Breaking
23 Feb 2025, Sun

ඊළාම් කොඩිය ඔසවන්න සූදානමක්!

අද නැවතත් උතුරු නැගෙනහිර ඊළාම් කොඩිය ඔසවන්න සූදානමක් තිබෙනවා. දැනටමත් ‍පෝස්ටර් අලවලා. මේ තත්ත්වය යටතේ තමයි එල්.ටී.ටී.ඊ චෝදනා ලැබ හිරකූඩුවල හිටපු කට්ටිය නඩු විභාගයකින් තොරව එළියට දාන්නේ. ලංකාවට එරෙහිව බෙදුම්වාදය පතුරපු සංවිධානවල තහනම ඉවත් කරලා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හක්මන, ලාල්පේ රජමහා විහාරයේ නව සංඝාවාස ගොඩනැගිල්ල පෙරේදා (22) සවස විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

මේ සතිය තමයි මහ විරු සතිය. මේක බොහෝදෙනාට මතක නෑ. මේ බිය අපි නැති කළා. අද අපිට අමතක වෙලා තියෙනවා ඉස්කෝලවලට ගිහිල්ල මුර කරපු සතිය. අද අපිට අමතක වෙලා තියෙනවා බස් එකේ නෝනයි, මහත්තයයි, දරුවොයි එකට නොගිය යුගය. අපි මේ සතියේදී විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව මේ ප්‍රදේශවලත් මුළු රටේමත් යොදවලා තිබුණා. නිකං හරි ඊළාම් කොඩිය ඔසවන්නට අපි ඉඩ තිබේබේ නෑ. මේ සතිය අපිට අමතක වෙලා දැන්. අපි දන්නවා මේ රටේ එදා තිබිච්ච බය. මේ රට මේ තත්ත්වයට ගෙන ඒම ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා.

මේක අමතකවීමත් සන්තෝසයට කාරණයක්. තමුන්නාන්සේලාට ඒකෙන් පේනවා අපි මොන තරම් ක්‍රියාවලියක් මේ කෙටි කාලය තුළ අරගෙන තිබෙනවාද කියලා. මොකද මේ ආණ්ඩුවෙන් කරපු එකක් ‍නෙවෙයිනේ. මේ ආණ්ඩුවෙන් ආප්ප කාපු එක විතරයි කළේ. හුඟක් අයට ඕන මේ පරිච්ජේදය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ප්‍රංශයේ වැනි ත්‍රස්ත ප්‍රහාර අද අපේ රටට එල්ල නොවීම ගැන සතුටු වෙනවා.

අද නැවතත් උතුරු නැගෙනහිර ඊළාම් කොඩිය ඔසවන්න සූදානමක් තිබෙනවා. දැනටමත් ‍පෝස්ටර් අලවලා. මේ තත්ත්වය යටතේ තමයි එල්.ටී.ටී.ඊ චෝදනා ලැබූ හිර කූඩුවල හිටපු කට්ටිය නඩු විභාගයකින් තොරව එළියට දාන්නේ. ඩයස්‍පෝරාව තහනම් කරලා තිබුණු සංවිධාන, ලංකාවට එරෙහිව බෙදුම්වාදය පතුරපු එම සංවිධානවල තහනම ඉවත් කරලා. ආරක්ෂක ‍ලේකම්වරයාගේ නමින් සංවිධාන තහනම් කරලා ගැසට් නිවේදනය තිබුණේ. ගැසට් එක නව ආරක්ෂක ‍ලේකම්වරයාගේ මාර්ගයෙන් ඉවත් කරලා. අපි මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපට බියක් තිබෙනවා.

