Breaking
20 Apr 2025, Sun

එජාප බල අරගලය දරුණු අතට – රවීට නගර කොළඹ මහ නගර සභාවේන් කනේ පහරක්

කොළඹ මහ නගර සභාවේ මහ සභාව  පසුගිය (30) වැනිදා රැස්වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී චමින්ද මහතා ඉදිරිපත් කරනු ලැබූ උතුරු කොළඹ සංවර්ධන ව්‍යාපෘති යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව පරාජයට පත් කර තිබේ.

මෙම යෝජනාවට නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු එජාප නාගරික මන්ත්‍රීවරුන් හත් දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එජාප, ශ්‍රීලනිප, ජ.වි.පෙ. නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් 25 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ. එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායකවරයා වන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය. ඔහු නියෝජනය කරන ආසනයේ නාගරික මන්ත්‍රීවරයකු හරහා මෙම යෝජනාව නගර සභාවට ඉදිරිපත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ එජාප නායකයින් අතර ඇති බල අරගලයේ ප්‍රකාශනයක් මෙම යෝජනාව පරාජය වීම හරහා ප්‍රකාශයට පත්වන බව වාර්තා වේ.

මෙම යොජනාවට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ කොළඹ නගරය සංවර්ධනයට ජවිපෙ කිසිසේත් විරුද්ධ නොවන අතර නිසි අධ්‍යයනයකින් තොරව නිවාස, පොදු ස්ථාන, මළ අපවහන පද්ධති ඇතුළු ජනතාව මුහුණපාන ගැටලු සඳහා පිළිගත හැකි විසඳුමක් සහිතව මෙම යෝජනාව ඉදිරිපත් කළ යුතු බවය.

එජාපය තුළ නගර සභාවේ දෙදරීමක් නිර්මාණය වී ඇති බව තහවුරු වන්නේ මීට දින කිහිපයකට පෙර රුපියල් ලක්ෂ හයසියයක් පමණ ඇස්තමේන්තු කර නගර සභා භූමියේ ස්මාරකයක් ඉදිකිරීමට නගරාධිපතිවරයා ගෙන ආ යෝජනාවට ජවිපෙ මන්ත්‍රීවරයා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමග නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එයට සහාය පළ කර තිබේ. එම විරෝධය හමුවේ නගරාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවද හකුළාගෙන ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.