Breaking
23 Feb 2025, Sun

එළද බ්‍රා සහ මෝඩි බ්‍රා ගැන පුරවැසියාගේ ලියුම…

චෝලිය බොඩිය වී – බොඩිය බ්‍රෙසියරය වී
බ්‍රෙසියරය බ්‍රා වී – බ්‍රා මෝඩි වී
—————————————

සිරි ජයවද්දන පුර කෝට්ටේ රාජධානියෙ දී කාන්තාවන් පිරිසක් ඉදිරියේ “තිසර තන“ ගැන කතා කළ අපේ සිරා ගොයියා, ඊට පහු වෙනිදා හීනෙන් අවදි වෙන්නේ එන්රික්ගේ මුහුණට වීසි කරපු “කළු බ්‍රා“ එකට බය වෙලා.

බ්‍රා එකක් නැතත් නිකර් එකක් හරි- අතට එනකම් එන්රික් සූදානමින් හිටිබව නම් මට හොඳින්ම වැටහුණා. “දීපිය.. දීපිය… ගලවල දීපිය…“ කියන්නා සේ එන්රික් ජංගියක් හරි බලාපොරොත්තුවෙන් ඇඹරෙනව වගෙයි මමනම් දැක්කේ.

“එළදබ්‍රා“ කියලා එන්රික්ගේ නහයටම ආපු පුසුඹවත් “බ්‍රා“ එක පිළිගන්න වේදිකාවෙ කොනක කණු පොජ්ජකුත් සැදී පැහැදී හිටිය බව නම් දකින්න ලැබුණා.

හොඳ වෙලාවකට ජංගි පෝජ්ජක් අවෙ නැත්තේ. බ්‍රා එකෙන්නම් වහනය වෙන්න පුළුවන් මිනිස් ශ්‍රමය සංකේතවත් දියර හෙවත් දා දිය යි. සමහර විට කිරි සුවඳක් කලාතුරකින් තියෙන්නවුණත් බැරිකමක් නැහැ. ඒත් එහෙම වෙන්න තිබුණු ස්වභාව සෞන්දර්යය හීනයි.

මේ දිනවල රටම සංකේතවත් කරන නිකර් එක කොළොන්නාව පැත්තේ චූ කරගෙන නිසා එන්රික්ගෙ අතට එන්න අදි මදි කරන්න ඇති කියලත් හිතෙනවා. නැත්නම් එන්රික් මුසපත් වෙන්නෙම නිකර් පුසුඹෙන්ය.

“දිසි රෙන ළියෙව් රූ සිරි යුත් මෙ පුරඟන“ කියලා සිරා මාමා කිව්වට අපිට දකින්න ලැබෙන රණ ළියෙව් නම් වැඩිහරියක ගෙ ඉඟ සුඟ නෑ.. තිබුණත් එහෙව් එකා ගෙ ඉනේ මෛත්‍රී වඩවන පච්චයක්. භගමනියෙත් පච්ච. සිරා අංකල් කිව්ව වගේම රණ ලියෙව් දැන් නැහැ. ඉන්නෙම රෙන ළියෙවේම තමයි. රණ ළියෙව් ඉන්නෙ කොහොමද … දැන් යුද්දෙකුත් නැහැ නොවැ. මහින්ද මාමා යුද්දෙ අහවර කරපු නිසා රණ ලියක් හොයා ගන්නවත් දැන් නැහැ.

සිංහල බෞද්ධ සංස්කෘතික හා පාරිසරික උරුමය ආරක්ෂා කොරන්න හිටං, රටට දැයට පහළ වෙච්චි සිරා මාමා ට ලෝක සිතියමේ සිරි ලංකාව තියෙන තැන හරියටම පේන්න අරන් තියෙන්නේ එන්රික් ඇවිල්ල සිංන්දු කීවට පස්සෙයි.

1977 සිටම යැංකි පරම්පරාව ශක්ති සම්පන්න කොරපු එවුන්ගේ අනුහසින් රැස් විහිදුවන සිරා මාමාට ඉංදියන් සාගරේ අමුතු ඇටේ දැන් වැහි වහින අරුමය හිතාගන්නවත් බැරිද මන්දා….

ඒ කාලෙ අපේ අත්තම්මල බ්‍රෙසියර් ඇන්ඳෙ නැහැ.
ඒ කාලෙ අපේ ආත්තම්මලගෙ දෙතන වැස්සමට කිව්වෙ චෝලිය කියලයි. සුද්ද ඇවිත් බොඩි කවර් අඳින්න ගත්තට පස්සෙ චෝලියට බොඩිය කියල කියන්න පටන් ගත්තලු. ඉංගිරිසියටම රට අවනතවුණාට පස්සේ බ්‍රෙසියර් වුණාලු. එකක් දෙකක් ඇරෙන්න හැම දේම කොටකරගන්න කාලෙ ඒකට දැන් කියන්නේ “බ්‍රා“ කියලයි.

කොල්ලො ඉතින් කොළුකමට වගේ “එළද බ්‍රා“ කියල ප්‍රශ්නයක් නැතත් ප්‍රශ්නාර්ථයකින් වගේ වහරනවා.

තන් දෙක කවර් කොරගන්න අපේ පැරැන්නෝ භාවිතයට ගත්තු චෝලිය අවසානයේ බ්‍රා වෙනකොට තව තව අපූරු දේවල් අපේ රටේ සිද්ධ නොවුණා නෙවෙයි නේ…..

MS_MODIහු ගිය මැතිවරණයෙදී අපේ සිරා මාමාත් ජාතික ඇඳුමට උඩින් තව බොඩියක් ඇන්ඳා නේ…. ඒකට සමහරු කියන්නේ “මෝඩි බ්‍රා“ කියලයි. මාමා නම් ඒ බ්‍රා එක මැතිවරණෙ අහවර වෙනවත් එක්කම ගලවලා විසී කොරලා නොවැ.

මොඩි බ්‍රා එක මාමාට ගලවල පැත්තකට දාන්න පුළුවන්නම් එන්රික්ට චෝලිය හරි, බොඩිය හරි ගලවල මූණටම දමල ගහන්න අපේ එකියෙකුට බැරි ඇයි මාමෙ කියල මටත් හිතෙනවා සිරා මාමාගෙන් අහන්න.

ඇත්තටම ඒ ඇත්ති ඒ කොරලා ඇත්තේ මාමා කොරා වගේම සිංහල බෞද්ධකම රැකගන්න දරපු උත්සාහයක් කියලයි මටනම් හිතෙන්නේ…..

තව තව ගොඩක් දේවල් මට හිතෙනවා… ඒත් ඒ එක්කොම ලියන්න බැහැ නොවැ. මේ ලියපු ටිකත් දණ හිස ගාවටම ඇවිත්. ඊට උඩින් යන්න එපා කියල උපදේශක ඇත්තො මට කියනවා නොවැ.

සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගන්න අසීමිතව කැප වෙන උත්තමයන් සියල්ලන්ම මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා…!

 

මම,
– ජනිත් විපුලගුණ –
අ-කීකරු පුරවැසියා.
2015 දෙසැම්බර් 30 –

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.