Breaking
23 Feb 2025, Sun

ඔබේ සිහිනය ඔබ දකින්න 20 වෙනිදා වෙනකම්! රනිල්ගේ ජනාධිපති සිහිනය Left! මන්ත්‍රීධුරයත් අහෝසි!

ජනතාව ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමිම හේතුවෙන් හිස්වු ජනාධිපති ධුරයට පත්වු රනිල් වික්‍රමසිංහ හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රහස් ඡන්දයට නාම යෝජනා ලබා දීමට ව්‍යාවස්ථාව අනුව හැකියාවක් නොමැත.

රනිල් වික්‍රමසිංහ 15 දා දක්වා ජනාධිපති ධුරයේ වැඩ බැලුවේ 37 වගන්තිය යටතේ ගෝඨාභය ජනාධිපති පත්කරන ලද අගමැති පදවියේ සිටි මන්ත්‍රීවරයා ලෙසටය.

නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග 40 වගන්තිය ක්‍රියාත්මක වීම ඇරඹෙන අතර එහිදී රනිල් තාවකාලික වැඩබලන ජනාධිපති බවට පත්වීමත් සමගම තම අගමැති තනතුරෙහි ඇබෑර්තුවක් ඇතිවන බව පවසා ඇති අතර 40(ඇ) වගන්තිය ප්‍රකාරව පවතින කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු ඒ සදහා පත් කල යුතු බව කියා තිබේ.

ඒ අනුව අද සිට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු රනිල් ව්‍යවස්ථාවට අනුව තාවකාලික ජනාධිපති ලෙස පත් වන අතර ඒ සමඟ ඔහු දැරෑ අගමැති තනතුර පමනක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද ශුන්‍ය වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තියට අනුව ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ඉතා පැහැදිලිව දක්වා තිබේ. (කරුනාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියේ (1) හා (2) වගන්ති එක්ව ගෙන හොඳින් කියවන්න.)

32 වගන්තිය පැහැදිලිව කියා ඇත්තේ මෙම තත්වය ජනාධිපති ඡන්දයකින් පත්වු ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිධූරයේ වැඩ බැලීමට පත්වන ජනාධිපතිවරයාටද අදාල වන බවය. ඒ අනුව බලන කල 40 වගන්තියට අනුව වැඩබලන ජනාධිපති ධුරයට නාම යෝජනා භාර ලබා දිය හැක්කේ සහ තෝරා පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රී වරයකුට පමණකි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල්ට 20 දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ඡ්න්දයට නාම යෝජනා ලබා දීමට නීතියෙන් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැත.

ඒ හේතුවෙන් පොහොට්ටුවේ හොරුන්ගේ රැකවලා ලෙස කටයුතු කරන රනිල්ට 20 දා මීලඟ වැඩබලන ජනාධිපති බවට බහුතර ඡන්දයෙන් පත්වීමට නොහැකිය. අඩුම තරමින් නාමයෝජනා ලබා දීමටද නොහැකි බව ඉතා පැහැදිලිය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.