Breaking
24 Feb 2025, Mon

ඔබත් ගිනී පොලී කාරයන්ට හසුවුනාද?

ක්ෂූද්‍ර ණය සපයන ෆිනෑන්ස් සමාගම්වල නියෝජිතයෝ ගමෙන් ගමට ගොස් ඉල්ලන පරක්කුවෙන් ගැමි කාන්තාවන් ඉලක්ක කර ලබා දෙන ණය මුදල් පිළිබඳවයි.මෙහි බරපතල තත්වය පිළිබඳ රජයට හෝ මහ බැංකුවට හෝ නොමැති බව පෙනී යන්නේ එම ගිනි පොලී ආයතන විසින් අය කර ගන්නා පොලිය පිළිබඳ කිසිම නියාමනයක් නොමැති බව පැහැදිලිවම පෙනී යන බැවිනි.

ඉදිරිපත් කර තිබෙන නිදර්ශණය / සාක්ෂිය ගණනය කිරීම සඳහා යොදා ගත් විට සොයා ගැනීමට ලැබුන සියල්ල පහතින්.
1. වාරිකයක් දින 14කි.
2. වාරිකයක අය කිරීම ලෙස 2423.07 කි

3. රුපියල් 50,000/- ක මුදල වාරික ගණනින් බෙදූ විට ණය මුදලේ වාරිකයක් රුපියල් 1923.08 ක් වේ.
6. පළමු වාරිකයක පොලිය = 2423.08 – 1923.08
= 500.00
7. පළමු වාරිකයේ පොලිය = 500/50000*100*2/52= 26%
එලෙස ගණනය කළ විට

වාරිකය – පොලී ගණනය කළ යුතු ණය මුදල (රුපි) – අය කළ යුතු පොලිය(රුපි)

1 50,000.00 – 500.00
2 48,076.92 – 480.77
3 46,153.85 – 461.54
4 44,230.77 – 442.31
5 42,307.69 – 423.08
6 40,384.62 – 403.85
7 38,461.54 – 384.62
8 36,538.46 – 365.38
9 34,615.38 – 346.15
10 32,692.31 – 326.92
11 30,769.23 – 307.69
12 28,846.15 – 288.46
13 26,923.08 – 269.23
14 25,000.00 – 250.00
15 23,076.92 – 230.77
16 21,153.85 – 211.54
17 19,230.77 – 192.31
18 17,307.69 – 173.08
19 15,384.62 – 153.85
20 13,461.54 – 134.62
21 11,538.46 – 115.38
22 9,615.38 – 96.15
23 7,692.31 – 76.92
24 5,769.23 – 57.69
25 3,846.15 – 38.46
26 1,923.08 – 19.23
එකඟතාවය අනුව අය කළ යුතු පොලියේ එකතුව රුපි. 6,250.00 ඉහතින් සඳහන් කළ ආකාරයට පොලී මුදල වාරිකයෙන් වාරිකයට අඩු වී යා යුතු නමුත් සෑම වාරිකයකම රුපි. 500/- බැගින් අය කරන අතර එහි අනුපාතය ණය මුදලේ අඩු වීමත් සමග වැඩිවේ.

සැබෑවටම අය කරනු ලබන පොලිය = 13,000/-
ණය ලබා දුන් ආයතනය ලබා ගන්නා අයුතු ලාභය = 13,000-6,250 = රුපියල් 6,750/-

මෙය කොළේ සඟවා ගැසීමකි. පොලිය ලෙස 26%ක් සඳහන් කර මහ බැංකුවේ කොන්දේසි වලින් රිංගන මෙම ආයතන වාර්ෂික පොලිය ලෙස අවසාන වාරිකය ලෙස ඉතිරි වෙන රුපියල් 1923.08ට දින 14ක් සඳහා පොලිය ලෙස රුපියල් 500/- අය කරයි. එම දින 14 වාරිකය සඳහා ණය ලබා දෙන ආයතනය අය කරනු ලබන පොලී අනුපාතිකය 676%කි.

මෙය ඉතා බරපතල සූරා කැමකි. ගිනි පොලී යනුවෙන් මෙය හැඳින්විය හැකිද? මෙය ගැමි ජනතාවගේ රීරිමාංශයද සූරා කෑමකි. මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කර ගැමි ජනතාවගේ ආර්ථිකය සූරා කෑම වැළැක්වීමට ක්‍රමවේදයක් වහා සකස් කිරීමට රජයට යෝජනා කරන ලෙස ඉල්ලා සිටිමු.

ජනතාව මෙවැනි ක්‍රම යටතේ ණය ලබාගන්න මූලිකම හේතුව තමයි අපේ රටේ පවතින බැංකු හා අනිකුත් මුලයය ආයතන වල සමහර නීති රීති…
හිතන්න, ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන්න යන කෙනෙක්ට ඊට අවශයය කරන ප්‍රාග්ධනය සපයාගන්න බැංකුවකින් පුලුවන්ද? බැංකුවට ගිය විට ඔවුන් පවසන්නෙ ව්‍යාපාරය ආරම්භ කර වසරක් පමණ ගනුදෙනු කල පසු ව්‍යාපාරය වැඩි දියුනු කිරීම සඳහා බැංකු ණය ලබාගත හැකි බවයි… (බහුතරයක් බැංකු වල මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර එසේ නැතිව සෘජුවම නය ලබාදේනම් ඒ ගැන සඳහන් කරන්න) ඇත්තටම ව්‍යාපාරයක් ඇර්ඹීම සඳහා මුදල් ඇතිනම් ඔවුන් බැංකුව වෙත ණයක් ඉල්ලාගෙන යන්නෙ නැහැ… බැංකුව ණය ලබා නොදෙන නිසා ඔවුන් වෙනත් ක්‍රමයක් හොයනව ඒ ක්‍රමයට පිටුවහලක් වෙන්නෙ මේ ක්ශුද්‍ර ණය පහසුකම…

මේ ගැන සොයා බැලීමක් කරන්න පුලුවන් නම් වටිනව ජනතාව කොයිතරම් සූරාකෑමට ලක් උනත් ඔවුන් විරැද්ද වෙන්න කැමති නැහැ මේ වගේ දෙයක් තහනම් කරනවට හෝ නවත්වා දමනවාට… හේතුව ඔවුන්ගේ මුදල් අවශ්‍යයතා ඉටුකරගැනීමේ පහසුව නිසා…

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.