Featured

එජාපය සෙනඟ අර්බුදයක! ඉදිරි වසර 10කට රනිල් නායකයා යෝජනාව හෙට!

හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70වන මහා සමුලුවට සෙනග ගෙන්වා ගැනිමේ බරපතල් අර්බුදයකට එක්සත් ජාතික පක්ෂයි මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. සමුලුව ඉලක්ක කර ආසන සංවිධායකවරුන්ට සමුලුව සදහා ආසනයේ ජනතාව රැස්කිරිමට රැකියා බෙදාදිමේ අයදුම්පත්‍ර සහ විවිධ සහන ලබාදිමේ කොන්දේසි සහිත නාම ලේඛනයක් සකස් කර බෙදාහැරීමට කටයුතු කර ඇති අතර අවම වශයෙන් එක් සංවිධායකවරයෙකු 50 දෙනෙකු අනිවාර්යයෙන් සමුලුවට රැගෙන ආ යුතු බවට නියෝගයක්ද දි තිබුනා.

නමුත් ඊයේ හදිසියේම සෑම ආසන සංවිධායකවරයෙකුටම පාක්ෂියන් 250 බැගින් රැගෙන එම අනිවාර්‍ය කර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආසන්නම ලංගම ඩිපෝවේන් ලබා ගැනිමට කටයුතු කරන ලෙසද දැනුම් දි තිබේ.

සෙනසුරාදා ( 10) කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70වන මහා සමුලුව සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රීයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ රනිල් පිළේ ප්‍රබලයන් අතර පැවැති සාකච්ඡාවේදි මෙම තිරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65වන මහා සම්මේලනය සදහා එජාපයෙ සංවිධායකවරුන් හරහා විවිධ සහයන් ලබාගත්තද එජාපයේ කිසිවෙකුත් ඒ අකාරයේ සහයන් ලබා ගැනිමට කටයුතු නොකල යුතු බවද දැනුම් දි තිබේ.

මිට අමතරව පක්ෂ 70වන මහා සමුලුව අමතා කත පැවැත්විමට ලබාදිය යුත්තේ කාටද යන්න සාකච්ඡා වි ඇති අතර එහිදි සජිත් ප්‍රේමදාසට කතාවක් නොදිය යුතු බව රනිල් පිළේ ප්‍රබලයන් යෝජනා කර තිබේ.නමුත් රනිල් එම යොජනාව වෙනස් කරමින් කියා ඇත්තේ ඉදිරි වසර 10 සදහා පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවට සජිත් ලවා යෝජනාවක් ඉදිරිපත් කල යුතු බවයි.
ඉදිරි වසර 10 සදහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන් විසින්ම දරණ බවත් ආණ්ඩු පැවතිම හෝ නැතිවිම ඊට බාධාවක් නොවන බව (06දා) රාත්‍රියේ සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ සභා රැස්වීමේදී තරයේම අවධාරණය කර ඇති අතර පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු කරන්නට රතු එළියක්ද දල්වා තිබේ.

Top