Breaking
23 Feb 2025, Sun

එතනොල් ජයලත්ගේ කල් ඉකුත්වු එතනොල් ලීටර 20000ක් හංසගිරියේ බෝතල් වලට…. මෙන්ඩිස් සමාගම යලි නිෂ්පාදනයන් ඇරබිමට සුදානම්!

Published on: Aug 1, 2020 – ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් භාවිතයට නුසුදුසු කල් ඉකුත්වු එතනොල් ලීටර 20000ක් මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තැබෑරුම් හරහා ජනතාවට අලෙවි කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබුන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ (W M Mendis & Co. Ltd) නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරිම සදහා කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මෙම කල් ඉකුත්වු එතනොල් විකුණා දමා තිබේ.

අදාළ එතනොල් තොගය කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරය මෙහෙයවන ධම්මික කාරියවසම්ගේ හොර අරක්කු නිෂ්පාදනය කිරිමේ මෙහෙයුම දියත් කරන දමිත් ධනන්ජය නැමත්තා විසින් මිළදි ගෙන ඇති අතර අදාළ ගණුදෙනුව එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස් හරහා සිදුව ඇති බවද අනාවරණය වි තිබේ. ඒ අනුව හංසගිරි සමූහ ව්‍යාපාරයට අයත් වයින් ස්ටෝර්ස් 62ක භාවිතා කරමින් මෙම හොර අරක්කු විකිණිමේ කටයුතු සිදුකිරිමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් රැසක්ද මේ සදහා සහය ලබාදි තිබේන බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද වන දමිත් දනංජය නැමැත්තා එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂ කණ්ඩායමේ නායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රබල ආධාර කරුවෙක් වන අතර කළුතර දකුණ මහ හීනටියන්ගල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඔහු විසින් පවත්වාගෙන ගිය මහා පරිමාන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වටලා විශාල මත්පැන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිමද පසුගියදා සිදුවුනා. මිට පෙරද මෙම ස්ථානය ඇතුලු හොර අරක්කු පෙරන ස්ථාන කිහිපයක් සුරාබදු නිළධාරින් විසින් වැටලුවද දේශපාලන බලය භාවිතා කරමින් නීතියෙන් රිංගා යැමට දමිත් සමත් වි තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තැබෑරුම් හරහා ජනතාවට අලෙවි කරන අරක්කු බෙදාහැරීමේ ආයතනයක් සම්බන්ධයෙන් අප පසුගියදා අනාවරණය කල අතර ම පුවත් පහතින් කියවිය හැක.

සබැඳි පුවත් …. ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගම් වල ලේබල් හොරට ගහලා… හොර අරක්කු පෙරන ධම්මිකගේ හංසගීරිය මාට්ටු …

ඇලෝසියස්ගේ මෙන්ඩිස් යලි කරලියට…!

මේ අතර නියමිත කාල සීමාව තුළ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.ඒ හේතුවෙන් එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වි තිබුනා.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයෙකු වන එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස් නැමත්තා, කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරය මෙහෙයවන ධම්මික කාරියවසම්ගේ මස්සිනා කෙනෙකු වන ගාමිණී නැමත්තේකු සහ අර්ජුන් ඇලෝසියස් මෙන්ඩිස් ව්‍යාපාරය යලි ආරම්භ කිරිම සදහා මුලිකත්වය ගෙන ඇති බවද වාර්තා වේ.


http://lankanewsnetwork.org/archives/24624

W M Mendis & Co. Ltd

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.