ගිය සතියේ බඩු වැඩි කරලා මේ සතියේ අඩු කරා. ඒ අයගේ ඒක දක්ෂකම. රුපිය‍ලේ අගය දවස ගානේ වැටෙනවා. අද මම හිතන්නේ ඩොලරය 144 යි. 155 යි. අද පාසල් දරුවන්ට නිල ඇඳුම නෑ. වී ටික විකුණාගන්න බැරිව ගොවියා පහුගිය කාලයේ ළතවුණා. ඇයි මම ‍පොහොර දුන්නේ. රට තුළ ආහාර අර්බුදයක් ආවොත්, මේ රට ස්වයං‍පෝෂිත කරන්න හොඳම ක්‍රමය තමයි ගොවියා උනන්දු කරවන්න, ගොවියාට රුපියල් 350 ට ‍පොහොර ටික දීම. අපි ගොවියා උනන්දු කරපු නිසා තමයි ගොවි ජනතාව ඒ තැනට ආවේ. දැන් ඒ ‍පොහොර නිසා නොයෙක් නොයෙක් වෙන ප්‍රශ්න තියෙනවා කියලා තියෙනවා.

දැන් සීනි මිල වැඩිවුණේ දියවැඩියාව නිසාලු. ‍පොහොර මිල වැඩිවුණේ ගැඩවිල්ලු විනාශ වුණ නිසාලු. මේක ලස්සන කතාවක්. ඔබට මේ තත්ත්වය දැනෙයි. මාස තුනක් ගියාම හොඳටම දැනේවි.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්තියේ අපි හිටියේ. පක්ෂය ශක්තිමත් කරගන්න බණ්ඩාරනායක මැතිනිය අපිට ශක්තිය දුන්නා. ඒ ප්‍රතිපත්තිය අපේ හදවත් තුළ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ ප්‍රතිපත්තිය ඉතාමත් ලස්සනට අයවැයෙන් ඉදිරිපත් කළා. ඔවුන් එදා ඉඳන් පෞද්ගලීකරණය කිරීම, සහනාධාර කැපීම මේ සියල්ල ඔවුන්ගේ ප්‍රතිපත්තියේ තිබුණා. 2001 ත් තිබුණා. එයාලා ඒ ප්‍රතිපත්තියේ ඉඳගෙන අයවැයක් හැදුවා.

අපේ මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය තිබෙනවා. දැන් අපි ඉන්නේ වෙන පැත්තක. නමුත් පක්ෂයේ අදහස වෙනස්. පක්ෂයේ ප්‍රතිපත්තිය සහ දර්ශනයට විරුද්ධ එකක්. එතකොට අපිට ඒකට එකඟ වෙනවද, නැද්ද කියලා ලොකු ගැටලුවක් එනවා.

ලංකා හොස්පිටල් එකට ආරක්ෂක ‍ලේකම්වරයා පත්කරනකොට ඒක සුළු ලාභයක් ලබාගෙන තිබුණේ. ඊට පස්සේ ඒක බාරදෙනකොට මිලියන 650 කට වැඩි ලාභයක් ලබාගෙන තිබුණා. ඒක තමයි මුලින්ම විකිණෙන්න තියලා වෙන්දේසියට යන්නේ. රක්ෂණ සංස්ථාව වෙන්දේසියට යන්නේ. මේ විදිහට ගිහින් මුළු සමාජයම වෙනස් අතකට හැරවෙයි.

රාජ්‍ය සේවයට අලුතෙන් බැඳෙණ අයට පෙන්ෂන් එක නෑ. මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් කැන්සල් කරාට මම කතා කරන්න යන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවකයාට ඒකත් අද නෑ. දැන් දොස්තරවරු නිහඬයි. ඉංජිනේරු මහත්වරු නිහඬයි. මම වෘත්තිකයින්ටත් දුන්නා. අපි රාජ්‍ය සේවකයා ශක්තිමත් කළා. ඒකම අපිට පාරා වළල්ලක් වුණා. බයිසිකලයක් දුන්නා. ඒකෙන් ගිහින් අනිත් පැත්තට ගැහුවා. ඒකේ වෙනස දැන් හොඳට පේනවා. වාහන මිල වැඩි වෙලා. මේ වෙනස නම් හොඳයි. මේවා පිළිබඳව හිතන්න කා‍ලේ ඇවිත් තියෙනවා. මම පන්සල් යනවානම් එතනට යන්න එපා කියලා පක්ෂයෙන් මන්ත්‍රීවරුන්ට ලියුම් යවනවා. මම දන්නෑ ඇයි කියලා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන සහභාගි වී සිටියහ.

වාර්තා කළේ -රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට/ ටී. විජේසේකර මුලටියන

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.