Breaking
23 Feb 2025, Sun

“එයා ඒ කාලේ ඉදලා වැඩකට අතගැහුවොත් අනාථයි”…. අළුයට තිබු රාජපක්ෂ පවුලේ අවුල එලියට! ගෝඨාභය වියරුවෙන්… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම පවිත්‍රාට නෑ…

Published on: Mar 21, 2020 – රාජපක්ෂලාට සුනාමියක් වු කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට අළුයට තිබු රාජපක්ෂ පවුලේ අසමගිය මතුපිටටම පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.පරිප්පු,සැමන් මිල අඩුකරමින් ජනාධිපතිවරයා කල ප්‍රකාශයත් සමග මේ තත්ත්වය වර්ධනය වි ඇති බවයි ඔහු අනාවරණය කළේ

අග්‍රාමාත්‍යවරයා ඊයේ (20) විශේෂ ප්‍රකාශය කිරිමට පෙර දහවල් පවුලේ සමීපතමයන් සමග සාකච්ඡාවක් සිදුකර ඇති අතර එහිදි මහින්ද දැඩි කලකිරිමෙන් යුතුව ගෝඨා විවේචනය කර තිබේ. ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ මහා මැතිවරණයේදි 2/3ක් ගැනිමට වඩා ජනාධිපතිවරණයේදි ගෝඨාභය ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඉක්මවා එකක් හෝ ලබාගැනීමට මහින්ද සිටි සුදානම අවුල් විමයි.

“එයා දේශපාලනයට ගැලපෙන්නේන් නෑ.. මම මුල ඉදලාම කිව්වා … කිව්වාට අපි වටේ හිටපු අය එවා ගනන් ගත්තේ නෑ… ” “ඒයා ඒ කාලේ ඉදලා එහෙමයි වැඩකට අතගැහුවොත් අනාථයි…. ” යනුවෙන් මහින්ද පවසා තිබේ.

පසුගිය දිනකිහිපයය තුලදි රාජපක්ෂවාදි ස්වාමින්වහන්සේලා දිගින් දිගටම මහින්ද විශ්‍රාම යා යුතු බවට කල ප්‍රකාශයද මහින්ද එහිදි මතක්කර තිබේන අතර ඒ පසුපස සිටින අය කවුරුන්ද යන්න තමන් දන්නා බවත් මහා මැතිවරණයට පසු ඔහුන් සම්බන්ධයෙන් තින්දුවක් ගන්නා බවද මහින්ද නොකිය කියා තිබේ.

ගෝඨාභය වියරුවෙන්…

මේ අතර බලයට පත්වු දින සිටම දිගින් දිගටම සිදුවුනු කරදර හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස මානසීක පීඩනයකට ලක්ව සිටින අතර එහි උච්චතම අවස්ථාව පසුගියදා මාධ්‍ය ඉදිරියේම තමන් පුරුවේ කල පවක් පඩිසන් දී ඇති බවට කල ප්‍රකාශයෙන්ම තහවුරු වේ.

ඊයේ උදෑසන බුද්ධී අංශ ප්‍රධානින් කැදවු අවස්ථාවේ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගේ සිතුම්/පැතුම් පැහැදිලි කල රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර මහතා වහාම ඊයේ හවසම කිලිනොච්චියට මාරුකර යැවිමට කටයුතු අර තිබේ.සම්පත් මහතා එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයේකු වන අතර ඔහු සැමන් /පරිප්පු සම්බන්ධයෙන් සහ කොරෝනා පැතිරයාම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාවගේ සිතුම් පැතුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමේදි ගෝඨාභයට තරහා යෑම හේතුවෙන් “අයිසේ හමුදාව හිතන විදියට හිතනවා ” යනුවෙන් ගෝරනාඩු කර තිබේ.පසුව තමන් බුද්ධී අංශ නිළධාරියෙකු බැවින් තමන් සිතන ආකාරය සහ හමුදාව සිතන අකාරය අතර පැහැදිලි වෙනසක් ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැහැදිලි කිරිමට උත්සහ කර ඇති නමුත් ජනපති එම් සාකච්ඡාවෙන් නික්මයාම නිසා එය එතනම නතර වි තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස ඊයේ හවසම ඔහු කිලිනොච්චියට මාරුකර යවා තිබේ.

රාජ්‍ය නිළධාරින්/අපේක්ෂකයන් අතර බේදිම

මේ වනවිට රාජ්‍ය නිළධාරින් සහ අපේක්ෂකයන් අතර පැහැදිලි ලෙස බේදිමක් ඇතිව ඇති අතර ජනාධිපති නිළ කාර්යය මණ්ඩලය තුලද ගෝඨාභය ජනාධිපතිවරයා හාස්‍යයට ලක්වන අකාරයේ “පරිප්පු කෑවද… සැමන් කෑවද….පරිප්පු නන්න්දේ” යන වචන මේ වනවිට නිරන්තරයෙන් ඇසේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කරන්නේ.” මේ අතර කොරෝනා වසංගත අස්සේ සිදුවන මහා මැතිවරණ අපේක්ෂක ප්‍රවර්ධණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ කණ්ඩායම් අතර ගැටුමක් හටගෙන් තිබ්න අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ එලියේ රැස්විම් සහ ගෙයින් ගෙට යැමේ ව්‍යාපාර සිදුකිරිමට නොහැකි අවස්ථාවක මාධ්‍ය හරහා තෝරාගත් පිරිසකට පමණක් අවස්ථාවක් ලැබිමයි.වාර්තා වන අන්දමට රාජ්‍ය නාලිකා සහ දෙරණ නාලිකාවේ වැඩසටහන් වලට සහභාගි වන අයවලුන් ගෝඨාභය ජනාධිපතිවරයගේ නියෝජිතයෙකු හරහා සිදුවන් අතර හිරූ නාලිකාවට මහින්ද අගමැතිගේ නියෝජිතයෙකු හරහා තොරා යැවේ.

මේ අතර පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේන් මැතිවරණයට තරග කරන හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර,ගෝඨාභයගේ සමීපතම මිතුරීය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල දිනපතා සෑම නාලිකාවකම පෙනී සිටිම හේතුවෙන් එය මැතිවරණ නීතියට බාධාවක් නොවේද යන්න තවත් ලැයිස්තුවේ සිටින අපේක්ෂකයෙකු කල විමසිමකදි ඇය සදහන් කර ඇත්තේ තමන් මහ මැතිවරණයෙන් පසුව රටේ සෞඛ්‍ය ඇමතිවරිය හැටියට වැඩ භාරගන්නා බවයි.

http://lankanewsnetwork.org/archives/23806

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.