Anonymous Reporter

එක්කෝටි හතළිස් අට ලක්ෂයකට කෙලවු රාජිතගේ බාල බෙහෙත් මෙන්න

රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා මෙරපනම් (Meropenem injection 500mg) නමැති ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි තොගයක් තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරිමට රහසේම කටයුතු කර තිබේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය ජීවිතාරක්ෂක කාණ්ඩයට අයත් ඖෂධයක් වන් අතර පසුගිය වර්ෂයේ මැයි මස මෙරටට ඉන්දියානු සමාගමක් මගින් මෙම එන්නත් කුප්පි 100,000ක් ආනයනය කළ බවත් ඉන් කුප්පි 31,000ක් කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදුන් බවත් අනාවරණය වි තිබේ.

එසේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදුන් එන්නත් කුප්පි කිහිපයක වීදුරු කැබැලි තිබුණු බවට තහවුරු වීම හේතුවෙන් සෑම එන්නත් කුප්පි ඇතුළත්ව තිබුණු කාණ්ඩයේ එන්නත් කුප්පි සියල්ල භාවිතයෙන් ඉවත් කර තිබේ.එසේ භාවිතයෙන් ඉවත්කර ඇත්තේ කාණ්ඩ අංක 3602 යටතේ තිබුණු එන්නත් කුප්පි තොගයයි.

පසුව මෙරටට ආනයනය කළ ශ්‍රී ලංකාවේ තිබෙන ඖෂධ සමාගමට ඒ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියත්, ඖෂධ නීතිගත සංස්ථාවත් ලිඛිතව දන්වා තිබේ.භාවිතයෙන් ඉවත් කළ ඖෂධ තොගයේ වටිනාකම වන රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක මුදල යළිත් ගෙවීමට කටයුතු කරන ලෙසද එම ආයතන මගින් අදාළ ඖෂධ සමාගමට දන්වා ඇතත් මේ වනතෙක් එම මුදල් ගෙවීම මගහැර තිබෙන බවත් අනාවරණය වි තිබේ.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බලපෑම මත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ටුස්ටුසුමැබ් නැමැති පිලිකා එන්නත ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ සමාගම වන Pharmace (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ රාජිතගේ පුත් චතුර සේනාරත්න සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් කලමණාකරණය කිරීමේ සුදුසුකම් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට පත් එචි.එම්.එම් රූමි බව අප මිට පෙරද අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/12909

Top