Breaking
20 Apr 2025, Sun

ඔලු දෙකේ මර්වින් යහපාලනයෙන් බෞතීස්ම කරයි

තමන් ඝාතනයන්,පැහැර ගැනිම්,පහරදිම් මුල්‍ය වංචා කලේ රාජපක්ෂලාගේ ඉල්ලිමට බවත් ඒ සදහා වන සාක්ෂි තමන් සතුව ඇති බවත් පෙරේදා FCID හමුවේ බොරු සාක්ෂි ලබාදිමට යහපාලනයෙන් බෞතීස්ම ලැබු කැළණියේ වසලයෙකු වන මර්වින් සිල්වා කටයුතු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව අද වසල මර්වින් සිල්වා යහපාලන රජයේ අනුග්‍රහයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් තමා මැදිහත් වී ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවා ගන්නා බව පැවසු අතර ඒදා සියලු දේ සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මතයි. ඔවුන්ගේ බොහෝ අවශ්‍යතාව වෙනුවෙන් මට පෙනී සිටීමට සිදු වුණා. අද සිට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මම යනුවෙන් මහා ප්‍රසරම්ද දොඩවා තිබේ.

නියම ඒකාබද්ද විපක්‍ෂය අයිතිය ඇත්තේ තමන්ට බවත් මෙතැන් සිට ඒකාබද්ද විපක්‍ෂය ලෙස හඳුන්වන්නේ තමන් ඇතුළු පිරිස බවත් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය මාධ්‍ය හරහා වැරදි විත්‍රයක් මැවිම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ බලු පත්තර කඩමල්ල වන “ලංකාදිපය”යොදවාගෙන ඇති අතර අද රාත්‍රීයේ රජ්‍ය මාධ්‍ය හරහද සංදර්ශණයක් පෙන්විමට මේ වනවිටත් කටයුතු සම්පාදනය වෙමින් තිබේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එක පිට එක මෛත්‍රිපාල සිරිසේනට ගොට්ට ඇල්ලීමේ යම් රහසක් ඇති බව අප මීට පෙර දිනවලදීත් හෙළි දරව් කල අතර කාපු පිගානට අත සේදීමට මර්වින් තරම් දක්ෂ අයෙකු දේශපාලන ඉතිහාසය තුළ තවත් නොමැති බව ඔහුගේ ක්‍රියාකලාපයන් තුළින් ඔහු පෙන්වා හමාරයි.මේ දක්වා ඇති විඩියෝව නරඹන්නන්….එක්සත් ජාතික පක්ෂයට කොන්දක් තිබේද?

මේ පාදඩ ඇමතිවරයා රෙදි ඇදගෙන රෙදි නො ඇන්දාසේ පසුගිය දිනවලදී මාධ්‍යට ප්‍රකාශ කලේ තමන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා කටයුතු කල බවයි.එසේම ගෝඨාබය රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂගේ හොර එළි කරමින් අංක 01ට පෙනී සිටීමට මේ ජඩ ඇමතිවරයා කටයුතු කල අතර පසුගිය ජනාධිපතිවරණයේන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විමෙන් පසුව මංගල සම්රවිර විසින් හැදු ජනවාරි 8 වැනිදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ද බොරු කතා මාධ්‍ය හරහා ප්‍රකාශකරමින් යහපාලනයට හේත්තුව විමට උත්සහ ගත්තද එය අසාර්ථකවිය.

දැන් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලය රූකඩ සිරිසේනගෙන් ගිලිහියන නිසා සිල්වා වැනි ඔළු දෙකේ සත්තුද යහපාලනයට එකතු කරගෙන ඇති අතර දැන් සිල්වාගේ හොදම යාලුවා ගාල්ලේදි පසුගියදා යහපාලනයෙන් බෞතීස්ම ලැබු සජින් වාස් ගුණවර්ධන වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති රූකඩ සිරිසේනගේ මෙහෙයවීමෙන් මර්වින් සිල්වා කාබද්ධ විපක්ෂයට විරුද්ධව මඩ ගැසිම ආරම්භ කර තිබේ.

නිදසුනක් ලෙස මහදවල් සිරසට ගල් ගසා සිරසට ගේමක් දීමේ මර්වින් සිල්වා මෙහෙයුම ගනිමු. එම මෙහෙයුම තමාට විරුද්ධව යමක් කියන එකම රූපවාහිනි මාධ්‍යයට සත්තමක් දැමීමේ ආන්ඩුවේ අභිලාෂයෙන් වෙන්ව විග්‍රහ කිරීම අතාර්කිකය. නමුත් එවැනි චන්ඩි වැඩක් ආන්ඩුවට නිල වශයෙන් කල නොහැක. සිල්වා වැනි නොනිල ඒජන්තයන් අවශ්‍ය වනුයේ මේ සදහාය. මෙම නොනිල ඒජන්තයන්ගෙන් තමාට ලැබෙන “වාසි” වෙනුවෙන් ඔවුන්ට කැමති ලෙස හැසිරීම නැමැති බලපත්‍රය බලාධිකාරය විසින් සපයා දෙනු ලැබේ. තමාට වැඩ ගත හැකි තාක් දුරට මෙම ඒජන්තයන් බලාධිකාරය විසින් යොදා ගැනේ. ඒජන්තයා තවදුරටත් වැඩ ගත නොහැකි ලෙස දුර්වල වූ විට හෝ ඒජන්තයා තමාට “වාතයක්” වන බව පෙනී ගිය විට සියලු පාපයන්ගේ වගකීම එම ඒජන්තයා මත ආරෝපනය කොට ඒජන්තයාව බිලි දෙනු ලැබේ. මර්වින් සිල්වාට දැන් සිදුව ඇත්තේ එයයි. විපක්ෂයේ ප්‍රහාරයන්ට ආන්ඩුව ලක් කරන මෙම ප්‍රාදේශීය චන්ඩියා තවදුරටත් එලෙසම තබා ගැනීම රජයට වාතයකි. මේ මොහොත මේ නිසා ඒජන්තයා මත සියලු පවු පවරා ඔහුව කපා දමන මොහොතයි. වරදකරු කේවල ඒජන්තයාය. ඒජන්තයා පසුපස පැවති බල හස්තය නිකැලැල්ය. නිරුපද්‍රිතය.

මේ අර්ථයෙන් පීඩිත අවවරප්‍රසාදිත ස්ථරයක උපත ලැබ,බලාධිකාරියේ ඉත්තන් වෙමින් විවිධ වරප්‍රසාද ලැබ ඉහලට බඩ ගා ගන්නා මර්වින් සිල්වා,කුඩු ලාල් වැනි චරිත එකම මොහො‍තේ පිලිකුලට මෙන්ම අනුකම්පාවටද ලක්විය යුතු සත්ව විශේෂයක් වන්නේය. මොවුහු හපාකන කෙලතොලු සුනඛයන් වීම මත පිලිකුල් සහගතය. එසේම කොයි මොහොතේ හෝ පාලකයාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ලක්වීමට නියමිත ඉත්තන් සමූහයක් වීම මත අනුකම්පා කටයුතුය.

MSSS
ජනතාව නොමග යවන ලංකාදිප ටොයිලට් පත්තරය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.