Featured

ඊළාම් සදහා ජාත්‍යන්තර ගුවන්තොටුපලක්!

උතුරේ කොටි ත්‍රස්තවාදීන්ගේ වෙනම රාජ්‍යයක් කරායන ගමනට පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී-රනිල් දුන් පොරොන්දු ඉටුකරමින් වෙනම රාජ්‍යයක් සදහා අවශ්‍ය ජාත්‍යන්තර නිර්දේශ සැපරිම සදහා පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමට රජය එකඟතාවය පලකර උතුරේ අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි සංවර්ධන කටයුතු සහ ආර්ථික සම්පත් දියුණු කිරිමටත් විශේෂයෙන් පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග යනාදීන් සමඟ සාකච්ඡා කළ පරිදිම මේ වනවිට එම සංවර්ධන ක්‍රියාවන් ඉතා ඉක්මනින්ම ක්‍රියාවට නංවන බව ද්‍රවිධ ජාතික සන්ධානය අනාවරණය කර තිබේ.මින් ඉදිරියට ජාත්‍යන්තරය සමග උතුරු හා නැගෙනහිර සබඳතාවයන් පවත් වනුයේ වෙනම බවත් ඒ සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අතිශයම වැදගත් බවද ද්‍රවිධ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදිම සදහා කොන්දේසි කිහිපයකටම ඔහු අත්සන් තැබු බවත් කලට වෙලාවට ඇතැම් එකගතාවන් ක්‍රියාත්මක වුවත් ජනාධිපතිවරයාගේ පසුගාමී ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතැම් එකගතා තවමත් ක්‍රියාත්මක කර ගැනිමට නොහැකි වු බවද ද්‍රවිධ සන්ධානය පවසා ඇති බව අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Top