Featured

ඔනෑම මැතිවරණයදි මේ දෙමුහුන් ආණ්ඩුව පරාජය කරනවා

ආණ්ඩු විරෝධී පුළුල් ජනතා බලවේගයක් ගොඩනගා ඉදිරි ඔනෑම මැතිවරණයකදි වත්මන් දෙමුහුන් ආණ්ඩුව පරාජය කරන බව එකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම් කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩු විරෝධී පුළුල් ජනතා බලවේගය මේ වන විට එකාබද්ධ විපක්‍ෂය විසින් ගොඩ නගමින් තිබෙන බවයි.

ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව අවදාරණය කලේ අද (10) උඩුගම්පල ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැදවා

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා සඳහන් කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමක් කිරීමට එක් වන්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවත්සරයේදි කළ ආරාධනය පක්‍ෂය ජයග‍්‍රහණය කිරීමේ සැබැ උවමනාවකින් සිදු කෙරුනේදැයි පාක්‍ෂිකයන් අතර සැක මතුව තිබෙන බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා අද කැබ්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ සංවත්සරයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙක් වෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන බව පවසමින් එක්සත් ජාතික පක්‍ෂයේ අවශ්‍යතා ඉටුකිරීමට මෙලෙස කටයුතු කිරීම පිලිබඳව සිය කනස්සල්ල පලකළ මන්ත‍්‍රීවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවීමට සැබැ උවමනාවක් ඇත්නම් කළ යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අගමැතිවරයෙකු පත් කිරීම බවද අවධාරණය කලේය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කිවේය….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරත වුනා එහිදි කොටි සාමාජිකයන් එතුමාට විරුද්ධව ලොකු උද්ඝොශනයක් කෙරුවා මහින්ද මහත්තයා යන්න හිටපු සෙන්තුල් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට පහර දුන්නා මැලේසියා ශ‍්‍රී ලංකා තානාපති වරයාටත් පහර දුන්නා ඔහු මුස්ලිම් ජාතිකයෙක් එදා බේරුවල සිද්ධියේදි ඒ වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් නායකයන් ඒ ගැන අද කටක් හෙල්ලූවේ නැහැ. ඒ වගේම මේ සිද්ධීන් පිටිපස්සේ ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු සිටි බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. කොටි සංවිධානය මේ වෙනකොට දේශීය හා විදේශීය වශයෙන් ශක්තිමක් වෙමින් තිබෙනවා පහුගිය දවස්වල උතුරෙත් කොටි සංවිධානය ශක්තිමක් වන ආකාරයේ කටයුතු සිදු කෙරුනා ආන්ඩුව මේ පිළිබදව මුනිවත රකිනවා.

ඩෙන්මාර්කයේ වීසා ලබා ගන්න අයදුම් කරන කොට පිරවීමට ඇති පෝරමයේ එක් තැනක සඳහන් වනවා දෙමල ඊලාම් නැමති ජාතියක් පිළිබඳව මීට පෙරත් ඔස්ටේ‍්‍රලියාවේ මෙවැනි පිලිගැනීමක් තිබුනා මෙවා නතර කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නැහැ සංහිදියා නාමයෙන් ආණ්ඩුව කට පියාගෙන ඉන්නවා. දෙශීය හා ජාත්‍යන්තර වශයෙන් ඊලම බිහි කිරීමේ කොටි ක‍්‍රියාකාරකම් වඩා ශක්තිමත් ලෙස ක‍්‍රියාත්මක වන්නේ මේ ආන්ඩුව බලයට පත්වුනාට පසුවයි. මේක කොටින්ට කිරි පොවන කොටි හුරතල් කරන ආන්ඩුවක් රටේ ජාතික ආරක්ෂාව විනාශ කරමින් කොටි උවමනාව ඉටු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා කයිය ගැහුවට ජාත්‍යන්තරය ඉන්නේ අපි එක්ක කිව්වාට කොටින්ගේ ක‍්‍රියාකාරකම් නතර කරන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඬේ මොකක්ද ආණ්ඩුව කොටි හුරතල් කරන්නේ පහුගිය ජනාධිපතිවරණයෙදි ආන්ඩුව දාපු මෙගා ඞීල් නිසයි.

