Breaking
24 Feb 2025, Mon

ඒකාබද්ධ විපක්ෂයේ සමූපකාර සභාපති කොලේ ඉරාගෙන…අවුරුද්දයි මාස 8ට ලක්ෂ 120කට විදලා… විශ්වාස භංගයෙන් සභාපති දොට්ට

රුපියල් ලක්ෂ 120 ක මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි ගාල්ල, වැලිවිටිය දිවිතුර විවිධ සේවා ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා, එහි සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාවක් සම්මත වීමෙන් පසු තනතුරින් පහ කිරීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙසේ තනතුරින් ඉවත් කර ඇත්තේ වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනිල් ශාන්ත ගුරුසිංහ නැමැති අයයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සභාපති තනතුරට පත් වූ ඒ මහතා 2016 මැයි මාසයේ සිට වසරකුත් මාස 08 ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියේය.

එම කාලය තුල සභාපතිවරයා විසින් සිදු කරන ලදැයි කියන මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් ඔහුට එරෙහිව මහ සභා නියෝජිතයන් විසින් ගොනු කර තිබු විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබුණි.

එම සමුපාකාර සමිතියේ විශේෂ මහා සභා රැස්වීමේදී විවාදයට ගත සභාපතිවරයා තනතුරින් පහ කෙරුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ද විපක්ෂව ඡන්ද 26 ක් ද ලැබී තිබුණ බව එම අවස්ථාවට සහභාගී වූ සමූපකාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් තහවුරු කළේය.

සමූපකාර සමිති අතුරු ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව මහ සභා නියෝජිතයින් විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම විශේෂ මහ සභා වාරය, දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කැදවා තිබුණි.

මේ විශේෂ මහ සභාවට සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් 96 දෙනාගෙන් 52 දෙනෙකු සහභාගි වී තිබුණු අතර දකුණූ පළාත් සහකාර සමූපකාර කොමසාරිස් පී. එම්. පර්ලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ගාල්ල දිස්ත‍්‍රික් සමූපකාර සංවර්ධන ප‍්‍රාදේශිය නිලධාරි නීලමනී ද සිල්වා, සමූපකාර සංවර්ධන නිලධාරිනියන් වන ජීවන්ති ගුණසේකර, පී එම් සෝමලතා, පී එම් එස් රේණුකා හා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂකවරුන් ඇතුලළු මහ සභා නියෝජිතයෝ සහභාගී වූහ.

1976 මැයි 18 වන දින ලියාපදිංචි ඇත්කදුර, තණබද්දේගම සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයෙකු මෙසේ වංචා දූෂණ චෝදනා ලබා විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් පහ කරනු ලැබුවේ ප්‍රථම වතාවට බව එහි සමාජිකයෝ සහ මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මේ සමුපකාර සමිතිය, ප‍්‍රාදේශික 16 කින් සහ ග‍්‍රාමීය බැංකු 07 කින් සමන්විත වන අතර ප‍්‍රාදේශික 06 ක් පසුගිය කාලයේ වසා දමා තිබු බවද මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මෙම සමිතියේ බැංකු අංශයෙන් රුපියල් ලක්ෂ 120 කට අධික මුදලක් දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයාගේ සහ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව අවභාවිතා කිරිමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා 07 කට සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් ශාන්ත ගුරුසිංහ යන අය වැරදිකරුවා බවට විශ්වාභංග යෝජනාවෙන් මහ සභා නියෝජිතයින් බහුතරය ප‍්‍රකාශ කළ අතර ඒ අනුව ඔහුගේ සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂක ධූරය මෙන්ම සභාපතිධුරයද අහෝසි විය.

සභාපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේදී මුදල් අවභාවිතය, රන් භාණ්ඩ වෙන්දේසියේ දි සිදුකළ වංචා, සමූපකාර දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව විවිධ ඉදිකිරීම් සිදු කිරීම, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීම , ආදිය පිළිබදව කරුණු සාකච්ඡා කෙරෙද්දී සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

(ජයකාන්ත ලියනගේ)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.