Featured

ඔකා ලග ඉදගෙන මහින්දට වුන දේ අනිත් එක තමා මට වෙන්නේ……..

පසුගිය 16 වැනිදා අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්‌ථානයේ විවෘත කිරීමකට සහභාගි වන බවට පොරොන්දු දි අවසාන මොහොතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොපැමිණිමට හේතුව අද ජනාධිපති සම්බධිකරණ නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරුට අනාවරණය කර තිබේ.

දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතා විසින් එක්‌කෝටි අනූහය ලක්‍ෂයක්‌ වියදම් කරමින් සංවර්ධනය කරන ලද විහාරය විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා අනිවර්‍යයෙන් සහභාගි විමට සිටියද අවසාන මොහොතේ එම ස්ථානයේ සිටි ජනාධිපති ආරක්ෂක නිළධාරින් එම අවස්ථාවට බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර පැමිනේන බවට තහවුරු කිරිමත් සමග එම අවස්ථාවට ජනාධිපතිවරයා සහභාගි විම ප්‍රතික්ෂප කල බවයි ජනාධිපති සම්බධිකරණ නිළධාරියා සදහන් කර ඇත්තේ.

“ඔකා ලග ඉදගෙන මහින්දට වුන දේ අනිත් එක තමා මට වෙන්නේ……..” යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇති අතර පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරින් ලවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොපැමිණෙන බව දැනුම් දි ඇති බවයි ඔහු සදහන් කළේ.

දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතා විසින් එක්‌කෝටි අනූහය ලක්‍ෂයක්‌ වියදම් කරමින් සංවර්ධනය කරන ලද විහාරය විවෘත කිරීම සදහා  උත්සව කටයුතු සඳහා වෙනමම රුපියල් ලක්‍ෂ අටක්‌ වැයකර තිබිණ අතර  බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ආරාධනාවක්ද කර තිබුනේ නෑ.

අවස්ථා ගණනාවක මෛත්‍රීපාල සිරිසේන සමගද එකට සිට ඡායාරූප පලකර ගැනිමේ පහත් අසාවකින්  ගලගොඩඅත්තේ ඥානසාර හිමි පෙළුණු බව පසුගිය කාලසිමාවේ වාර්තා වු අතර රාජපක්ෂ රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වු උත්සවයකට එකතු  ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු බොදුබල සේනා කණ්ඩායම එය භාවිතා කරමින් එජාපය සමග එක්ව අන්තවාදය පතුරවමින් ආණ්ඩුව අපහසුතාවට ලක්කිරිමටද කටයුතු කළා.

GNASARA (1) GNASARA (2) GNASARA (3) GNASARA (4) GNASARA (5)

Top