Breaking
24 Feb 2025, Mon

එම් .කේ .ඩී .එස් ගුණවර්ධනත් ගියා ඊළඟට!

යහපාලනය නැමති බෙදුම්වාදී ආණ්ඩුව නිර්මාණය කිරිමට රාජපක්ෂලා සම්බන්ධයෙන් බොරු වපුරමින් සෝභිත හිමියන් ප්‍රමුඛ බෙදුම්වාදීන්ගේ සල්ලි වලින් යැපුණු කණ්ඩායම නියෝජනයි කරමින් යහපාලනය නැමති මජර ආණ්ඩුව නිර්මාණය කිරිමට කඩේ යෑමෙන් ලැබුනු ඩොලර් කුට්ටි වලින් සුර සැප විදිමට තරුණ වෙන්න ගිය ඉඩම් අමාත්‍ය එම් .කේ .ඩී .එස් ගුණවර්ධන කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19)මරණයට පත්වුනා.

යහපලනය නැමැති බෙදුම්වාදී ආණ්ඩුව උදාකිරිමට පලමු වෙඩි මුරය තැබු කිහිප දෙනා අතර සිටි ගුණවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා තිබු පෞද්ගලික මිතුරුකම හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් ත්‍රීකුණාමල දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .කේ .ඩි .එස් ගුණවර්ධන මැතිතුමාගේ නමින් ශ්‍රී .ල .නි .ප යට ලබා දුන් මුද්‍රණාලය චන්ද්‍රිකා සමග එක්ව විකුණාගෙන කෑ අයෙකු වන අතර රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බවට දස අතේ දිවුරන්නටද කටයුතු කල අයෙකී.

ජනාධිපතිවරණයෙන් පසුව රාජිත සේනාරත්න ,පාඨලි චම්පික ,රතන හිමි ,එස් .බී නාවින්න , අර්ජුණ රණතුංග සමග එම් .කේ .ඩී .එස් ගුණවර්ධනද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරීමට කටයුතු කල පක්ෂය පාවාදුන් අයෙකු ද වේ.

පසුගිය මාස දෙකක පමණ කාලයක් ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන යහපාලන මුදලින් එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය දෙසැම්බර් මාසයේ 10 වෙනිදා ඔහු මියගිය බවටද පුවත් වාර්තා පලවුනා.

රෝගාතුරව විදේශ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගේ සුවදුක් විමසීමට, අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ එංගලන්තයේ සංචාරයකදි කටයුතු කර තිබු අතර එහිදි අවසන් මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තමන් නෙරපිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකර තිබේ.

ජනතාවට බොරු බේගල් ඇදබාමින් ඔහුන්ව රවටා රට බෙදුම්වාදීන්ගේ තිප්පොලක් බවට පත්කිරිමට ඩොලර් කුට්ටි ඉදිරියේ නිරුවත් වු යහපාලන ගොයියන්ට ඉතා ඉකමනින්ම අත් වනුයේ සෝභිත හිනියන්,ගුණවර්ධනලාට අත්වු ඉරණම බව මතක තබාගත යුතුය.

nuwara-www.nethfm.com1_

MKDS

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.