Breaking
9 Apr 2025, Wed

එජාපය පරදින බව මෛත්‍රී කියයි…ජාත්‍යන්තර වහලෙකුගේ විශේෂ ප්‍රකාශය

කලකට පස්සේ යලිත් මෛත්‍රී තමන්ගේ ජාත්‍යන්තර වහල් භාවය අද යලිත් නිරූපණය කළා.“මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.” යනුවෙන් අද මෛත්‍රී පඩත්තලයා කල  කතාවෙන් පසුව එජාපයේ ලපයි..සිපයියන් උද්දාමයට පත්ව සිටින බව වාර්තා වේ.නමුත් අප ඔය උද්දාමයට පත්ව රෙදි නැතුව නටන  ලපයි..සිපයියන් එක දෙයක් මතක් කර දිය යුතුය එනම් අගෝස්තු 18 වැනිදාට එලිවෙනකොට මේ රටේ බෙදුම්වාදීන්ට එරෙහිව සටන් කල හැකි…රට සංවර්ධනය කල හැකි මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන් ආසන 120කට වඩා ලබා ගනිමින් ජයග්‍රහණය කරන බවත් ඉන් පසු අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමත්තේන් පත්වන්නේ මහින්ද රාජපක්ෂ බව තරයේ ඔය ට එවුන් මතක තබාගත යුතුය.

මහින්දට නාමයෝජනා දිම ගැන ජාත්‍යන්තර වහලා වු මෛත්‍රී කියා සිටියෙ “‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.” යනුවෙනි ඒ අනුව අගෝස්තු 18 වැනිදා මෛත්‍රී කියන්නේ වැරැද්ද “‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි මේ පාර්ලිමේන්තු ක්‍රමයේ” යනුවෙන් පාර්ලිමේන්තුවට දෙස් දෙවොල් තැබිම හැර මෛත්‍රීට වෙන කරන්නට කෙන්ගෙඩියක් නැත.

මෙම විශේෂ ප්‍රකාශයේ මහින්ද ගැන කී කතා ගැන අප වැඩියෙන් අවධානය යොමුකල යුතු නැත මන්ද තවමත් මහින්දට සර්….. කියාගෙන දෙකට නැමෙන මහින්ද ඉස්සරහා කෙලින් හිටගන්නට බැරි පෞරුෂයක් නැති මෛත්‍රීට කැමරාව ඉදිරිපිට විශේෂ ප්‍රකාශ හැර වෙන කරන්නට දෙයක් නැති නිසාවේනි.

නමුත් මෙම විශේෂ ප්‍රකාශය හරහා මෛත්‍රී ගත් මජර උත්සහයක් තිබේ. එනම් මහ බැංකුව කොල්ල කෑ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බව දැන දැනම් ඔහුව බෙරා ගැනිම සදහා කල ප්‍රකාශයයි.

“මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.”

මහ බැදුම්කර වංචාව හරහා රටට අහිමිකර ඇති මුදල මේ වන විට රුපියල් කෝටි 5900 ක් රනිල් වංචාකල බව දැන දැනම තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවද මෛත්‍රී මෙහිදි පිළිගෙන තිබේ.

“රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි.”

අවසාන වශයෙන් ඔය නටන  ලපයි..සිපයි යන්ට මෛත්‍රී කණේ පහරක්ද ගසා තිබේ…..

“2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි.”

අවසාන වශයෙන් අපි මෛත්‍රී ජනපතිට යමක් මතක් කර දියයුතුය…ඒ තින්ත බාල්දියකට වැටුනු හිවලෙකු අමුතුම සතෙකු  ලෙස පෙණි සිටියද හූ කියන්නට ගිහින් අමාරුවෙ වැටුනු අයුරු මෛත්‍රීද මතක තබාගත යුතුය.

~~රණවීර වීරභාහු~~

මිට පෙර මෛත්‍රීගේ ජාතිය ඇමතිම –ජාත්‍යන්තර වහලෙකු ජාතිය අමතයි …. අයියෝ සිරිසේන

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.