Breaking
17 Apr 2025, Thu

ඔන්න අපිනම් බෝ පැල -පිළිතුරු දිමේ අයිතිය

අද 2015 දෙසැම්බර් මස 16 දින “දමිළ ව්‍යාපාරිකයන් රටේ ආර්ථීක බලය අල්ලන සැලැස්මක්. අනුන්ගේ පහනින් එළිය බැලු දයා බිලියන තුනකට කෙළී” යන ශීර්ෂය මත ප්‍රචාරය කර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම් වශයෙන් පෙනී සිටින භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් නැමැත්තා විසින් නිවැරදි කිරිමක් එවමින් සදහන් කර ඇත්තේ අප විසින් කල අනාවරණයේ කිසිඳු සත්‍යතාවක් හෝ පදනමක් නොමැති බවයි.

පිළිතුරුදිමේ අයිතිය පිලිගෙන තිබේන රට වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවියක් වන lankanewsweb.today තුලින් අප පලමුව අමාත්‍යංශ ලිපී ශිර්ෂය යටතේ එවන ලද පිලිතුරු දිමේ ලිපිය පහත පලකර තිබේ.

කතෘ සටහන -බෙදුම්වාදීන් එකතුවි ජනතාව ගොනාට අන්දවා,බෙදුම්වාදීන්ගේ ඡන්ද වලින් රටේ බලය අත්පත් කරගත් දා සිට යහපාලනය නැමති නාමයට බිය වෙමින් යුරෝපයෙන් සහ ඉන්දියානු බෙදුම්වාදීන්ගෙන් ලැබේන කප්පම් මත මෙහෙය වෙමින් රටට විනකරන එවුන් ජනතාව ඉදිරියේ නිරුවත් කිරිමට අප කල මෙහෙයුම අභියෝග වලට ලක්වු අවස්ථා එමටය.නමුත් එදා සිට මේ මොහොත දක්වාම අපඅ අනාවරණයන් සියල්ලම සත්‍යක් වුයේ ජනතාව පමණක් නොව මෛත්‍රීගේ බත් ගොට්ටන් පවා පුදුමයට පත් කරමිනි.

US – AID දමිළ ව්‍යාපාරික ව්‍යාපෘතිය හරහා බිලියන 3ක ව්‍යාපෘතියක් අත්පත් කර ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ කටයුතු කර ඇති අතර එම ව්‍යාපෘතිය හරහා ලැබේන මුදල් ව්‍යාපෘතිය මගහැර බෙන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් බිලියන දෙකක මුදලක් යොදවා මිළදි ගැනිම සදහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවට අප කල අනාවරණය හමුවේ මේ තරම් අමාත්‍යවරයා කලබල විමට හේතුවක් තිබේද? නැද්ද යන්න බුද්ධිමත් පාඨකයන්ට තෙරුම් ගැනිම අපහසු නොවේ.

අදාළ ගණුදෙනුව සිදුවිමෙන් පසුව අප යම් ආකාරයකට මෙම අනාවරණය සිදු කළේ නම් සමහර විට නිහඩව සිටින්නට ද තිබුනි.අවසාන වශයෙන් අප තවදුරටත් තහවුරු කර සිටිනුයේ අප අනාවරණය කල ආකරයෙන්ම ගණුදෙනුවක් සිදු විමට අදාළ සියලුම සාකච්ඡා මේ වන විට අවසන් වි ඇති බවත්ය.ඉදිරියේදි එය තහවුරු කිරිමට ප්‍රමාණවත් සාක්ෂි අපට ඉදිරිපත් කල හැක.

තවද අදාළ ලිපියේ සදහන්ව ඇති අකාරයට ….
උපුටා ගැන්ම අමාත්‍යංශ මාධ්‍ය ලේකම්ගේ ලිපිය

“එම කරුණු එක්කෝ යම් පුද්ගලයකු හෝ පාර්ශවයක් විසින් හිතා මතා ඔබගේ වෙබ් අඩවිය නොමඟ යවා ඔබ වෙබ් අඩවිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැට්ටවීමේ පටු චේතනාවෙන් හෝ සචේතනාත්මකව ම අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ කීර්ති නාමයට හානි කිරීමේ පටු අභිලාෂයකින් හෝ නිර්මාණය කරනු ලැබූ ඒවා බව මෙහිලා දැනුම් දී සිටිමි.”

උපුටා ගැන්ම අවසන්

කතෘ සටහන – කිසිවෙකුත් පාවාදිමට අප කිසිම අවස්ථාවක කටයුතු නොකරන බව අප විසින් තරයේම අවධාරණය කරන අතර තමන්ට සමිපව සිටිමින් ගුණ වර්ණනා කරමින් ඩිල් දමන්නන් පිළිබඳව කලපනාකාරිව කටයුතු කිරිම අනාගතයට සුභදායි වනු ඇත.

“මෛත‍්‍රි කොහෙත්ම එපා… කවුරුත් නැතිනම් මම පොදු අපේක්ෂකයා වෙන්නම්..”යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීට එරෙහිව ව්‍යාජ සටනක් ගෙන යමින් අවසානයේ මහනුවර පැවති ප්‍රථම රැළියේදි මෛත්‍රීගේ පරවියාටද කෙලිය දයා අවසානයට නතර වුයේ ගැණී මිනිහයි දෙදෙනාටම ඇමතිකම් දෙකක්ද අරගෙන ජනතාවට කොකා පෙන්වා බව අප මතක් කර දියයුතු නැත.

NewsWeb

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.