Featured

ඊ නිවුස් ගුවන් හමුදාපතිගෙන් කප්පම් ඉල්ලලා -ආරක්ෂක මණ්ඩලයට වාර්තාවක්

ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේන් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘ ලෙස පෙනී සිටින සදරුවන් සේනාධිර කෝටියක කප්පම් මුදලක් ඉල්ලිමේ සිද්ධියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනු ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් කිරිමට ආරක්ෂක මණ්ඩලය රහස් පොලිසියට ඇතුලු බුද්ධි අංශ වෙත පැවරිමට කටයුතු කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ගගන් බුලත්සිංහල සහ හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම එක්වී රුපියල් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය වංචා සිදුකර ඇති බවත්,ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සහ ඔහුගේ මස්සිනා වීමට යන කුප්‍රකට ව්‍යාපාරික වෑගපිටිය දෙදෙනා එක්ව කාලාන්තරයක් තිස්සේ ලංකාවේ කුරුළු පාරාදීසයක් ලෙස සැලකෙන කොග්ගල කුරුළු දූපතේ සිටින දුර්ලභ කුරුල්ලන් ඉන් එළවා දැමීමේ මහා පාරිසරික විනාශයක් ආරම්භ කර තිබේන බවටත් අවස්ථා ගණනාවක ලංකා ඊ නිවුස් හරහා අසත්‍ය පුවත් පලකල අතර පසුව අදාළ පුවතඉවත් කිරිමට නම් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබාදෙන ලෙසට සදරුවන් සේනාධිර බලපෑම් කර තිබේ.

ආරක්ෂක මණ්ඩලය තුල මේ සම්බන්ධයෙන් බරපතල ලෙස සාකච්ඡාවට භාජනය වි ඇති අතර ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් ඊ නිවුස් නිළ නොලත් කතෘ තුසිත හල්ඔලුවට එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කර ඇති බවද ඊට අමතරව විවිධ කණ්ඩායම් හා පෞද්ගලික ආයතන හරහා ඊ නිවුස් වෙබ් අඩවිය කප්පම් ගන්නා අකාරයද සාකච්ඡා වි තිබේ.

මහත් මත බේදයකට තුඩුදුන් අවන්ගාඩ් ආයතනයේ අධිපති නිශ්ශංක සේනාධිපති ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සදහා මසකට මිලියනයක කප්පම් මුදලක් ලබාදෙන බවද අනාවරණය වි තිබේ.මිට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම ලංකා ඊ නිවිස් වෙබි අඩවිය එල්ල කළ විවේචනයන්ගෙන් බේරිම සදහා මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා දිමට ටෙලිකොමි සභාපතිවරයා තිරණය කර තිබෙන බවද එහිදි අනාවරණය වි ඇති අතර එම කප්පම් මුදක් ලබා ගැනිම සදහා ලංකාවේ සිටින කිහිප දෙනෙකු වක්‍රව කටයුතු කරන බවද අනවරණය වි තිබේ.

මේ අතර මුදල් අමාත්‍යවරයාගේ යටතේ පවතින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වෙළද දැන්විමක් කිසිදු වැදගැම්මකට නොමැති ඊ නිවුස් වෙබ් අඩවියේ පලකර ඇති අතර ඒ වෙනුවෙන් මසකට පන්ලක්ෂ විසිපන්දහසක මුදලක්ද ගෙවන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිනි මෛත්‍රීපාල කියා සිටියේ..
පුද්ගලික නාලිකා වල ප්‍රවෘත්ති විකාශ වල සියයට අසූවක් ප්‍රචාරය වන්නේ රජය විවේචනය කරන දේවල් බවය…එහෙම කියාගෙන සිරිසේන වක්‍රාකාරයෙන් එසේ නොකරන ලෙස තර්ජනය කරන බව ඕනෑම ගොනෙකුට වැටහේ..

“රජය විවේචනය කිරීම පිළිබද කිසිදු ගැටලූවක් නොමැති මුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙන යමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබද මාධ්‍ය ආයතන වෙත මග පෙන්වීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු වගකීමක්. එය කිසිසේත් මාධ්‍ය මර්ධනයක් සදහා කරන කටයුත්තක් නොවන අතර එය ජනතාවට හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබද අයිතිය ලබාදීම වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළක්. එමෙන්ම විද්්‍යුත් මාධ්‍ය ආයතන මගින් තමන්ට ලබාදී ඇති සංඛ්‍යාත පරාසයන් අභිබවා යමින් නීති විරෝධි ලෙස කටයුතු කිරීම පිළිබදව සොයා බැලීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගැනිමේ හැකියාව පිළිබදව ද නිළධාරින්ගේ අවධානය යොමු කළේය.”

ජනමාධ්‍යයට සිරිසේන බලපෑම් කල අයුරු…… ඔබට මතකද…..

 

Top