Featured

එදා LTTEය කොස්ගමට පහර දුන්නේ නම් ඊළාම් යුද්ධය තවමත් අවසන් නැත

— කොස්ගම හමුදා කඳවුර සහ රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ ලිට්මස් පරික්ෂාව —

කොස්ගම හමුදා කන්දවුර හුදෙක් හමුදා කඳවුරක් පමණක් නොවේ, ලංකාවේ හමුදාව සතු සුවිශේෂ ඝණයේ කඳවුරකි.

රත්නපුර කොළඹ මාර්ගය මේ අසලින් වැටි ඇතිනිසා කඳවුර වැදගත්කම නිසාම LTTE යුද සමයේ මාර්ගය කඳවුරෙන් 1Km ඇතට වන්නට අලුතෙන් නිමකරන්න යෝජනා පවා පැවතිනි. (ඒ වෙනුවෙන් මුලික සැලසුම් සිදුකර ක්‍රියාත්මක කිරීම පවා ඇරඹුණි. පසුව පුනරින් මෙහෙයුමෙන් ඔබ්බට ලැබූ සීග්‍ර ජයග්‍රහණ නිසා මාර්ගය ඉවත්කිරීමේ ක්‍රියාමාර්ගය නතරවිනි.)

කලක මෙහි ප්‍රධානියා මගේ මිතුරෙක් වූ අතර, ඔහුට අනුව මෙම කඳවුරට සිදුවන රුජු බලපෑමක් මගින් ලංකාවේ ආරක්ෂාව කණපිට පෙරලිය හැකි බවයි.

කෙටියෙන්ම කියනවා නම්, LTTEට කොස්ගමට ගහගත්තා නම් යුද්දය හමුදාවට හුදෙක්ම සිහිනයක් වීමට ඉඩ තිබිණ. එවන් බරපතල අවධානම් තත්වයන් යටතේත් සුරකිව පවතී කොස්ගම හමුදා කඳවුරේ ගින්න හුදෙක් අහ්ම්බුවකට ලඝු කල හැකිද…?

සාමාන්‍ය මට්ටමේ ඕනෑම ගින්නකට පෙර සුදානමේ ඇති කොස්ගම කඳවුර ඉන් ඔබ්බට ආයුධ ගබඩාවට පැතිරෙන්නේ හුදෙක් අහම්බුවකට නම් විය නොහැකිය. මක්නිසාද යත්, සපයා ඇති ආරක්ෂක විධිවිදාන අනුව, පොලව මට්ටමේ සහ ඊට පහලින් ඇති ආයුධ ගබඩාව හුදෙක් සරල ගින්නකට බලපෑම් කළහැකි මට්ටමේ නොවන නිසාය…තවද එයට සිදුවන හානියකදී අරය 1-2Km අතර වන වපසරියකට බරපතල ස්රුජු  බලපෑම් එල්ල විය හැකිය.

ගින්න කඳවුරේ ආයුධ ගබඩාවටත් ඉන් භූගත ගබඩාවටත් පැතිරුනොත් සිදුවිය හැකි විනාශය සිතාගත නොහැකිය…ඉතාම බරපතල ආරක්ෂක විදිවිදාන යටතේ තිබු කොස්ගම කඳවුර සිදුවන මෙම හානිය, රාජ්‍ය ආරක්ෂාව, ඊට ඇති අවධානමේ තරම සහ ඊට දී ඇති ප්‍රමුඛ තාවය පිලිබඳ කැඩපතකි…මහබැංකු බෝම්බය සහ බරපතල ත්‍රස්ත ක්‍රියා සිදුකල නිදහස් සමාජයට අනුගත කළනොහැකි කළුකොටි නිදහස් කර ඇති පසුබිමක මෙය සාමාන්‍ය සිදුවීමක් හෝ අත්වැරද්දක් විය හැකිද…?

සතුරා වැඩ අල්ලන්නේ රාජ්‍ය ආරක්ෂාව අදාළ නිල මිරිකමින් බව සිදුවෙමින් පවතින සිදුවීම් අනුව පෙනී යයි. බුද්ධි අංශය ළදරු පාසලක් කිරීම, කොමාන්ඩෝ සහ විශේෂ බලඝන සදහා නඩත්තු බරපතල ලෙස සිමාකිරීම, 21 සියවසට සැලසුම් කල ආරක්ෂක සේවා මුලස්ථාන සැලසුම අහෝසි කිරීම සහ අතිදක්ෂ නිලධාරීන් දඩයම මෙහිම තවත් එක් ක්‍රියාවලියකි. කොස්ගම හානිය බරපතල නම් ලංකාවේ ආරක්ෂක හමුදාවම බැටන් පොල්ලක් දරන පොලිස් නිලධරියාගෙන් ඔබ්බට නොයනු ඇත.

සිදුවීම හුදෙක්, සාමාන්‍ය සෙබෙලෙක් හෝ නිලධාරියෙක් දෙසට දිශානති කරමින් පරීක්ෂණ අවසන් වනු ඇත. නමුත් සත්‍ය ලෙසම රටට හිතැති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මේ වනවිට සිදුවෙමින් ඇති දේ ගැන විපරිතභාවය කෙසේ පියවා ගනීදැයි සිතන විට කෙටියෙන්ම එය රට කරවන ඇත්තන්ගේ යහපතට නම් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය…

Top