Featured

එජාප පාතාලයෙන් මෛත්‍රීටත් තර්ජනයක්!ජනාධිපති ආරක්ෂක ඒකකය විසුරුවයි!

එක්සත් ජාතික පක්ෂය පාතාලය සමග සිදුකරන සමිප ගණුදෙනු හෙතුවෙන් ජනාධිපතිවරයාටද ජිවිත අනතුරක් සිදුවිමට ඉඩ ඇති බව බුද්ධි අංශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අනතුරු අගවා තිබේ.ඒ අනුව  ඉදිරි පැය 48 ක් ඇතුළත ජනාධිපති ආරක්ෂක ඒකකය සම්පූර්ණයෙන් ඉවත් කර තම ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය වෙත මාරු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ ඔත්තුකරු අනාවරණය කළා.

අප්සුගිය දින් 160ක පමණ කාලය තුල ක්‍රමිකව පාතාලය රටතුල යලි ස්ථාපිත කිරිමට එක්සත් ජාතික පක්ෂ කටයුතු කල බවත් ඉදිරි දින කිහිපය තුල පාතාල සටන් වර්ධණය විමට ඇති ඉඩකඩ සියයට් සියයක් බවද බුද්ධි අංශ පෙන්වා දි තිබේ.

මේ අතර පොලිස්පති එන්.කේ ඉලංගකෝන්ගේ උපදෙස් මත පාතාල කණ්ඩායම් ඇතුළු බරපතළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන ලෙස පොලිස්පතිවරයා පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වනවිටත් පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාශය, විශේෂ කණ්ඩායම් කිහිපයක්ම අදාළ මෙහෙයුම් සඳහා විවිධ ප්‍රදේශවලට යොමුකර ඇති බවයි.

Top