පහුගිය ඉරිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයේදි අපේ පක්‍ෂයේ සභාපතිතුමා කිව්වා අත ලකුනින් ඉදිරි මැතිවරණයට තරඟ කරනවා කියලා ඒ වගේම එතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආන්ඩුවක් පිහිටුවන බව කිව්වා හැබැයි අද පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස ඔහු සහභාගී වෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට කඬේ යන ගමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්නේ කොහොමද? එජාපයයි. ශ‍්‍රී.ල.නි.ප යයි අතර තිබෙන දිගේ අවුරුදු 05 කට දීර්ඝ කරන බව මේ අය කිව්වා. රනිල් එක්ක ලැගලා කොහොමද අපි ඉදිරි මැතිවරණයකදී අපේ ආණ්ඩු හදන්නේ පක්‍ෂ නායකයා හදන්නේ ආයෙත් අපේ පාක්‍ෂිකයන් රවට්ටන්නයි. මේ අයගේ බොරු වලට තව දුරටත් අපේ පාක්ෂිකයෝ රැවටෙන්නේ නැහැ. නියම ශ‍්‍රී ලංකා කාරයෝ එක්සත් ජාතික පක්‍ෂයට මුක්කු ගහන්නේ නැහැ. ඇත්තටම පක්‍ෂය දිවන්න ජනාධිපතිතුමා කරන්න ඔනෑ අපේ අගමැති කෙනෙක් පත් කිරීම.
අත ලකුණින් තරඟ කළ පමණින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකියි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැමදාම ජයග‍්‍රහණය කලේ සංධාන ගතවෙලයි. මේ අත ලකුණින් තරග කරනවා කියන එකේ අරමුන පක්‍ෂයේ නිල අයිතිය ලබා ගන්නවා කියන එකයි. පක්‍ෂය නිළ අයිතිය ලබාගත් පමණින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කරන්න බැහැ. නියම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තිබෙන්නේ මහින්ද මහත්තයා එක්කයි. පක්‍ෂයේ ලකුණවත් පක්‍ෂයේ නමවත් මූලස්ථානයවත් ගත්තට පාක්‍ෂිකයෝ ඉන්නේ ඔවුන් සමග නෙවෙයි අපි සමගයි. එක්සත් ජාතික පක්‍ෂ විරෝධී පුළුල් ජනතා බලවේගයක් බිහි කරලයි. වර්තමාන ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් වෙන්නේ එකාබද්ධ විපක්‍ෂයේ අපි මේ ආන්ඩුවට එරෙහි එම පුළුල් ජනතා බලවේගය ගොඩ නගමින් ඉන්නවා. සැබැ ශ‍්‍රී ලංකා නිදහස් පාෂිකයෝ ඉන්නේ එතැනයි ඉදිරියේදි එන ඔනෑම මැතිවරණයකදි ඒ පුළුල් ජනතා බලවේගයත් සමග සංධානගතව මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි.

මෙහිදි මාධ්‍ය වෙදීන් නැගු ප‍්‍රශ්න සහා රණතුංග මහතා ඊට ලබාදුන් පිලිතුරු මෙසේයි.

ප‍්‍රශ්නය- ඇයි පක්‍ෂ සභාපතිතුමාගේ ආරාධනාව පිළිගන්න බැරි

පිලිතුර- අපි කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට මුක්කු ගහන්න ලැස්ති නැහැ. අපි කියන්නේ ඇත්තටම ජනාධිපතිතුමාට ඔනෑ නම් අපේ පක්‍ෂය දිනවන්න දැන් වුනත් අපේ අගමැති කෙනෙක් පත් කරලා එ කටයුත්ත කරන්න පුලූවන් එහෙම නැත්නම් අපි කොහොමද එතුමා මේ ඇත්තටම සුදානම් වෙන්නේ අපේ පක්‍ෂය දිනවන්නැයි කියලා විශ්වාස කරන්නේ පාක්‍ෂිකයෝ තුල එවැනි විශ්වාසයක් ගොඩ නගා ගන්න තවමත් අපේ පක්‍ෂයේ සභාපතිතුමා අසමත් වෙලා තියෙනවා.

ප‍්‍රශ්නය – ඔය කිව්වට තවම ඔබලාගේ අලූත් බලවේගයට නමක් සලකුනක් පාටක් නැහැනේ. කොහොමද ඉදිරි මැතිවරණ තරග කරන්නේ

පිළිතුර – අපි කියන්නේ මේ ආන්ඩුවට විරුද්ධව පුලූල් ජනතා බලවේගයක් අවශ්‍ය බවයි මේ ආණ්ඩුව ගෙදර යවන්න නම් ආණ්ඩු විරෝධී පුලූල් ජනතා බලවේගයක් ඇති කළ යුතු වනවා මහින්ද මහතා ඇතුලූ එකාබද්ධ විපක්‍ෂයේ අපි ඒ සඳහා නායකත්වය දෙනවා. කලබල වෙන්න එපා සිදුවිය යුතු දේ නියම වෙලාවට සිදුවේවි. ඉදිරියේදි එන ඔනෑම මැතිවරණයකදි අපි මේ ආණ්ඩුව පරාජය කරනවා. පරාජය කරන්නේ කොහොමදැයි අපි එදාට ඔබට පෙන්වන්නම්.

ප‍්‍රශ්ණය – පක්‍ෂය ශක්තිමක් කරන්නට එන්නැයි පක්‍ෂ සභාපතිවරයා කළ ආරාධනයට අනුව එකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඔහු සමග සාකච්චා කිරීමට නියමිත බව මාධ්‍ය වල ඵළ වුනා එවැනි සාකච්ඡුාවකට සුදානමක් තිබෙනවාද?

පිළිතුර – මමත් දැක්කා මාධ්‍ය වල එවැන්නක් ඵළ වෙලා තියෙනවා. අපි කියන්නේ ජනාධිපතිවරයාගේ ආරාධනය ඉටුවෙන්න නම් මුලින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. එහෙම නැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමක් කරන්න බැහැ කියන එකයි අපේ ස්ථාවරය මාධ්‍ය වල ඵල වෙලා තිබුනට ජනාධිපතිතුමාගේ පැත්තෙන් හෝ අපේ පැත්තෙන් ඒ සඳහා කිසිදු කථා බහක් සිදුවී නැහැ අනික කවුරු මොන දේ කිව්වත් අපේ ස්ථාවරයේ වෙනසකුත් නැහැ අපි ඉන්නේ අණ්ඩු විරෝධී ස්ථාවරයක එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ලගිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමක් කළ නොහැකි බව එකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනා දැඩි ලෙස විශ්වාස කරනවා.

ප‍්‍රදීප් අනුර කුමාර.

Top