Breaking
24 Feb 2025, Mon

‘එක් රටක් දේශයන් දෙකක්’ යහපාලන පිහිටෙන් රට බෙදන කොටි වැඩ අරඹයි

දෙමළ දේශය පිළිගෙන, ස්වයං නිර්ණ අයිතීන් මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් අවධාරණය කරමින් තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි.‘එක් රටක් දේශයන් දෙකක්’ යන ප්‍රතිපපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

“මෙවර මැතිවරණයට දෙමළ ජාතික ජනතා පෙරමුණ ස්වාධීනව උතුරු නැගෙනහිර දෙමළ මාතෘභුමියේ තරඟ කිරීමට නියමිතය. ‘එක් රටක් දේශයන් දෙකක්’ යන අපගේ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නෙමු. එහි කිසිඳු වෙනසක් නොකර, අඛණ්ඩව ජනතාව වෙනුවෙන් සේවය කරන්නෙමු.

අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි. දෙමළ දේශය පිළිගන්නා ස්වයං නිර්ණ අයිතිය මූලික කරගෙන, ස්වාධීන ෆෙඩරල් පාලන ක්‍රමයක් යන ප්‍රධාන කරුණ අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කිරීමට නියමිතය.

ස්වයං නිර්ණ අයිතිය සමඟ වෙනම දේශයක ස්වාධීනව ජීවත්වීම, පසුගිය කාලයේ දෙමළ ජනතාව සිදුකල පරිත්‍යාගයන්ට ලබාදෙන වටිනාකමකි. යන ස්ථාවරයේ අප ස්ථිරව සිටින්නෙමු. යුද්ධයට පෙර සහ පසුව අතුරුදහන්කල පුද්ගලයින්ගේ ගැටළුව, දෙමළ‍ දේශපාලන රැඳවියන්ගේ ගැටළුව, දෙමළ ජනතාව යලි පදිංචි කිරීම, ඉඩම් ආක්‍රමණය කිරීම, හමුදාකරණිය කිරීම, සැළසුම් සහගත පදිංචි කිරීම්, ආර්ථික වශයෙන් අපව සූරාකෑම යනාදී කරුණු අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සැළසුම් සගතව සිදුකල ජාති ඝාතනයට එරෙහිව දේශීය සහ වීදේශීය වශයෙනුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ අඛණ්ඩව හඬ නගන්නෙමු. එම වැඩපිළිවෙල අප අඛණ්ඩව සිදුකරන්නෙමු. දෙමළ ජාතිකත්වය මූලික කරගෙන, අප සඳහා වන වරම ජනතාව අනිවාර්යයෙන්ම ලබාදෙනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු” යනුවෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වමින් කියා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.