Featured

එජාපය දින්නොත් අපිට ස්වයං පාලනය ලැබෙනවා සහතිකයි

මැතිවරණයෙන් පසු, ප්‍රමාදයකින් තොරව කඩිනමින් දේශපාලන විසඳුමක් ලබාගැනීමට හැකිවනු ඇති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් පවසයි. මෙ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත හොත් විධායක බලතල උපරිමයෙන් භාවිතා කර උතුරේ ස්වයං පාලනය ස්ථාපණය කිරිමට කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග එකඟතාවයක් ද ඇතිකරගෙන තිබේන බවයි ඔහු පවසා ඇත්තේ. පසුගියදා යාපනයේ පැවති පක්ෂ අපේක්ෂකයන් සහ විද්වතුන්ගේ හමුවකට එක්වෙමින් ආර් සම්බන්ධන් අවධාරණය කර ඇත්තේ දශක ගණනාවක සිහිනය දැන් යථාර්ථයක් වි ඇති බවයි.

“මෙම මැතිවරණයෙන් පසු, ප්‍රමාද නොවී කඩිනමින් දේශපාලන විසඳුමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය අපට ඇත. ඒ සඳහා අප දීර්ඝ කාලයක සිට කටයුතු කරමින් සිටින්නෙමු. එම විසඳුම ලබාගැනීමට හැකි අවස්ථාවක් මේ වනවිට ඇත. එබැවින්, දෙමළ ජනතාව විශ්වාසය තබා ඇති දේශපාලන පක්‍ෂයක් ශක්තිමත් කල යුතුය.”

මේ අතර සියළුදෙනා සිංහල දේශපාලන බලවේගයන්ට බියනොවී ද්‍රවිධ ජාතික සන්ධානයට බහුතරයක් ලබාදිය යුතු බව තමිලරසු පක්‍ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධාකයක ප්‍රකාශ් පවසා තිබේ.මේ වනවිට මැතිවරණ කටයුතු වල නිරතවී සිටින ඇතැම් TNA ඡන්දය දෙකඩ කිරීමට කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු පවසයි.

 

 

Top