Breaking
20 Apr 2025, Sun

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන ආපදා සහන සේවා අරඹයි-ඔබත් එන්න මහින්ද

2016 මැයි 16

පවතින ආපදා තත්වය පිලිබද පණිවිඩය

 

පවතින ස්වභාවික ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත් වු සියලු දෙනා පිලිබද මාගේ හෘදයාංගම සංවේගය පළමුව ප්‍රකාශ කරමි.

පවතින කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත්වීසිටින ඔබ සියලු දෙනා සමග දුකබෙදා ගැනීම සදහා මමද එක්වෙමි.

එමෙන්ම ස්වභාදහමේ මේ අකාරුණිකබව ඉක්මණින් පහව ගොස් විපතට පත් ඔබ සියලු දෙනාගේ දෛනික ජීවිත යථාතත්වයට පත්වේවායි මම ප්‍රාර්ථනා කරමි. අපදා අනතුරු අවම කරගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත් දරුවන්ගේ ආක්ෂාව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙසත් ඔබසියලු දෙනාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවුල් රැසකට අයත් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට පීඩාවට පත්වී සිටි.පීඩාවට පත් සියලු දෙනාට මුලික අවශ්‍යතා කඩිනමින් සම්පාදනය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර සිදු වී ඇති විවිධ දේපල හානි වෙනුවෙන් අපදා තත්වය පහව ගිය සැණින් අවධානය යොමු කර සහන සලසන ලෙසත් කාරුණිකව මතක් කරමි.ජීවිතක්ෂයට පත්වුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට කඩිනමින් උපකාරකරන ලෙසද විශේෂයෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් ස්ථාපනය කර විධිමත් සහ විද්‍යාත්මක ආපදා කළමනාකරණ ව්‍යුහයක් නිර්මාණය කිරීමට මාගේ පාලන සමයේ කටයුතු කර තිබීම මේ මොහොතේ මා හට ඉමහත් සැනසිල්ලකි.පවතින ආපදා තත්වය විධිමත්ව කළමණාකරණය කිරීම වෙනුවෙන් පුරුදු පරිදි කැපවීමෙන් කටයුතු කරන ලෙස අදාළ සියලු නිළධාරීන්ගෙන් මම මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන විසින් මෙහෙයවන ආපදා සහන සේවා වැඩසහටනක් ආරම්භකර ඇති බවද සිහිපත් කරමි.නාරාහේන්පිට අභයාරාමයේ පිහිටි එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට වියළි ආහාර ද්‍රව්‍ය පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනැවිත් භාර දෙන ලෙස පරිත්‍යාගශීලී ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.

ජීවිතක්ෂයට පත්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සංවේගය ප්‍රකාශ කරමින් විපතට පත්වු සියලු දෙනාගේ ජීවිත යථාතත්වයට ඉක්මණින් පත්වේවායි මම නැවත ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති.

මහින්ද රාජපක්ෂ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.