Breaking
7 Apr 2025, Mon

ඊළාම් වාදයෙන් උතුර ප්‍රීතියෙන් ඇලලී යයි

දෙමළ ජනතාවගේ දීර්ග කාලීන අභිලාශයක් වන මාතෘ භූමිය, ජාතිකත්වය සහ ස්වයං නිර්ණය අයිතිය මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහිත විසඳුමක් ලබාගැනීමේ ආසන්නයටම තමන් පැමිණ ඇති බව  යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වී සිටින එස්.ශ්‍රීධරන් පවසයි.

“දෙමළ ඊළාම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් විසින් පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය, ඔහුගේ මගපෙන්වීමට අනුව, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙනුත්, ජනතාවගේ අයිතීන් වෙනුවෙනුත් අඛණ්ඩව කටයුතු කරන්නෙමු”

“දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිටි කාලයේ සිට දෙමළ ජනතාව කුමන ආකාරයකින් කටයුතු කලාද, ඒ සියළු දුක්පීඩාවන් වෙනුවෙනුත්, ජාතික නායකතුමා විසින් පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය වෙනුවෙනුත් මාගේ ගමන ආරම්භ කර, දෙමළ ජනතාව වෙනුවෙනුත්, මාගේ දේශය වෙනුවෙනුත් මා කැපවී කටයුතු කරන්නෙමි” යනුවෙන් ප්‍රකාශයක්ද ඔහු විසින් කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.