Breaking
10 Mar 2026, Tue

එක්සත් ජාතීන්ගේ ලෝක භූ විද්‍යා උද්‍යාන නම් ලැයිස්තුවට චීන භූ විද්‍යා උද්‍යාන 6ක් එක් කෙරේ

යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලය ඊයේ(27) ලෝක භූ විද්‍යා උද්‍යාන නම් ලැයිස්තුවට තවත් භූ විද්‍යා උද්‍යාන 18ක් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය. එයට චීනයේ Changbai කඳුකර භූ විද්‍යා උද්‍යානය ඇතුළු චීන උද්‍යාන 6ක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.

මේ වන විට යුනෙස්කෝ සංවිධානයේ ලෝක භූ විද්‍යා උද්‍යාන නම් ලැයිස්තුවට ඇතුළත් වූ සමස්ත උද්‍යාන ගණන 213ක් වන අතර ඒවා රටවල් 48ක් ආවරණය කරයි. එහි අන්තර්ගත වැඩිම භූ විද්‍යා උද්‍යාන සංඛ්‍යාව චීනය සතුය.

අලුතින් එකතු කරන ලද ලෝක භූ විද්‍යා උද්‍යාන චීනය, බ්‍රසීලය, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, හංගේරියාව, පෝලන්තය සහ පෘතුගාලය යන රටවල පිහිටා ඇත. මීට අමතරව, තවත් උද්‍යානයක් බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල් දෙක පුරා විහිදෙන බව යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර ඇත.