවාස අයිතිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය. ලයිම් නිවාස ඉවත්කර, පුද්ගලික නිවාස යෝජනා සැළැස්මක් සකස් කල යුතුය.

16. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. කම්කරු සංගම් වලට පමණක් මූලිකත්වයක් ලබානොදී, පොදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල යුතුය.

17. ප්‍රදේශීය සංවර්ධනය සහ යටිතල පහසුකම් කටයුතු වලට විෂයභාර විශේසඥයින්ගේ දායකත්වය අනිවාර්ය කල යුතුය.

18. ජනතාවගේ සුභ සාධනය සඳහා වන කටයුතු, ප්‍රදේශීය සංවර්ධන කටයුතු වලට ඔබ්බෙන් ගොස් පුද්ගලික වාසි වෙනුවෙන් කටයුතු කිරීම වැලැක්විය යුතුය.

19. අපගේ ප්‍රදේශයන් හි ඇති සම්පත් නිසිලෙස භාවිතා කර, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට සැලැස්මක් සකස් කල යුතුය.

20. අපගේ ප්‍රදේශයන් හි විශාල කර්මාන්තශාලා ඉදිකිරිමේදී, පාරිසරික ආරක්‍ෂාව තහවුරු කල යුතුය.

21. අපගේ ජීවනෝපාය සඳහා වන කටයුතු වලට, මැදිහත්වීම වැලැක්විය යුතු අතර, ජීවනෝපාය වෙනුවෙන් පරිහරණය කරන ඉඩම් ආරක්‍ෂා කල යුතුය.

22. අපගේ අඩුපාඩුකම් සහ අවශ්‍යතාවයන් සම්පූර්ණ කල යුතුය.

23. දේශපාලන පක්‍ෂ වල කාන්තා නියෝජනය වැඩිකල යුතු අතර, නවකයින් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්විය යුතුය.

24. අපගේ යහපත සඳහා වන කටයුතු වලදී, දෙමළ දේශපාලන පක්‍ෂ බේදයකින් තොරව සියළු දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ විය යුතුය.

25. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කරන මුදල් පුද්ගලික සංවර්ධනය වෙනුවෙන් නොව, පොදු සංවර්ධනයට යොදවන බවට ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු විය යුතුය.

ඉහත සඳහන් අප විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සියල්ල පිළිගෙන කටයුතු කරන පුද්ගලයින් අප නියෝජිතයින් ලෙස තෝරාපත් කරගන්නෙමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.