Featured

ඊළාම් දෙන්න තවත් පියවර ඉදිරියට-දෙමළාට බැන්නොත් වැඩ වරදි

කොටි ත්‍රස්තවාදීන්ගේ සහ යහපාලන බෙදුම්වාදීන්ගේ රට දෙකඩ කිරිමේ සිහිනයට තවත් පියවරක් ඉදිරියට තබමින් ජාතිවාදය කතා කරන අය හිරේ යවන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ.

ජාතිවාදි හෝ ආගම්වාදි ප්‍රකාශ කරන්නන්ට අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරදඬුවම් නියම කිරීම නීතිගත කරන ලෙස මෙ මගින් ඉල්ලා තිබේ.අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහය සශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමිත අතර

ජන කොටස්‌ අතර වර්ගික හෝ ආගමික කණ්‌ඩායම අතර ආගමික, වර්ගික හෝ ජාතික අසමගිය ඇති කරන ප්‍රකාශ සහිතව ලියන්නට හෝ සංඥ මාර්ගයෙන් ප්‍රකාශ කිරීම මේ අනුව තහනම් වේ.එමෙන්ම ජනවර්ග ආගමික හෝ වාර්ගික කණ්‌ඩායම් අතර අසන්තෝෂය හෝ සතුරු බව ඇති කිරීම හෝ ඒ සඳහා තැත් කිරීම හෝ ඊට පෙළඹවීම් කිරීම ද තහනම් කර තිබේ.

අදාළ චෝදනාව සමථයකට පත් කළ නොහැකි බවද සංශෝධන පනත් කෙටුම්පතෙහි දැක්‌වේ.

ඒ අනුව ඉදිරියේ ඊළාම් රාජ්‍ය නිර්මානය කිරිම සදහා රට දෙකඩ කිරිමට වත්මන හිවල් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග හමුවේ මෙරට දේශප්‍රේමි සංවිධාන සිදුකරන විරෝධතා මේ හරහා මර්දණය කිරිම බෙදුම්වාදි ආණ්ඩුවේ අරමුණ වි තිබේ.

මේ අතර ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක්‌ ගෙන ඒමට රජය යහපාලන රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.එම පනත හරහා පවතින රජයට දේශප්‍රේමීන් කවුරුන්ද යන්න තමන්ගේ අධිකරණ ක්‍රියාවලියක් හරහා තීරණය කල හැකි වන අතර දේශ ද්‍රෝහින් වන් අයට දඩුවම් කිරිමට පොට පාදා ගත හැකි වන බව අප පසුගිය නොවැම්බර් 24 වැනිදා අනාවරණය කළා.

කියවන්න –ඉක්මනින්ම ඔය වෙබ් කාරයෝ ටික මර්දණය කරන්න වෙනවා -මර්දණයට දේශප්‍රේමී පණතක්!

Top