Featured

ඒකාබද්ධයට ගේම ගහන්නේ සිරිසේන ජනාධිපති …අපිට බැනලා වැඩක් නෑ…ඊළඟට ගන්නේ ප්‍රසන්නව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනිම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයාට පමණක් ප්‍රසිද්ධියේ බැන වැදුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර දිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ඇතුලු එක්සත් ජාතික පක්ෂයෙන් කල ඉල්ලිමට අනුව බව එජාපයේ රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.ඒම ඉල්ලිමට අනුව ඉදිරියෙදි ජනාධිපතිවරයාගේ ශ්‍රීලනීප නායකත්වයට අභියෝගයක්ව ඇති ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග බවද ඔහු අනාවරණය කර තිබේ.

පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බවත් එහිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්දණය කිරිමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කලබවත් එම සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මහින්දගේ ලගම ඉත්තා වන විමල් විරවංශ අත් අඩංගුවට ගත් බවද ඔහු අනාවරණය කර තිබේ.”මේ ඒකාබද්ධයේ අපිටයි අපේ නායකයාටයි බනිනවා එයාලා දන්නේ නෑ එයාට ගෙම ගහන්නේ ජනාධිපති කියලා…”

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී සිදු වී ඇති බව කියන බරපතළ වංචා දූෂණ සහ නාස්තිකාර කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශන වේගවත් කිරීමත් අවසන් වී ඇති විමර්ශන සම්බන්ධයෙන් වහාම නඩු පවරා දඬුවම් කිරීමට සහ කොල්ලකාගත් මහජන ධනය හෝ වත්කම් අත්පත් කර ගැනීමත් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මුවාවෙන් පසුගියදා ජනපති නිල නිවසේ අදාළ සාකච්ඡාව පැවැති අතර එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ අපරාධ සම්බන්ධයෙන් පිහිටුවනු ලැබූ විශේෂ ජනාධිපති කොමිසම සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදු කරන විමර්ශනවලටත් අදාළව අධිකරණමය කටයුතු වේගවත් කිරීම සඳහා ඇමැති චම්පික රණවක මහතා යෝජනා කළ විශේෂ අධිකරණය පිහිටුවීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද පසුගිය දා හිමිව තිබිණි.අදාළ සාකච්ඡා සදහා දුමින්ද දිසානායක සහ මහින්ද අමරවිරද සහභාගි වි තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා වහාම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්‍ෂ සභාපති මෛතී‍්‍රපාල සිරිසේ ජනාධිපතිවරයාගෙන් ශී‍්‍ර .ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී ඉල්ලා තිබේ බව අප මිට පෙරද වාර්තා කළා.

http://www.sinhala.lnwtoday.com/archives/12382

Top